• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුවයි ව්‍යාපාරිකයොයි ගජරාමෙට සීනි කනවා – ජවිපෙ විජිත

3 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුවේ ආදායම් ලැබුණෙත් නෑ ජනතාවට සහන ලැබුණෙත් නැ නමුත් කොම්පැනිකාරයෝ කිහිප දෙනෙකුට අසීමිත ලාභයක් ලැබුණු බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (03) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවේදිය.

එහිදී ඔහු පැවසුවේ සමාගම් 67ක් සීනි ආනයනය කරමින් තිබු බවත් වෙළඳ අමාත්‍යාංශය එය ආනයනකරුවන් 12 දෙනෙකුට සීමා කර ඇති බවයි.

එම මාධ්‍ය හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා මෙසේ අදහස් පල කලේය “දිගටම දැන් ආනයනය කරන්නේ මේ 12 දෙනා. මාසෙකට සාමාන්‍යයෙන් මෙ.ටො. 35,000ක් රටට සීනි අවශ්‍ය වෙනවා. ආණ්ඩුවේම දිනමිණ පත්‍රයේ හෙළිකර තිබෙන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් ඉඳලා මේ අවුරුද්දේ ජූනි දක්වා ආනයනය කළ සීනි ප්‍රමාණය මාස 17කට සෑහෙන බවයි. මෙ.ටො. 584,000ක් ජූනි අවසන් වනවිට ආනයනය කර තියෙනවා. ජූලි සහ අගෝස්තු මාස දෙකෙත් ආනයනය කළ ප්‍රමාණය අනුව ආසන්න වශයෙන් මෙ.ටො. ලක්‍ෂ 07ක් විතර තියෙනවා. අසීමිත ලෙස සීනි ආනයනයෙන් රජයට දළ වශයෙන් රු. කෝටි 3500ක විතර බදු පාඩුවක් සිදුවී තිබෙනවා. මේ සහනයත් ජනතාවට ලැබුණේ නැහැ. රු. 85 ගැසට් එක ක්‍රියාත්මක වුණේ නැහැ. දැන් රු. 240 ඉක්මවා මිල ඉහළ ගිහින්. මේ තත්වය නිර්මාණය කළේ ආණ්ඩුවයි. මෙවැනි අර්බුදයක් නිර්මාණය වන බව රජය කලින් දැකලා තිබුණා. පාරිභෝගික අධිකාරිය කල් ඇතිව ක්‍රියා නොකළ බවට චෝදනා කර තිබුණා.

පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් අදත් සීනි ගේන්නේ ශත 25 බද්දට යටත්වයි. ලෝක වෙළඳපොළේ සීනි මිල අසීමිතව වැඩි වුණේ නැහැ. ආසන්න වශයෙන් රු. 79ට සීනි කිලෝ එකක් ආනයනය කරන්න පුළුවන්. අදත් සීනි කිලෝ එකක් රු. 85ට දෙන්න පුළුවන්. එහෙම තියෙද්දී ආණ්ඩුව සන්දර්ශන පවත්වමින් ඉන්නවා. බන්දුල ගුණවර්ධන ඇමතිවරයා සීනි ආනයනකරුවන් එක්ක සීනි මිල වැඩි නොකරන බවට ගිවිසුමක් අත්සන් කළා. නමුත් අද වෙනකොට ඉබාගාතේ සීනි මිල වැඩිවෙනවා. පහුගිය කාලයේ ගෑස්වලට සිදුවුණෙත් මේක. ගෑස් හිඟයක් ඇතිකර ගෑස් මිල වැඩි කළා. අදත් සිද්ධ වෙන්නේ ඒක තමයි. හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් එකක් මගින් හමුදාවේ මේජර් ජනරාල් කෙනෙක් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොමසාරිස් හැටියට පත්කළා. ඒ පත් කරලත් සීනි මිල ඉහළ දැමීම විතරයි කරලා තියෙන්නේ. අපේ රටට ආනයන කළ සීනි ප්‍රමාණය ගැන පාරිභෝගික අධිකාරිය සතුව දත්ත තිබෙනවා. ඔත්තු ලබාගෙන වටලන්න අවශ්‍ය නැහැ. රේගුවෙත් දත්ත තිබෙනවා. ගෙන්වූ ව්‍යාපාරිකයන්ගේ ගබඩාවල පරීක්‍ෂා කිරීමේ බලය පාරිභෝගික අධිකාරියට තියෙනවා. එහෙම තියෙද්දී හදිසි නීතියක් අවශ්‍ය නැහැ.

හදිසි නීතියක් පනවලා යම් යම් මාධ්‍ය ආයතන සහ පුද්ගලයන්ගේ ඔත්තු මත වැටලීම් කළා කියලා රටට සංදර්ශන ඉදිරිපත් කරනවා. කවුරුවත් ඔත්තු දීලා වටළන්න ඕනෑ නැහැ. සියලු දත්ත රජය සතුව තියෙනවා. ආණ්ඩුව දැන් උත්සාහ කරන්නේ ව්‍යාපාරිකයන් අපරාධයක් කර ඇති බව පෙන්වා තමන් බේරෙන්නයි. නමුත් ආණ්ඩුව ජනතා ඡන්දයෙන් පත්කරගෙන තිබෙන්නේ ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කරන්නයි. ඉහළ ව්‍යාපාරිකයන් සීනි මිලවැඩි කරන බව දැනගත් අවස්ථාවේ සීනි ආනයනය කිරීමේ හැකියාව රජයට තිබෙනවා.
මෙවැනි තත්වයක් ඇතිවන බව ආණ්ඩුව කල් ඇතිව දන්නවා. නමුත් ජනතාවට සාධාරණ මිලකට සීනි ලබාදීමේ වගකීම ආණ්ඩුව පැහැර හැරියා. නමුත් ආණ්ඩුව මේකට මුළුමනින්ම වගකියන්න ඕනෑ. හදිසි නීති රෙගුලාසි පැනවූවා කියලා ජනතාවට සෙතක් නැහැ. කලින් තිබුණු රු. 85 උපරිම සිල්ලර මිල දෙවැනිදා රාත්‍රියේ ගැසට් එකෙන් රු. 122ක් කළා. මේ අනුව සීනි කිලෝ එකක් රු. 37කින් වැඩිකරලා ගැසට් එකක් ගහලා තියෙනවා. රු. 80ට තිබුණු තොග මිල මේ ගැසට් එකෙන් රු. 116 දක්වා වැඩිකළා. මේ ගැසට් ගැහිල්ලෙන් විතරක් ව්‍යාපාරිකයන්ට අසීමිත ලාභයක් හිමිවෙනවා. රු. 240ට සීනි කිලෝ එක විකුණලා ව්‍යාපාරිකයෝ රු. එකසිය ගණනක ලාභ ලබාගෙන තිබෙනවා. දළ වශයෙන් රු. කෝටි 6,000ක් ඉක්මවන ලාභයක් ව්‍යාපාරිකයෝ උපයාගෙන තිබෙනවා. මේ අසීමාන්තික ලාභය ගජමිතුරු කොම්පැනිකාරයන්ට නොදී රජයට ගන්න තිබුණා. මේ වගේ අසාධාරණ ලාභයක් නැතිව සාධාරණ ආදායමක් රජයට ගන්න තිබුණා. නමුත් එහෙම දේකටවත් ආණ්ඩුව මැදිහත් වුණේ නැහැ.

අද වෙලා තියෙන්නේ ජනතා ද්‍රෝහී වැඩ කරපු ගජ මිතුරු ව්‍යාපාරිකයන්ගෙන් ආණ්ඩුව සල්ලි දීලා සීනි තොගය මිලදී ගන්න එක. මෙ.ටො. ලක්‍ෂ ගාණක් ශත 25 සොච්චම් බද්දට ගෙනල්ලා ගුදම්වල තිබුණු සීනි ටික ආණ්ඩුව සල්ලිවලට ගත්තාම ඒ ව්‍යාපාරිකයන්ට ගජ වාසියි. ගැසට් එකෙන් කරලා තියෙන්නේ තවත් වාසියක් ගජමිතුරන්ට ලබාදීම පමණයි. සතොසෙන් දෙන බව ආණ්ඩුව කියනවා. පාරිභෝගික අවශ්‍යතාවයෙන් සතොසෙන් සපයන්න පුළුවන් 5%යි. ෆුඞ් සිටිවලින් 12%ක් විතර. ඉතිරි වෙළඳපොළම තියෙන්නේ සාමාන්‍ය අනෙකුත් වෙළඳපොළවල්. 83%ක පාරිභෝගික අවශ්‍යතා ඉටුකරගන්න වෙන්නේ පොදු වෙළඳපොළවලිනුයි. ඒ නිසා අද සතොස ඉදිරියේ පෝලිම් ගැහිලා ඉන්නවා. ඒ තුළින් තවත් කොරෝනා පැතිරෙනවා. පැය ගාණක් පෝලිමේ ඉඳලා කොරෝනාත් හදාගෙන ගන්න හම්බ වෙන්නේ සීනි කිලෝ එකයි. සමහර තැන්වල පෝලිමේ ඉඳලා සීනි නැතිව එන්න වෙනවා. මේ පීඩාව ආණ්ඩුව හිතාමතාම ජනතාව මත පැටවූ එකක්. ගජමිතුරන්ට හම්බ කරන්න සියල්ලම අයාලේ යන්න ඉඩ දීලා තියෙන්නේ. ඇත්තටම සිද්ධ කරලා තියෙන්නේ ‘සහන දුන්නා, සීනි ගෙනාවා, හැංගුවා, මිල වැඩි කළා, ඇල්ලුවා, දැන් ආණ්ඩුව මිලදී ගන්නවා.’ ආණ්ඩුවයි, ගජ මිතුරු ව්‍යාපාරිකයොයි දෙගොල්ලම එකතු වෙලා අන්දරේ සීනි කෑවා වගේ වැඩක් කර තියෙනවා. ආණ්ඩුවයි ගජ මිතුරොයි දෙගොල්ලම ගජරාමෙට සීනි කනවා. ජනතාවට අල්ලට සීනි ටිකක්වත් නැතිව කහට බොන්න වෙලා තිබෙනවා.
මේ තත්වයට ආණ්ඩුව මුළුමනින්ම වගකියන්න ඕනෑ. මේ තත්වය වළක්වන්න කිසිම දෙයක් ආණ්ඩුව කළේ නැහැ. මේ නිසා ජනතාවට පහර පිට පහර වැදිලා තිබෙනවා. සහල් මාෆියාව නිසා සිද්ධ වී තිබෙන්නේත් මේ තත්වය. හාල් මැස්සෝ, කරවල, උළුහාල්, සබන්, දත් බෙහෙත් හැම දේකමත් මිල වැඩි වෙලා ජනතාවට දරාගන්න බැරි ජීවන වියදමක් තියෙන්නේ. කොරෝනා වසංගතය නිසා බැටකන ජනතාවට බඩු මිලේ පීඩාවත් පටවා තිබෙනවා. ඒ වැරැද්ද පුද්ගලික අංශයට පවරලා ආණ්ඩුව ඇඟ බේරා ගන්න හදනවා. නමුත් මේකේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්ඩුව ගත යුතුයි. වහාම ආණ්ඩුව මැදිහත් වී සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සාධාරණ මිලකට ලබාදිය යුතුයි. වැඩි කළ සීනි මිල අඩුකර සාධාරණ මිලට ලබාදීමට ක්‍රියාකළ යුතුයි. එසේ නොකර ගැසට් පිට ගැසට් ගහලා ජනතාව පීඩාවට පත් කිරීම වහාම නතර කරන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් වැඩිදුරටත් කියා සිටියේය.

 

 

 

Post Views: 0
Previous Post

නිරෝධායන ඇඳිරිනීතිය ලබන 13 වනදා තෙක් දිර්ඝ කෙරේ

Next Post

අමානා වෙතින් අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක්

editor

editor

Next Post

අමානා වෙතින් අධි මිලැති වාහන සඳහා සුවිශේෂී රක්ෂණ ආවරණයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved