• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් කිරීමට රාජ්‍ය අනුග්‍රහය දෙනවා – ජනපති

26 January 2024
in දේශීය, පුවත්
රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් කිරීමට රාජ්‍ය අනුග්‍රහය දෙනවා – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රසකැවිලි කර්මාන්තය ප්‍රමුඛ අපනයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොකෝවා ඇතුළු බෝග වගා කිරීමට රජයට අයත් වතු බදු පදනම මත ලබා දීමට රජය සැලසුම් කර තිබෙන බව ද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගිය 24 වනදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවති ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ 30 වන මහා සභා රැස්වීමට එක්වෙමිනි.

හලාවත සහ කුරුණෑගල වතුයායට අයත් සියලු ඉඩම් මෙන්ම ජනතා වතු සංවර්ධන මණ්ඩලයට සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට අයත් ඇල්කඩුව ඇතුළු අනෙකුත් ඉඩම් ද මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

තවමත් භාවිතයට ගෙන නොමැති මහවැලි ඒ සහ බී කලාපවල වගාවන් ප්‍රවර්ධනය කිරීම තුළින් මෙරට ආහාර සුරක්ෂිතතාව ඇති කරගත හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම රට තුළ තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් ජාතික ඵලදායීතා කොමිසම ස්ථාපිත කරන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනෙකුත් රටවල් සමග පවතින නිදහස් වෙළෙද ගිවිසුම් සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම් ශක්තිමත් කර ගැනීමට රජය පියවර ගනිමින් සිටින බවද කියා සිටියේය.

එසේම තේ පර්යේෂණ ආයතනය, පොල් පර්යේෂණ ආයතනය ඇතුළු ක්ෂේත්‍ර නවීකරණය කිරීමට පියවර ගෙන තිබෙන බවත් පර්යේෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් මෙවර අයවැයෙන් රුපියල් බිලියන 08ක පමණ මුදලක් වෙන් කර තිබෙන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජාතික ආර්ථිකයට රසකැවිලි කර්මාන්තය තුළින් ලබා දෙන දායකත්වය වෙනුවෙන් මෙරට ප්‍රමුඛ පෙළේ රසකැවිලි නිෂ්පාදකයින් අට දෙනෙකු වෙනුවෙන් මෙහිදී ජනාධිපතිවරයා අතින් ඇගයීම් සම්මාන පිරිනැමිණි. මැලිබන් නිර්මාතෘ ඒ.ජී. හින්නි අප්පුහාමි, කැන්ඩොස් නිර්මාතෘ උපාලි විජේවර්ධන, Elephant House නිර්මාතෘ ආතර් වොන් පොස්නර්, මංචි නිර්මාතෘ මේනක වික්‍රමසිංහ, මෝතා නිර්මාතෘ ජූලියස් මෝතා, උස්වත්ත නිර්මාතෘ පී.ජේ.සී. පෙරේරා, ලකි ලෑන්ඩ් නිර්මාතෘ සිංහසාමි මුත්තයියා, චෙරිස් බිස්කට් නිර්මාතෘ විධානගේ ජෝන් අප්පුහාමි යන මහත්ම මහත්මින් වෙනුවෙන් මෙම සම්මාන පිරිනැමිනි.

ලංකා රසකැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් සහ ලංකා රස කැවිලි නිෂ්පාදකයන්ගේ සංගමයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 105
Previous Post

විදුහල්පති ගැටලු‍වලට විසඳුම් සම්බන්ධ අමාත්‍යාංශ කමිටු වාර්තාව එළි දකී

Next Post

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම සංවර්ධනය කරනවා – ජනපති

editor ttvnews

editor ttvnews

Next Post
බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම සංවර්ධනය කරනවා – ජනපති

බියගම උදාහරණයට ගෙන ඉදිරි වසර කිහිපය තුළ රටම සංවර්ධනය කරනවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved