27 April 2024
#දේශීය

මහබැංකු අධිපති ධුරයෙන් විශ්‍රාම යනවා… තිළිණ තනතුරු එපා – මහාචාර්ය ලක්ෂමන් කියයි

තමා මහබැංකු අධිපති ධුරයෙන් විශ්‍රාම යන බවත් තිළිණ තනතුරු එපා යැයි මහබැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

අද (10) මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා පවසා සිටියේ පක්ෂ දේශපාලනය අනුව ඇතැම් අවස්ථාවලදී කලකිරුණු බවයි. තමාගේ වයස අනුව කුඩා කල සිටම අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි හදුන්වමින් සිටි නමුත් තමා හා තම සමවයස් පිරිස් හැම විටම එයින් ඉදිරියට යාමට කටයුතු කල බව හෙතෙම පැවසිය.

නමුත් එය කිරීමට නොහැකි වු බවත් තම පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් කලකිරීමක් ඇති බව ද ඔහු පැවසිය. කෙසේ වෙතත් තමාට මෙම තනතුරින් පසුව වෙනත් තනතුරක් ලබා දෙන බව පැවසුවද එය ප්‍රතික්ෂේප කරන බව ඔහු කියා සිටියේය.

කෙසේ වෙතත් රටේ තත්ත්වය මෙම වසර දෙක තුළදී වෙනස් කිරිමට තමා උත්සහා ගත් නමුත් එය නොහැකි වු බව කනගාටුවෙන් පවසන බව මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.

1949 අංක 58 දරන මුදල් නීති පනතේ ප්‍රතිපාදනවලට අනුකූල ව, ශ්‍රී ලංකා ප්‍රජාතින්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් 2019 දෙසැම්බර් 24 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ 15 වැනි අධිපතිවරයා ලෙස දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ කීර්තිමත් ආර්ථික විද්‍යාඥයකු වන මහාචාර්ය ලක්ෂ්මන් මහතා 1994 සිට 1999 දක්වා කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ලෙස ද සේවය කළේ ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ඔහු 2005 වසරේ දී දේශමාන්‍ය ගෞරව නාමයෙන් ද පිදුම් ලැබී ය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *