• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අවදානම අතහැර සිටි ආණ්ඩුව කොවිඩ් ව්‍යාප්තියේ වගකීම භාරගත යුතුයි – ජවිපෙ

13 October 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ආණ්ඩුව කොරෝනා පාලන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැරිය ඇති අතර ඒ අනුව දෙවන රැල්ල මතුවු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

ඒ මහතා අද (13) එම පක්ෂයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ වෛරසය පාලනය කළා යැයි උදම් ඇනීම අධිතක්සේරුවක් බව ඒ මගින් ඔප්පු වු බවයි.

තත්වය දැන් පෙරටත් වඩා භයානක බවත් විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ භීතිය තත්පරයෙන් තත්පය පැයෙන් පැය වැඩිවන බව හෙතෙම පැවසිය.

එම මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා මෙසේ වැඩිදුරටත් අදහස් පල කර සිටියේය. “පසුගිය මාර්තු මාසයේ ලංකාව තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වූ කොරෝනා උවදුර නිසා ජනතාව බරපතළ පීඩාකාරී තත්වයකට පත්වුණා. එය මර්දනය කිරීමට විවිධ මෙහෙයුම් දියත් කරනු ලැබුවා.

පසුගිය කාලය පුරාම කොරෝනා සම්බන්ධ අවදානම සම්පූර්ණයෙන්ම පහව ගොස් ඇති බව ජනතාවට හැඟී යන ආකාරයට ආණ්ඩුව ක්‍රියා කළා.

ඇත්තටම අවදානම සම්පූර්ණයෙන්ම පහව ගියේ නැහැ. ආණ්ඩුව කොරෝනා පාලන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හැරියා. දෙවන රැල්ල මතුවුණේ ඒ සිසයි.

මාධ්‍ය මගින් පවා නිතර ප්‍රචාරය කළේ ලෝකයේ කොරෝනා මර්දනය කළ දෙවන රට බවට ලංකාව පත්වී ඇති බව.

මේ නිසා කොරෝනා මර්දන බලකායේ ප්‍රධානියා පවා පස්සෙදි කීවේ සියලු අංශ අධි තක්සේරුවක සිටිය බව.

දින කිහිපයකට කලින් ලෝකයේ දෙවැනි තැනට කොරෝනා මර්දනය කළ රට හැටියට පුරාජේරු ගැහුවට ඒ තුළම දෙවැනි රැල්ලත් ආවා. පාලනය කළා යැයි උදම් ඇනීම අධිතක්සේරුවක් බව ඒ මගින් ඔප්පු වුණා. තත්වය දැන් පෙරටත් වඩා භයානකයි. විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මේ භීතිය තත්පරයෙන් තත්පය පැයෙන් පැය වැඩිවෙනවා. ඒ වගේම රට පුරා ව්‍යාප්තව යනවා. මුළු රටේම අනතුර පැතිරී ව්‍යසනකාරී තත්වය මතුව තිබෙනවා.

බ්‍රැන්ඩික්ස් සේවිකාවගෙන් අහම්බයෙන් මේ තත්වය හෙළිවූ බව සනාථ වී තිබෙනවා. ආණ්ඩුවේ මාධ්‍ය මෙන්ම විවිධ මාධ්‍ය ආයතන මේ සේවිකාවන් අපහාසයට, උපහාසයට පත් කරමින් ඇය පිට වරද පටවා අත සෝදා ගන්න උත්සාහ කළා. නමුත් චෝදනාව එල්ල විය යුත්තේ අවදානම අතහැර දමා සිටි ආණ්ඩුව පැත්තටයි. නමුත් මේ මතුවී තිබෙන කොරෝනා රැල්ලේ ඇය පළවැනියා නොවන බව සෞඛ්‍ය අංශ හෙළි කළා. බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ආයතනය තුළ පැනඩෝල් දීලා ඒ අයගෙන් වැඩ අරගෙන තිබෙනවා. මේ ආයතනය තුළට වෛරසය ගියේ කොහොමද කියන එක අදටත් හොයාගෙන නැහැ. ඒ සම්බන්ධයෙන් විවිධ මත තිබෙනවා. ආයතනයේ සේවකයන් තුළ පවා මේ සම්බන්ධයෙන් විවිධ මත පළකර තිබෙනවා.

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවක සේවිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 348 දෙනෙක් ඉන්දියාවේ වැඩකර ලංකාවට පැමිණි බව සනාථ වී තිබෙනවා. ඔවුන් විවිධ තැන්වල සිට නිරෝධායනයට ලක්වූ බව කියනවා. නමුත් මෙ අය අතරින් අන්තිමට පැමිණි කණ්ඩායම මුල් දින 14ක් තුළ පෞද්ගලික හෝටල්වල නිරෝධායනය වී තවත් දවස් 14ක් නිවාස තුළ නිරෝධායනය වූ බව බ්‍රැන්ඩික්ස් ආයතනය විසින්ම පිළිගෙන තිබෙනවා. නමුත් මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් කියන්නේ ඔවුන් යටතේ එවැනි පිරිසක් අධීක්‍ෂණය නොවූ බවයි. මේ නිසා ඉන්දියාවේ සිට පැමිණි සේවක සේවිකාවන් හරහා මේ වෛරසය පැමිණියාද නැත්නම් ලංකාව තුළම තිබිලා බ්‍රැන්ඩික්ස් ආයතනය තුළින් හෙළිවුණාද කියන ප්‍රශ්නය තවම විසඳුනේ නැහැ. දැනට ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ කෙරෙමින් තිබෙනවා.

මේ නිසා රටතුළ තවත් තැනකින් හෙට දවසේ පොකුරක් මතුවෙන්න පුළුවන්. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් විධිමත් ආකාරයට කරුණු සොයා බලා ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කළ යුතුව තිබෙනවා. කල් නොයවා ඉක්මනින්ම එය කළ යුතුයි. හෙට අනතුර වළක්වා ගන්න නම් වර්තමාන රැල්ල ඇතිවුණේ කොහොමද කියලා රටට පැහැදිලි කරන ලෙස අපි අවධාරණය කරනවා. දෙවැනි රැල්ල මතුවෙන්න හේතු වුණේ ආණ්ඩුවේ දැනුවත් කිරීම අත්හැරීම සහ මහජනතාව තුළ අධිකත්සේරුවක් ඇතිවීමට හේතුවන ප්‍රචාරයන් කිරීම නිසයි. මුල් අවස්ථාවේදී ජංගම දුරකතන මගින් සෞඛ්‍යාරක්‍ෂක ක්‍රම ගැන කරුණු පැහැදිලි කිරීමේ රිගිං ටෝන් පවා තිබුණා. පස්සෙදී ඒවා නතර කළා. කොරෝනා මර්දන බලකාය නිවැරදිව රැස්විය යුතුව තිබුණත් එය ඒ ආකාරයෙන්ම රැස් නොවූ බවට වාර්තා පළ වෙනවා.

මේ නිසා අලුත් තත්වය යටතේ පීඩාවට පත් වූ රෝගීන් හා ජනතාව වෙනුවෙන් ආණ්ඩුව මැදිහත් විය යුතුයි. සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා ආරක්‍ෂක අංශ විශාල මැදිහත්වීමක් කරනනවා. නමුත් විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ දී සිටින ප්‍රධානම ප්‍රශ්නය පී.සී.ආර්. පරීක්‍ෂණවල වාර්තා ලබාගැනීමට දින 4-5ක් ප්‍රමාද වීමයි. මේ වෙනකොට පරීක්‍ෂණ 4,000කට වැඩි ප්‍රමාණයක් ගොඩගැසී තිබෙනවා. වාර්තා යවන්න ප්‍රමාද වුණහම වෙනත් අත්‍යාවශ්‍ය ක්‍ෂණික මැදිහත් වීම් ගණනාවක් අඩපණ වෙනවා. ඒනිසා වහාම පී.සී.ආර්. පරීක්‍ෂණ වැඩි කරන්නත් ඉක්මනින් වාර්තා ලබාදෙන්නත් කටයුතු කළ යුතුව තිබෙනවා. මාතලේ ලග්ගල, කන්දකාඩු, රඹුක්කන, ගාල්ල, හම්බන්තොට, වගේ ප්‍රදේශවල නිරෝධායනයට යැවූ අය පරීක්‍ෂණවලට ලක්කර තිබෙන්නේ ඒ මධ්‍යස්ථානවලට ගියාට පසුවයි. මේ නිසා රෝගීන් හා එකට සිටීමෙන් ව්‍යාප්තියට බලවත් පහසුවක් ඇති වෙනවා.
පරීක්‍ෂණ ප්‍රතිඵල ඉක්මනින් ලබාදිය යුතු බව සහ දින කිහිපයක ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල දෛනික ජන ජීවිතය අඩපණ වීම සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම මැදිහත් විය යුතුයි. අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාගැනීම දෛනික ආදායම් උපයන්නන්ට බරපතළම ප්‍රශ්නයක්. එක දිගට ඇඳිරි නීතිය තිබීමෙන් එදාවේල හම්බ කරන ජනතාවට ජීවන මාර්ග ඇහිරිලා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලබාගැනීමට ක්‍රමයක් නැහැ. ඒ නිසා රජය වහාම ඒ වෙනුවෙන් මැදිහත් විය යුතුයි. ජංගම අලෙවි රථ මගින් ඖෂධ ලබා දීමේ ක්‍රමවේදයක් ඇති කරන්න ඕනෑ. ආහාරපාන ලබාගන්න සහන වැඩපිළිවෙළක් ඇතිකරන්න ඕනෑ. ඡන්දයට පෙර රු. 5,000ක් ලබා දුන්නා. අද ඇඳිරි නීතිය දමා තිබුණත් ඒ වගේ තත්වයක් ක්‍රියාත්මක කර නැහැ.

මේ ප්‍රශ්නයට ශ්‍රී ලාංකිකයන් විදිහට, රටක් විදිහට මුහුණ දෙන්න ඕනෑ. ජනතාවගේ පැත්තෙන් වෛරස් රෝගයෙන් මිදීමට පිළිපැදිය යුතු සෞඛ්‍ය උපදෙස් නිසි ආකාරයෙන් පිළිපැදිය යුතුයි. මේ සඳහා බලධාරීන් අවශ්‍ය නිර්දේශ ක්‍රමානුකූලව ලබා දෙන්න ක්‍රියාකළ යුතුයි. ඒක ආණ්ඩුවේත් වගකීමක්. ආරක්‍ෂා වීම ජනතාවගෙත් වගකීමක්. දේශපාලන පක්‍ෂ, ජාතිභේද කිසිම දෙයක් අදාළ නැහැ. රටක් විදිහට සාමූහිකව මුහුණ දෙන්න ඕනෑ. ඒ අතරේ ආණ්ඩුව මැදිහත් වී මේ වෛරසය ආවේ කොහෙන්ද, වළක්වා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද, පීඩනයට පත්වූවන්ට සහන සැලසීමට වහාම ඉදිරිපත්වීම යන ක්‍රියාමාර්ගවලට ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව අපි අවධාරණය කරනවා.

ඇඳිරි නීතිය නිසා ජනතාවගේ දෛනික ජීවිත බිඳවැටීමෙන් වළක්වන්න නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නැහැ. රටටම ඇඳිරි නීතිය දැමීමක් පිළිබඳ තීරණ ගත යුත්තේ සෞඛ්‍ය බලධාරීන්. ඒ සම්බන්ධයෙන් දේශපාලන පක්‍ෂවලට අදහස් දක්වන්න හැකියාවක් නැහැ.

පොලිස් නිලධාරීන් මාරු කිරීම පිටුපස ඉතා පැහැදිලිවම දේශපාලන වුවමනාවක් තිබෙනවා. ස්වාධීන පොලිස් කොමිසම, ස්වාධීන රාජ්‍ය සේවා කොමිසම නැති තත්වයක් තුළ මේ මාරු කිරීම් ඉතා භයානක වේවි. මේවා රට යහ පැවැත්මට තර්ජනයක්.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ තනතුර වෙනස් කිරීම පිළිබඳව විවේචන එල්ල වුණා. ඒ නිසා ආණ්ඩුව උත්තර දුන්නේ වෙනත් තනතුරක් නිර්මාණය කර ඒ තනතුරට ඔහුව පත් කිරීමෙන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් සිටිය යුතු බව තීරණය කර තිබුණා නම් ඒ පත්කිරීම කළ යුතුව තිබුණේ මීට කලකට පෙරදී. නමුත් වසංගත උවදුරක් තිබියදී මේ වගේ තනතුරු මාරු කිරීම්වලින් කොරෝනා පාලනයට ඉතා පැහැදිලිවම බාධා ඇති වෙනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය එක් එක් වෙලාවට තීන්දු-තීරණ ගන්නවා. මේ මගින් කරන්නේ ප්‍රශ්න උග්‍ර අතට පත්වීමක්. ඇත්ත අවශ්‍යතාවය මත තීරණ ගන්න බවක් අපිට පෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ තනතුරු මාරුවත් එක්ක අලුත් පුටුවක් හැදුවා. නීතිරීති හැදීමෙන් මේ වසංගත රෝගය මැඩපවත්වන්න බැහැ. ජනතාව දැනුවත් කිරීමයි කළ යුත්තේ. නීතිරීති සකස් කළ යුත්තේ මිනිස්සු මත බලයෙන් පැටවීමට නෙවෙයි. දැනුවත් කිරීමෙන් පාලනය කළ නොහැකි තත්වයන් ඇතිවුවහොත් ක්‍රියා කිරීමටයි. ජනතාව ජීවන වියදමින් පෙළිලා ඉන්න වෙලාවේ බදුබර මතට මේ දඩබරත් එකතු කිරීමෙන් ප්‍රශනයට උත්තර ලැබෙන්නේ නැහැ. පොල් ගෙඩිය රු. 100ට-110ට ගිහින් තියෙන වෙලාවේ තව බර පැටවීම විතරයි වෙන්නේ.

20වැනි සංශෝධනය කියන්නේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නයක්. මේ සංශෝධනයෙන් කෙරෙන්නේ රට ආපස්සට යන ඒකාධිපති පවුල් පාලනයකට මග පෑදීමක්. ඒ නිසා අපි ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමතිවරුන්ගෙන් නැවත නැවතත් ඉල්ලා සිටිනවා, හෘද සාක්‍ෂියට අනුව තමන්ගේ අනාගතයත් රටේ අනාගතයත් ගැන හිතලා මේ සංශෝධනයට ඡන්දය ලබාදෙන්න එපා කියලා. ඒ ඡන්දය වැඩි කාලයක් යන්න කලින් ඔබට එරෙහිවම ක්‍රියාත්මක වෙනවා. මේකට විරුද්ධව ඇතැම් ආණ්ඩු පක්‍ෂයේ අය යම් යම් ප්‍රකාශ කරනවා. නමුත් ඒ ප්‍රකාශවලින් ඔවුන්ගේ අවසාන තීන්දුව මොකක්ද කියලා මනින්න බැහැ. සමහර අය රඟපෑමුත් කරනවා. බොරුවට තැන් තැන්වල කයිවාරු ගහලා අන්තිමටම මොනව වුණත් මේකට ඡන්දය දෙනවා කියලා කියනවා. විරුද්ධ නම් අනිවාර්යයෙන්ම ඡන්දය නොදී ඉන්න. බොරු රඟපෑම් කරන අයට අපි කියන්නේ ඔය බොරුව කරන්න එපා කියලා.

ජාතික ආක්‍ෂාවට බලපාන විදිහට විවිධ රටවල් මැදිහත් වෙමින් තිබෙනවා. චීනය. ඇමරිකාව, ඉන්දියාව, පහුගිය ආණ්ඩු කාලයේත් අදත් ඒක එක විදිහටම සිද්ධ වෙනවා. ආර්ථිකයට මැදිහත්වීම විවිධ මුහුණුවරින් වෙනවා. ඇමරිකානු ප්‍රධාන නිලධාරියෙක් හෙට අනිද්දා ලංකාවට එන්න නියමිතයි. චීනයේ අය ඇවිල්ලා ගියා. විවිධ ගිවිසුම්, එකඟතාවයන් ඇතිකර ගන්නවා. අවසානයේදී වෙන්නේ අපේ රටේ ආර්ථිකයත් අපේ රටේ ස්වෛරීත්වයත් විදේශ මැදිහත්වීම්වලට යට වෙලා අනාගතය ඔවුන් අතට පත්වීමයි. ඔවුන්ගේ ගෝලීය බල අරගලයේ ගොදුරක් බවට ලංකාව පත්වෙලා. ලංකාවේ ආණ්ඩු ඔවුන්ට රිසි පරිදි අපේ රටේ බඩ පිනුම් ගහන්න අවස්ථාව දෙමින් තිබෙනවා. මේ සිද්ධ වෙමින් තිබෙන්නේ ඒ ක්‍රියාවලියයි.

 

Post Views: 1
Previous Post

අත්‍යාවශ්‍ය භාණ්ඩ වල බදු ඉවතට

Next Post

කාමරයක් තුළ කාන්තාවක්ගේ ගෙල කපා මරුට

editor

editor

Next Post

කාමරයක් තුළ කාන්තාවක්ගේ ගෙල කපා මරුට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

මහින්දට අත තියන්නෙපා රටවල් දෙකකින් මාලිමාවට තර්ජන

30 May 2025
නව කොවිඩ් වෛරසය ගැන ලංකාවත් අවධානයෙන්

කොරෝනා මරණ 07ක්…

30 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

30 May 2025
පාසල් 18කට රතු නිවේදන

පාසල් 18කට රතු නිවේදන

30 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved