වතු ජනතාව මුහුණ දී සිටින දීර්ඝකාලීන ගැටලු සඳහා වත්මන් රජය ලබාදුන් විසඳුම් අගය කරමින් සංවිධානය කරන ලද විශේෂ ප්‍රසාද පූජා උත්සවයක් කහවත්ත ඕපාත වතු යායේදී අද (13) පැවැත්විණි. මෙම අවස්ථාවට සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා අවධාරණය කළේ වතු ප්‍රජාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය, නිවාස මෙන්ම ඉඩම් අයිතිය වැනි මූලික අවශ්‍යතා ඉටුකිරීමට රජය මේ වන විටත් සාර්ථක පියවර රැසක් ගෙන ඇති බවයි.
ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කෙරෙහි විශ්වාසය තබමින් තමන් කළ ඉල්ලීම් ඉටුකර දීම පිළිබඳව එහිදී වතු ජනතාව සිය ස්තූතිය පළ කළහ. විශේෂයෙන්ම වතු ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් සංවර්ධනය සහ පවුල්වල ආර්ථික මට්ටම ඉහළ නැංවීමට රජය දක්වන උනන්දුව මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්විය. රජය සහ වතු ජනතාව අතර පවතින සබඳතාවය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරි සංවර්ධන කටයුතු සිදුකරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














