පසුගිය රජයන් සමයේ සිදුවූ මහා පරිමාණ වංචා සහ දූෂණවලට අදාළව වත්මන් රජය සෘජුවම නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බැවින්, ඉන් බියට පත් විපක්ෂය මේ වන විට දැඩි ලෙස කලබලයට පත්ව විවිධ ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.
ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු (DCC) නිල රැස්වීමට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ, වත්මන් රජය කිසිදු දේශපාලන පළිගැනීමකින් තොරව, අතීතයේ සිදුවූ දූෂණ වංචා පිළිබඳ පරීක්ෂණ අතිශය විනිවිදභාවයකින් (Transparent) යුතුව සහ ස්වාධීනත්වයකින් යුතුව සිදුකරන බවයි. වැරදිකරුවන්ට දඬුවම් ලැබීම වැළැක්විය නොහැකි බව වැටහීම නිසා විපක්ෂය රජයේ ගමන අඩාල කිරීමට උත්සාහ කරන බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙම විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මූලික කටයුතු ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ සහභාගීත්වයෙන් සහ මෙහෙයවීමෙන් සිදුවූ අතර, දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ නියෝජිතයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් රැසක් ද මේ සඳහා එක්ව සිටියහ. මෙහිදී දිස්ත්‍රික්කයේ පවතින සංවර්ධන ව්‍යාපෘති සහ මහජන ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි.
















