විදේශ රටවල අසරණවී ඉන්න ලාංකිකයින් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන බව එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ අන්තර් ජාලය ඔස්සේ එතෙර අපි සංවිධානය විසින් අද(26) පැවැත් වු මාධ්‍ය හමුවක් අමතමින්.
එහිදී එතෙර අපි සංවිධානයේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේ අදහස් පල කර සිටියේය “එක් එක් රටවල්වල ශ්‍රී ලාංකිකයින් වීඩියෝ දර්ශන එවා තිබෙනවා. වීඩියෝ දර්ශනවලින් තහවුරු වෙන්නේ ආණ්ඩුව ප්‍රමාණවත් මැදිහත්වීමක් ලාංකිකයින් වෙනුවෙන් කර නැති බවයි. ලංකාව තුලදී පවා රෝගීන් මහත් අසරණ වෙනවා. ඔවුන් බලන්න කිසි කෙනෙකුට ඉඩ දෙන්නේ නැහැ. අපේ රට තුළත් එහෙම නම් භාෂාව නොතේරෙන, අවශ්‍ය මූලික පහසුකම් අඩුවෙමින් තිබියදී විදේශ රටකදී ලාංකිකයින් කෙතරම් අපහසුතාවයකට පත්වෙනවද? මේ නිසා තමයි ඔවුන් ගෙන්වා ගත යුතු බව මුලදීම අවධාරණය කළේ. අඩුම ගානේ රාජ්‍ය තාන්ත්‍රිකව පුහුණුවලට යවා සිටින නිලධාරීන් ගෙන්වා ගැනීමටත් මේ දක්ව ක්‍රියාකර නැහැ. ඒ නිසා විදේශ රටවල අසරණවී ඉන්න ලාංකිකයින් ගෙන්වා ගැනීමට කඩිනම් පියවර ගන්නා ලෙස ආණ්ඩුවට බලකරන අතරම එතෙක් ඒ ඒ රටවල්වල ඔවුන් වෙනුවෙන් සහන කටයුතු සැලසීමට එතෙර අපි සංවිධානය හැටියට ක්‍රියා කරන්න අපි සූදානම්. ඊට අවශ්‍ය පසුබිම හදලා දෙන්න කියලත් ඉල්ලනවා. නමුත් ක්‍ෂණිකව මැදිහත් විය යුතු කටයුතුවලට ආණ්ඩුව ඉක්මනින් අවතීරණ වන ලෙස අපි බල කරනවා.
කොරෝනා වසංගතය මර්දනයට විදේශ රටවල්වලින් ණය ආධාර විශාල ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම විදේශගත ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් සකස් කළ අරමුදල් තිබෙනවා. අපි දැනගන්න කැමැති එම අරමුදල්වලින් කොතරම් ප්‍රමාණයක් මේ අසරණ වූ විදේශගත පිරිස වෙනුවෙන් වෙන කරලා තියෙනවද කියලා. පාර්ලිමේන්තුව රැස් වෙන්නේ නැති නිසා මේවා වියදම් කිරීම පිළිබඳව තොරතුරු දැන ගැනීමේ හැකියාවක් අපිට නැහැ. නමුත් විදේශ කටයුතු අමාත්‍යාංශය වගේම ආණ්ඩුවේ සැලසුම් සකස් කරන්නන් එක්ක සහයෝගයෙන් කටයුතු කර මේ ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් අපිට කළ හැකි සියලු මැදිහත්වීම් කරන්න සූදානම් බව දැනුම් දෙනවා. ඒ අතර විදේශගතවී සිටින අපේ සහෝදර ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා එතෙර අපි සංවිධානය සම්බන්ධ කරගන්න කියලා. ඒ වෙනුවෙන් ෆේස්බුක් මගින් සම්බන්ධ වෙන්න පුලුවන්. අපි මේ මොහොතේදී ඉටුකළ යුතු වගකීම් වෙනුවෙන් බැඳී ඉන්නවා. ඒ වගේම පවතින තත්වයන් ගැන ආණ්ඩුවේ බලධාරීන් දැනුවත් කර නැවත නැවතත් බලපෑම් කරන්න සූදානමින් ඉන්නවා. “ යැයි සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.