27 April 2024
#දේශීය

ඒකාබද්ධය දවල් හීන දකිනවා – ඇමැති මහින්ද කියයි 

කොළඹ වටලලා ආණ්ඩු පෙරළනවා කියලා ඒකාබද්ධ විපක්ෂේ දකින්නේ දවල් හීනයක් බවත් ඔය උද්ඝෝෂණේ මහජන හිංසාවට කරන එකක් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පසුගිය සෙනසුරාදා ( 01) ඇඹිලිපිටිය කෝන්කටුව උඩවෙල මහවැවේ ප්‍රතිසංවර්ධන කටයුතු අරඹමින්.  

එහිිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය ” විපක්ෂයට ගියාම පාක්ෂිකයෝ රවටන්න මොන මොනවාහරි කරන්න ඕනැනේ. ඒකාබද්ධ විපක්ෂේ 2015 ඉඳලා පළමු වෙඩිමුර කීයක් තිබ්බ ද? හැමදාම කියනවා, හෙට ආණ්ඩුව ඉවරයි, අනිද්දා ඉවරයි, තව පෝයකින් ඉවරයි, තව  වෙසක් පෝයවල් දෙකයි කියලා. එහෙම කියලා උද්ඝෝෂණ කීයක් කළා ද? හැබැයි ඒ එකක්වත් මේ ආණ්ඩුවට දැනුණේ නැහැ. ඒ වගේම ඔය සැප්තැම්බර් මාසේ තියන උද්ඝෝෂණයත් නිකම්ම නිකම් පුස් වෙඩිල්ලක්  විතරයි. යැයි අමාත්‍යවරයා කියා සිටියේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *