• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව රුපියලේ ආදායම රුපියල් පහට වියදම් කිරීම ප්‍රශ්ණයක් – මන්ත්‍රී පාඨලි

28 January 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

2015 ඉඳන් තිබුණු අයවැය හිඟය රුපියලක ආදායමක් තියෙනකොට රුපියල් දෙකක් වියදම් කිරීම පිළිබඳව ප්‍රශ්නයක් බවත් මේ අවුරුද්දෙ ආණ්ඩුවේ ප්‍රශ්නෙ රුපියලක ආදායමක් තියාගෙන රුපියල් පහක් වියදම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ(27) දිනයේ අනුරාධපුර දිස්ත්‍රික් ’43 සේනාංකයේ’ ක්‍රියාකාරිකයන් විසින් සංවිධාන කර තිබූ විශේෂ හමුවකට එක්විය.

එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුව කියන පාරවල් ලක්ෂය, තට්ටු නිවාස 100, වැඩ සමඟ ගමට කියන සටන් පාඨ, ඕව ඉතාම සුලු ප්‍රමාණයක් කිරීමට හැකි බවයි. නමුත් සැබෑවින්ට ආණ්ඩුවට සල්ලි නොමැති බවත් ආණ්ඩුවට මෙවර ලැබෙන බදු ආදායම ප්‍රමාණවත් වෙන්නේ මේ වසරේ ණය වාරිකයේ තියෙන පොලිය ගෙවන්න පමණ බව හෙතෙම පැවසිය.

එහිදී රටේ පවතින ආර්ථික අර්බුදය පිළිබඳ අදහස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ,

පසුගිය ජනවාරි 19 වන දින ආණ්ඩුවට තිබුණා විදේශ මුදල්වලින් ගත්ත ඩොලර් මිලියන 200 ක ණයක් පියවන්න. ඒ අනුව මහ බැංකුව ලංකාවේ බැංකු වලට කිව්ව මේ ඩොලර් මිලියන 200 අපට ලබාදෙන්න කියල 01% පොලියට. නමුත් කිසි බැංකුවක් ඉදිරිපත් වුණේ නෑ 1% පොලියට එය ලබාදෙන්න. ඇයි ඒ අය ඉල්ලුවේ 1% පොලියට දෙන්න කියල ? මොකද මහ බැංකුවත් අරන් තියෙන්නෙත් 1% පොලියට. 7% පොලියට ගන්නම් කිව්ව. කොච්චරක්ද ? ඩොලර් මිලියන 200 න් ඩොලර් මිලියන 44 ක්. ඒක තමයි කතාව.

ඒ කියන්නේ මේක වෙළෙඳපොළට දැම්මහම 22% ක් විතරයි වෙළෙඳපොලෙන් ප්‍රතිචාර ආවේ. ඒ නිසා ආණ්ඩුවට සිද්ධ වුණා භාණ්ඩ ගෙන්වන්න තියෙන සල්ලිවලින් ඉතුරු ටික පියවල ඒ ණය ගෙවා දාන්න. නැත්නම් ජනවාරි 19 වෙනිදාම ලංකාව බංකොලොත් වෙනවා.

දැන් බඩු ගේන්න සල්ලි නෑ. දැන් රුපියල සීග්‍රයෙන් අවප්‍රමාණ වෙමින් 200 පන්නනකොට තව ඩොලර් මිලියන 100 ක් බඩු ගේන්න තියෙන ඒවගෙන් දැම්ම රුපියල පවත්වාගෙන යාම සඳහා. රුපියල 200 ගාණට තියන් ඉන්නෙ මේ පළවෙනි දවස් 15 ඩොලර් මිලියන 100 ක් මහබැංකුව වෙළෙඳපළලට දාපු නිසා. ඒ සල්ලි කොහෙන්ද ? ඒ සල්ලි ඔය ආණ්ඩුව බනින යහපාලන ආණ්ඩුව 2019 ඉතුරු කරපු සල්ලි. ඒවයෙන් තමයි දැන් ඔය ඩොලරය ආරක්ෂා කරගෙන ඉන්නෙ.

මේ ආකාරයට ගිහිල්ල පුළුවන් ද රට කරන්න ? මේ වසරේ අපට තියෙන්නෙ ඩොලර් මිලියන 200 ක් ගෙවන්න නෙමෙයි, ආසන්න වශයෙන් ඩොලර් මිලියන 7000 ක විදේශ ණය අපට මේ වසරේ ගෙවන්න තියෙනවා. මේක ගෙවා ගැනීමට අද අපට ඉතාමත්ම අපහසු, නොහැකි තත්ත්වයක් තියෙනවා. මං දන්නෙ නෑ ආණ්ඩුවේ ඉන්න කී දෙනෙකුට මේව තේරෙනවද කියල.

වැව් ගොඩකරනව, ගස් කපනව, කැලෑ එළි කරනවා, වැලි කළුගල් පර්මිට් ඉවත්කරල ඒව කපනව, පිස්සුවෙන් වගේ ධනය පස්සෙ යනවා. ඒ අතරේ රටේ කවදාවත් නොකළ ආකාරයට මුදල් අමාත්‍යාංශය මැදිහත්වෙලා රාජ්‍ය අරමුදල්වලට හානි කරනවා, සීනි ගැසට්ටුව වෙනස් කළා වගේ. ඒ හරහා ව්‍යාපාරිකයන් දෙතුන් දෙනෙකුට ප්‍රකෝටි ගණන් හම්බකරගන්න දුන්න වගේ.

දේශීය නිෂ්පාදනය හැරුණම මේ රටට සීනි ගෙන්වන්නෙ පිටරටින් ටොන් 550,000 ක්. ඔක්තෝම්බර් මාසේ 13 වෙනිදා ආණ්ඩුව තීරණය කරනවා සීනි කිලෝව රුපියල් 85 යි කියල. ඒ සඳහා සීනි මත පනවල තිබුණු රුපියල් 50 ක බද්ද ඉවත් කරනවා. ඒ වෙනකොට ආණ්ඩුවට හිතවත්ම ව්‍යාපාරිකයෙකුගෙ නැව කොළඹ වරායට කිට්ටු වෙලා. ඒ නැව කොළඹ වරායට එනවා, එක දිගටම ඔහුගෙ නැව් එනවා. ඇවිල්ල ඔහුගේ සීනි තොග ගබඩාවට යනවා. මාස තුනකට මේ ගැසට්ටුව ගහන්නෙ. ඔක්තෝම්බර් 13 යි ජනවාරි 13 යි අතරේ සීනි ටොන් 230,000 ක් මේ රටට එනව. ඒවයෙ සම්පූර්ණ දත්ත අප සතුව තියෙනවා.

ජනාධිපතිතුමා රේගුවට ගිහින් තරවටු කරන්නෙ ඒකයි. මොකද මේ දත්තය එළියට ඇවිල්ල එතුමන්ලගෙ දූෂණයක් නෑ, වංචාවක් නෑ, පිරිසිදු චරිත කියපු එකේ රෙද්ද ගැලවිච්ච නිසා තමයි එතුමට සිත් වේදනා ඇතිවෙලා තියෙන්නෙ. වෙන මොකක් නිසාවත් නෙමෙයි. රේගුවෙ ඇති හොරකම්. හැබැයි මේ හොරකම වගේ හොරකමක් වෙලා නෑ. මේ තමන්ගේ අහිංසක මිනිහගෙ කහට කෝප්පෙන්, සීනි ටිකෙන් ගහපු මුදල ආසන්නයෙන් රුපියල් බිලියන 10 ක් (මිලියන 10,000). මේ රටේ පුරවැසියො සියලු දෙනාටම කෝවිඩ් එන්නත දෙන්න යන්නෙ බිලියන 08 යි. ඒකටත් ණයක් ඉල්ලුව ලෝක බැංකුවෙන්. මේ රටේ අපි ඇතුළු සියලුදෙනාටම එන්නත එක පාරක් දෙන්න යන්නෙ බිලියන 08 යි. (මිලියන 8000 යි) හැබැයි මේ සීනි වංචාවෙන් හිතවත් ව්‍යාපාරිකයට ලබාදීපු ගණන මිලියන 10,000 ඉක්මවල තියෙනවා.

පොල්තෙල් වලටත් එහෙම වැඩක් කළා ජූනි මාසෙ. පොල්තෙල් නැව එනකොටම කිලෝවට 150 ක් වෙලා තිබුණු බද්දෙන් රුපියල් 125 ක් ඉවත් කළා. ඒ වගේම නැව් ටික ආවට පස්සෙ ආයෙ අනෙක් අයට බද්ද පැනෙව්ව. පොල්තෙල් ටිකෙන් ගහනවා. මෙහෙම පුළුවන්ද ආණ්ඩුවක් කරන්න ?

මෙහෙම අමු අමුවේ නීති උල්ලංඝණය කර කර, සැනිටයිසර් එකෙන් ගහනව, පොල්තෙල් ටිකෙන් ගහනව, සීනි වලින් ගහනව, අමු අමුවේ මේව එළිදරව් වෙනවා, මේ දුකට පත්වෙලා ඉන්න ජනතාවගේ වේදනාවන් වලට මේක විසඳුමක් ද ? දැවැන්ත විදේශ ණය අර්බුදයට මේක විසඳුමක් ද? දේශීය ණය අර්බුදයට මේක විසඳුමක් ද ? මම ආණ්ඩු ගණනාවක හිටිය. හැමදාම අය වැය හිඟයක් තියෙනව කියල කියනවා, ඇත්ත. හැබැයි අද තියෙන අය වැය හිඟය වගේ ප්‍රශ්නයක් නෙමෙයි.

2015 ඉඳන් තිබුණු අයවැය හිඟය රුපියලක ආදායමක් තියෙනකොට රුපියල් දෙකක් වියදම් කිරීම පිළිබඳව ප්‍රශ්නයක්. හැබැයි මේ අවුරුද්දෙ ආණ්ඩුවේ ප්‍රශ්නෙ රුපියලක ආදායමක් තියාගෙන රුපියල් පහක් වියදම් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඔය කතා කරන පාරවල් ලක්ෂය, තට්ටු නිවාස 100, වැඩ සමඟ ගමට කියන සටන් පාඨ, ඕව ඉතාම සුලු ප්‍රමාණයයි කරන්න පුළුවන්. මේව කරන්න ඇත්තටම ආණ්ඩුවට සල්ලි නෑ. ආණ්ඩුවට මෙවර ලැබෙන බදු ආදායම, (මම අග්‍රාමාත්‍යතුමාගෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් අහල දැනගත්තා) ප්‍රමාණවත් වෙන්නේ මේ වසරේ ණය වාරිකයේ තියෙන පොලිය ගෙවන්න පමණයි. වෙන මුකුත් කරන්න බෑ. ණයේ වාරිකය ගෙවන්නවත්, පඩි ගෙවන්නවත්, සමෘද්ධි, සංවර්ධන මේ කිසිවකට සල්ලි ඉතුරු වෙලා නෑ.

ඒ වගේම දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ණය ගන්න බැරිකම. ඉස්සර අපිට ණය ගෙවන්න ණය ගැනීමේ හැකියාව තිබුණා. මම කලින් කිව්ව ජනවාරි 19 වෙච්ච දේ. ඩොලර් වලින් ගන්න ගියාම 22% යි ආවෙ. රුපියල් වලින් ගන්න ගියා ගිය අවුරුද්දෙ ඔක්තෝම්බර් මාසෙ. භාණ්ඩාගාර බිල්පත් හරහා. දේශීය මුදල් වෙළෙඳපොලෙන් ආවෙ 45% යි. ඉතුරු ටික කළේ මොකක්ද, බියගම ෆැක්ට්‍රිරියෙන් සල්ලි අච්චු ගහල දැම්ම.

2019 ආර්ථිකය කෑවයි කියන යහපාලන ආණ්ඩුව මුද්‍රණය කරල තියෙන්නෙ රුපියල් බිලියන 04 ක මුදල්. හැබැයි 2020 අභාග්‍යයේ මාවතේ මුද්‍රණය කරපු මුදල් ප්‍රමාණය බිලියන 660 ක්. මතක තියාගන්න රාජ්‍ය ආදායම බිලියන 1,300 යි. ඒකෙන් අඩකට වැඩි ප්‍රමාණයක් ම අච්චු ගහපු සල්ලි. ඒකයි මේ බඩුමිළ ඉහළ යන්නෙ. හාල් පොල් මිල මිනිසුන්ට දරාගන්න බැරි විදියට ඉහළ යන්නෙ.

ධන කුවේරයින්ට විශාල සහන ප්‍රමාණයක් දීල තියෙනවා. හැමදාම මොකක් හරි පුංචි මැජික් එකක් පෙන්වනවා. එක දවසක කියනවා, අපි පොලී අනුපාත ඉතාම අඩුවෙන් පවත්වාගෙන යනව. දැන් ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරන්න පුළුවන් නිදහසේ අඩු පොලියට, 4% ට 5% ට අපි පොලී දෙනව කියල. කට්ටිය ආසාවෙන් ඒක අහන් ඉන්නවා. එහෙම ගන්න අයත් ඉන්නවා. හැබැයි කාගෙන්ද ඒ පොලී අනුපාත අඩු කරල තියෙන්නේ ? ඒ අඩු කරල තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි, භාණ්ඩාගාර බිල්පත් වලට දාල අඩු පොලියක් ඒ සේවකයින්ට ලබාදීල තමයි ඒ සහනය ව්‍යාපාරිකයන්ට ලබාදීල තියෙන්නෙ. එය යුක්ති සහගත ද ?

වැඩකරන මිනිසුන්ගේ පොලිය කපල ඒකෙන් ලැබෙන ධනය ව්‍යාපාරිකයාට ලබාදීම යුක්ති සහගත ද ? මේක ද ව්‍යාපාරික ලෝකයේ තත්ත්වය ?

මේ දවස්වල කොටස් වෙළෙඳපොල නගිනව කියල කියනවා. කොටස් වෙළෙඳපොල ලෝකයේ පළමු තැනට ඇවිත් කියල කියනවා. කී දෙනෙක්ට ඒකෙන් සහන ලැබිල තියෙනවද ? ප්‍රධාන මට්ටමේ ව්‍යාපාරිකයො දෙන්නෙක් ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයා වීම සඳහා තරඟයක් කරගෙන යනවා. 4% පොලියට බැංකු වලින් ණය අරගෙන 20% ක්, 25% ක් ප්‍රති ආයෝජන ලැබෙන කොටස් වෙළෙඳපොළට දානවා. ඒකයි මේ වෙමින් තියෙන්නේ. අපිට පේනවා මේ ඔක්කෝම තාවකාලික චූන්. මේවයෙන් සාමාන්‍ය ජනයාගේ ආර්ථික ප්‍රශ්නයවත්, වෙනත් කිසිම එකක්වත් විසඳෙන්නේ නෑ. ඒ නිසා මේ වසර ඇතුළත නැත්නම් ඊළඟ වසර ඇතුළත භයානක ණය අර්බුදයක් විසින්, ණය ගෙවාගත නොහැකිවීම විසින් ණය ගෙවාගන්නවත් ණය ගැනීමට නොහැකිවීම විසින් අප ඇද වැටෙනවා.

Post Views: 0
Previous Post

මීලඟ වොලිබොල් සභාපති වෙන්න ආණ්වුවේම සිව් දෙනෙක් කැමැත්තෙන්

Next Post

ඉන්දියාවෙන් ලැබුණු කොරෝනා මර්ධන එන්නත් කිරීම ඇරඹෙයි

editor

editor

Next Post

ඉන්දියාවෙන් ලැබුණු කොරෝනා මර්ධන එන්නත් කිරීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved