වත්මන් රජය බුදු දහම සහ මහා සංඝරත්නය නොසලකා හැර ඇති බවට ඇතැම් පිරිස් පදනම් විරහිත මතයක් සමාජගත කිරීමට උත්සාහ කරන බව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පවසයි. පසුගිය වසරක කාලය තුළ රජය බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් උපරිම මැදිහත්වීමක් සිදු කර ඇති පසුබිමක, රජයට විරෝධය පළ කරමින් සඟ සමුළු පැවැත්වීම කිසිසේත්ම සාධාරණ නොවන බවත්, එවැනි කටයුතු පිටුපස සැඟවුණු දේශපාලන අරමුණු පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් චෝදනා කළේය.














