27 April 2024
#දේශීය

කාමරයක් තුළ කාන්තාවක්ගේ ගෙල කපා මරුට

මිහින්තලය, අඹතලාගම ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ ඊයේ (13) පස්වරුවේ කාන්තාවකගේ ගෙල කපා ඝාතනය කර එම කාමරය තුළම පුද්ගලයෙකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිහින්තලය පොලිසිය පැවසුවේ මිය ගිය කාන්තාව වයස අවුරුදු 48 ක් වන ත්‍රිකුණාමලයපාර පදිංචිකාරියක් බවයි.

එසේම මරණකරු වයස යැයි සැකකරන පුද්ගලයා වයස අවුරුදු 57 ක් වන හිගුරුවැව, ගලෙන්බිදුණු වැව ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු පිහියකින් කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඔහුද ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

මෘත ශරීර අනුරාධපුර රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර මිහින්තලය පොලිසිය වැඩිදුර වීමර්ශන සිදුකරනු ඇත.

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *