• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලාභෙට විදුලිය දෙන්න පුළුවන් ප්‍රභවය පිළිබඳව කතා කරපු ගෝඨාභයව ගෙදර යැව්වා – මන්ත්‍රී රංජිත්

27 October 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2015 – 2023 දක්වා ලංකාවේ විදුලිබලය ජනනය කිරීමට සැලැස්මක් නොතිබු අතර සහන මිලකට විදුලිය දීමට හැකි ප්‍රභවය පිළිබඳව කතා කළ ගෝඨාභය ජනපතිව සහ මහින්ද රාජපක්ෂ මහතාව අරගලයක් විසින් ගෙදර යැවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා, “විදුලිබිල ඉහළ යාම පිළිබඳව අපි අපේ මතය එදා ප්‍රකාශ කළා. අපි විවිධ මට්ටම්වලින් දේශපාලනයේ නිරතවෙලා ඉන්න හින්දා මේ සම්බන්ධයෙන් සැබෑ අපහසුව තියෙන්නේ කාටද කියලා අපි දන්නවා. මේ රටේ කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට, විවිධ මට්ටම්වල ආදායම් ලබන හැම කෙනෙකුටම මෙය දරාගන්න බැහැ. විදුලිබල මණ්ඩලය හෝ අදාල අමාත්‍යාංශය අපෙන් අහලා තීන්දු ගන්නේ නැහැ. එහෙම තීන්දුවක් ගත්තනම් අපිට තිබුණා ඒ ගැන අපේ අදහස මේ ආකාරයට කියන්න. එය නොකළ යුත්තක් කියලා. ඒ වුණාට අවාසනාවකට මේ විදුලි මිල ඉහළයාම පිළිබඳව අපිට නිවන් සුව ප්‍රාර්ථනා කරන පිරිසක් සිටිනවා. ඒ පිරිස ගැන මතක් කරන්න ඕන. අපි ලෝකයේ ඉහළම වියදම දරන්න වන ඩිසල් වලින් තමයි ජනනය කරන විදුලිබලයෙන් 35% ම ජනනය කරන්නේ. ලෝකයේ සමාන්‍යයෙන් ඩිසල් බලාගාරවලින් ජනනය වන්නේ 2.5% යි. අපි 35% ඩිසල් බලාගාර පවත්වාගෙන යන තැනක ඉඳලා තමයි මේ මිල ඉහළයාමේ ඇත්ත තර්ජනයට මුහුණදිලා තිබෙන්නේ. 2005 – 2014 කාල තුළ නොරොච්චෝලේ බලාගාරය හදලා මෙගාවොට් 900 ක ධාරිතාවක් ගල් අඟුරුවලින් ජනනය කරපු විදුලිබලය අපේ විදුලි පද්ධතිය එකතු කරන්නේ. තව 300 ක් අපිට එයට එකතු කරන්න තිබුණා. ඒ අවස්ථාවේ අපිට තිබුණා මෙගාවොට් 600 ක සාම්පූර් බලාගාරය හදන සැලැස්ම. පාරට බැහැලා , උසාවි ගිහින්, මිල අඩු විදුලිබල ජනනය අකුල් හෙලුවේ කවුද? ඒ අයම තමයි මේ අපිට කියන්නේ නිවන් දකින්න කියලා. 2015 – 2023 දක්වා ලංකාවේ විදුලිබලය ජනනය කරන්න සැලැස්මක් නැහැ. ලාභෙට විදුලිය දෙන්න පුළුවන් ප්‍රභවය පිළිබඳව කතා කරපු ගෝඨාභය ජනාධිපතිතුමා ගෙදර යැව්වා. ඒ නිසා මිනිස්සු පාරට බස්සන පිරිස් කල්පනා කරන්න ඕන මේ රටේ ලාභෙට දෙන්න විදුලිබලය ජනනය කරපු මහින්ද රාජපක්ෂ මැතිතුමාව ගෙදර යවලා, ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාව ගෙදර යවලා දැන් එනවා අපිට නිවන් සැප ලැබේවා කියන්න. ඒ වගේම මේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මතය පිළිබඳව තීන්දු තීරණ ගන්න අපේ පක්ෂයෙන් ඡන්දය දිනලා පාර්ලිමේන්තු ආපු ස්වාධීන වෙච්ච බොහෝමයක් මන්ත්‍රිවරු කල්පනාකරගෙන ඉන්නවා. අපේ පක්ෂයේ ඕනතරම් පක්ෂයට උපදෙස් දෙන්න පුළුවන් මට්ටමේ වියතුන්, බුද්ධිමතුන්, උගතුන් ඉන්නවා.අපේ පක්ෂය තමයි ලංකාවේ එකම දේශපාලන පක්ෂය Political academic තියෙන. අපේ දේශපාලනය කරන පිරිස් දේශපාලනය ඉගෙන ගන්නවා. ඒ නිසා මිනිස්සු ගල් ගහන්නේ වට්ටන්න පුළුවන් සීමාවේ විතරයි. හැබැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සීමාව පහුකරලා. ඒ නිසා එළියේ ඉඳන් ගල් ගහන අය අපි දන්නවා තව ටික දවසකින් නරඹන්නෝ බවට පත්වෙනවා. ඒ නිසා එතකන් අපි මේ ගමන හිමින් යනවා. අපි අයවැයට පක්ෂව ඡන්දව දෙනවාද? අයවැය පිළිබඳව විවේචන ඉදිරිපත් කරනවාද? කියන එක අපි පක්ෂයක් විදිහට තීන්දු කරන්නේ. ඒ නිසා පක්ෂය එවැනි තීන්දුවක් ගත්තොත් එය අපි කියන්නම්. ඒ නිසා අපිට අභියෝග කරන ඕනම කෙනෙකුට පුළුවන් නම් පුංචි මැතිවරණයක් තනියම තරඟකරලා දිනන්න. එතකොට අපිට කරපු අභියෝගය අපි භාරගත්තා වෙනවා. නොවැම්බර් මාසයේ 03 දා අපි අපේ පක්ෂයේ 07 වන සැමරුම ආරම්භ කරනවා. අපි ඒ වෙනුවෙන් 03 වනදා රත්‍රීයේ මහ සංඝයා වහන්සේලා සිය නමකට අධික පිරිසකට සම්බන්ධ වන සෙත් පිරිස් සජ්ඣායනයකට පක්ෂ මූලස්ථානයේදී පැවැත්වෙනවා. නොවැම්බර් 04 වෙනිදා අපි හීල් දානය පිරිනමනවා පක්ෂ මූලස්ථානයේදී. අපේ පක්ෂයේ සියලු මට්ටම්වල පිරිස් මේ කටයුත්තට සම්බන්ධ වෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන කමිටුවක් මඟින් තමයි මේ කටයුත්ත සංවිධානය කරන්නේ. ඒ නිසා අපි ඔබලාට ආරාධනා කරනවා. ඊයේ අපි දැක්කා ගරු ජනාධිපතිතුමා තරඟකාරි ආර්ථිකයත් එක්ක ඉදිරියට යන අයවැයක් තමයි ඉදිරිපත් කරනවා කියලා ප්‍රකාශ කළේ. අපි පොදුජනතාව නියෝජනය කරන දේශපාලන පක්ෂයක් විදිහට කල්පනා කරනවා අපේ රටේ අපිට තවදුරටත් වර්ධනය කරන්න පුළුවන් සේවා අංශයක් , කර්මාන්ත අංශයක් තිබෙනවා. අපි තවම යැපුම් මට්ටමටයි කෘෂිකාර්මික කටයුතුවල නිරතවෙලා ඉන්නේ. ඒ නිසා දේශීය කෘෂිකර්මාන්ත අංශය දේශීය ආර්ථිකය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙලක් වෙත අවශ්‍ය කරන සානුබල ඉදිරි අයවැයේ දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉදිරි අයවැයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂාව දැනට මිනිස්සු මුහුණදෙන ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරු ලබාගැනීම. අපි ජනාධිපතිතුමාට සහයෝගය ලබාදුන්නේ රාජ්‍ය ආරක්ෂා කරගන්න. රාජ්‍ය ආරක්ෂා කරගන්න නම් ආර්ථිකය යම් ස්ථාවර තැනකට අරගෙන යායුතුයි. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙනි සිටිනවා.”යනුවෙන් මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 7
Previous Post

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 210ක් වහා ම පිරවීමට පියවර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Next Post

නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ මුළුමණින්ම නීත්‍යානුකූලයි – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්

editor

editor

Next Post

නැගෙනහිර පළාතේ ඉඩම් බෙදාදීමේ මුළුමණින්ම නීත්‍යානුකූලයි - නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

කොළඹ නගර සභාවට එජාපයෙන් මාලිමාවට සහය ?

6 June 2025
මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

මව් කුසක් නිර්මාණය කරමින් ජෛව තාක්ෂණයේ පෙරළිකාර පිම්මක්

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ගෙවත්තක කිඹුලෙක්

ගෙවත්තක කිඹුලෙක්

6 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved