27 April 2024
#දේශීය

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු 210ක් වහා ම පිරවීමට පියවර – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු 210ක් සඳහා වහා ම බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සාමාජිකයන් සමග ඊයේ (26) දින මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුව දී ය.

මීට අමතරව දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙ අනුමැතිය හිමි තනතුරු 66ක් සඳහා බඳවා ගැනීමේ කටයුතු ද කඩිනම් කරන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේ ය.

මෙරට රාජ්‍ය ආදායමෙන් 60%ක පමණ දායකත්වය දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහ උපරිම පහසුකම් සැලසීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා එහි දී පැවැසීය. බදු ජාලය ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල්කරණය හඳුන්වා දීමේ ප්‍රධාන පියවර වන රැමිස් පද්ධතිය ක්‍රියාත්මක කිරීමට සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *