මාතලේ පැරණි පොලිසිය පිහිටි ඉඩම සංවර්ධන කටයුතු සදහා මාතලේ මහ නගර සභාවට පවරා දිම සම්බන්ධයෙන් තිරණයක් ගැනිම සදහා ක්ෂ්ත්ර පරික්ෂණයක් සිදු කර වහාම තිරණයක් ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
මෙම ඉඩමේ පවරාදිම සහ අනෙකුත් ගැටලු පිළිබදව සාකච්ඡාවදි ආණ්ඩුකාරවරයා මේ බව පැවසිය.
භූමියේ ගැටලුව නිරාකරණය කර ගැනීම සදහා ක්ෂේත්‍ර චාරිකාවක නිරත ව කරුණු සොයා බැලීම සිදුකළ යුතු බවත් ඒ අනුව කඩිනමින් ඒ සදහා දිනයක් යොදාගෙන අදාල ක්ෂේත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව වඩා විධිමත් මෙන්ම කාර්යක්ෂම තීරණයක් මෙම ගැටලුව සම්බන්ධයෙන් ලබාදෙන බවත් රාජ්‍ය ආයතන වල කටයුතු සිදුකිරීමේදී මහජන මුදල් භාවිතය සම්බන්ධයෙන් අවබෝධයකින් යුක්තව කටයුතු කිරීම ඉතා වැදගත් වන බව අවධාරණය කළේය.
මාතලේ මහ නගරාධිපති එස්.ප්‍රකාශ් ,පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මාතලේ අතිරේක දිස්ත්‍රීක් ලේකම් ඉෂාන් විජේතිලක, පොලිස් සහායක සේවා භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, පළාත් ඉඩම් කොමසාරිස් ජගත් අධිකාරි, නාගරික සංවර්ධන අධිකාරියේ පළාත් අධ්යක්ෂ වයි.ජී.ගුණතිලක , මාතලේ සහ මහනුවර පොලිස් දිශා භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන අලහකෝන් ,මාතලේ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන්
මෙම සාකච්ඡාව පැවැත්විණි.
මාතලේ මහේෂ් කිර්තිරත්න