27 April 2024
#දේශීය

රජය ගැන අප්‍රසාදයක් ජනතාව තුළ තිබෙනවා – මන්ත්‍රී සුනිල්

මේ වන විට රජය ගැන අප්‍රසාදයක් ජනතාව තුළ තිබෙන බව අඹන්ගගකෝරළය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම වත්මන් මන්ත්‍රි(ශ්‍රි ලං.පො.පෙ) සුනිල් විජේතිලක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අඹන්ගගකෝරළය ප්‍රාදේශිය සභාවේ සභාපති(එ.ජ.නි.ස) එන්.යෝගරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මාසික මහ සභා රැස්විමේදිය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් පල කලේය ” මේ වන විට ඡන්ද කල් කමන්න හදනවා.ඒක මෝඩ වැඩක්.අපේ නිල කාලය තව මාස තුනකින් ඉවරවෙනවා.එතකොට ඡන්දයක් තියන්න ඕන,එහෙම නැතිව ඡන්ද කල්දානවම් අපට ඒක අනුමත කරන්න බැහැ.පළාත් පාලන ඡන්ද ගැන විශේෂ කමිටුවක් තිබ්බා.ඒක නිර්දේශ රජයට දිලා තියනවා.ඒක පාර්ලිමෙන්තුවට දාලා ජනතා නියෝජිතයින්ට පමණක් මන්ත්‍රිධුර ලැබෙන ක්‍රමයක් සකස් විය යුතු ක්‍රමයට පැවැත්විය යුතු බව යැයි ” මන්ත්‍රිවරයා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *