• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ආණ්ඩුව තෙල් මිලේ පැටලේ !

1 February 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ලෝක වෙලෙඳ පොළේ බොරතෙල් මිල සම්බන්ධයෙන් වර්තමානයේ පවතින්නේ දෛනික  මිල උච්ඡාවචනයක් මිස නිත්‍ය තත්ත්වයක්  නොවන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසයි.

නිවේදනයක්  නිකුත්කරමින් එම සංස්ථාව මේ බව සදහන් කරන අතර ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ වැටුන ද, එහි වාසිය මහජනතාවට රජය විසින් ලබා නොදෙන බව පවසමින් එක්තරා දේශපාලනඥයෙක් විසින් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රවාහණ සේවා කළමණාකරණ විදුලි බල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවිර මහතාගේ අවධානය යොමුව තිබීම මේ නිවේදනය නිකුත්කල හේතුව බවත් එහි සදහන් කර තිබේ.

mahinda amaraweera

මේ සම්බන්ධව පසුගිය 29 වනදා  අමාත්‍යවරයා ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉහළ කළමනාකාරිත්වයෙන්  විමසීමක් කළ අතර ඒ අනුව එම සංස්ථාව ප්‍රකාශ  කරන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට ලෝක වෙළෙඳපොලේ ඉන්ධන මිල සම්බන්ධව පවතින්නේ දෛනික මිල උච්චාවඡනය වීමක් විනා නිත්‍ය මිල අවම විමක් නොවන බවත් අදාල නිවේදනයේ දැක්වේ.

එසේම එහි වැඩිදුරටත් මෙසේද සදහන් කර තිබේ.

නිදසුනක් ලෙස ගතහොත් පසුගිය 2019 දෙසැම්බර් මාසයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 69.25ක් වූ අතර, 2020 ජනවාරි මස 01 දින එය ඩොලර් 67 දක්වාත්, ජනවාරි 03 දින නැවත ඩොලර් 69 දක්වාත් ඉහළ ගියේය.

එමෙන්ම ගල්ෆ් අර්බුදය හෙවත් ඉරානය හා ඇමරිකා එක්සත් ජනපදය අතර යුධ උණුසුමක් මතු වු ජනවාරි 06 දින ඉන්ධන බැරලයක මිල ඩොලර් 71 දක්වා ඉහළ ගියේය. ඉන්පසු ජනවාරි 07 දින නැවත ඩොලර් 70 දක්වාත්, ජනවාරි 08 දින නැවත ඩොලර් 71 දක්වාත් වශයෙන් ඉහළ ගියේය. අද දින එනම් ජනවාරි මස 29 දින ඉන්ධන බැරලයක මිල ඩොලර් 60.2ක් දක්වා අඩු වි තිබුනත්, හෙට දින ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල කෙසේ පවතීදැයි උපකල්පනය කළ නොහැකිය.

එමනිසා ලංකා ඛනිජ තෙල් සංස්ථාව පවසන්නේ ඉහත දත්ත අනුව මෙම මිල අඩුවීම කිසිසේත්ම නිත්‍ය තත්ත්වයක් නොවන බවයි.

සැළකිය යුතු කරුණ නම් පසුගිය රජයේ ඉන්ධන මිල සම්බන්ධ මිල සූත්‍රය ක්‍රියාත්මක වූවා නම් අනිවාර්යෙන්ම ම ජනවාරි මස 06 දින සිදුවූ දැවැන්ත ඉන්ධන මිල ඉහළ යාමත් සමග සෑම ඉන්ධන ලිටරයකම මිල රුපියල් 12කට වැඩි ප්‍රමාණයකින් ඉහළ යන්නට ඉඩ තිබිනි. එහෙත් වත්මන් රජය දැනට එම ඉන්ධන මිල සුත්‍රය අහෝසි කර නොව අඩු තරමින් කිසිදු සැළකිල්ලක් දැක්විය යුතු කරුණක් යැයි හෝ නොසිතා එම සුත්‍රය ඉවත දමා තිබෙන හෙයින් ජනවාරි මස 06 දින  සිදුවූ ඉන්ධන ඉහළ මිල යාමේ දි කිසිදු අයුරකින් ඉන්ධන මිල වැඩි කිරීමට රජය  පියවර නොගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අනෙක් කරුණ නම් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛන්ඩව මිල පහල යන්නේ නම් එහි වාසිය මහජනතාවට ලබා දීමට රජය මැලිවන්නේ ද නැත. වත්මන් රජය මහජනතාවට සහන ලබා දෙන රජයක් විනා මහජනතාව දඩු අඩුවෙහි තබා පීඩාවට පත් කරන රජයක් නොවන බවත්, ඉන්ධන මිල පහළ යාමේ වාසිය මහජනතාවට රජය ලබා නොදෙන බවට පවසමින් කිසිදු අවබෝධයකින් තොරව මාධ්‍ය නිවේදන නිකුත් කරන දේශපාලනඥයින්ට කිව යුත්තේ ඔවුන්ගේ පාලන කාලය තුළ සෑම මාසයකම 10 වන දින ඉන්ධන මිල වැඩි කිරීමට කටයුතු කළ ආකාරය මහජනතාවට අමතක නැති බවයි.

පසුගිය රජය යටතේ සෑම මාසයකම 10 දින මේ රටේ ජනතාව පසුවුයේ ඉන්ධන මිල ඉහළයාවි ද යන්න පිලිබඳ භීතියකිනි. නමුත් වත්මන් රජය එම භීතිය අවසන් කරනු ලැබ තිබේ.

එමෙන්ම ලංකා ඛනිජ තෙල් නිතිගත සංස්ථාව දැනට ඉන්ධන අලෙවි කරනුයේ සෑම ඉන්ධන වර්ගයකම ලීටරයකින් රුපියල් 10ක් පාඩු පිට ය. භුමිතෙල් ලීටරයකින් සංස්ථාව ලබන පාඩුව රුපියල් 24කි.

එමෙන්ම දැනට පවතින මිල වෙනස්වීම් මත ඉන්ධන මිල සංශෝධනය කල නොහැකිය. එයට හේතුව දැන් ඇත්තේ දෛනික මිල වෙනස්වීමක් පමණක් වන හෙයිනි. අද දින ඉන්ධන මිල අඩුවුවත්, හෙට දින නැවත මිල ඉහළ ගියහොත් සිදු කළ යුත්තේ කුමක්ද ? යන්න ද අවබෝධයෙන් වටහා ගත යුතුය.

තෙල් මිල අඩු නොකිරීම ප්‍රශ්න කළේ සජිත් !

sajith premadasa

ලෝක වෙළෙඳපොළ තුළ තෙල් මිල පහත වැටී ඇති පසුබිමේ වත්මන් ආණ්ඩුව එහි වාසිය ජනතාව වෙත නොදීම පසුගියදා ප්‍රශ්න කර සිටියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්‍ ය.

ඒ අදාල කරුණ සම්බන්ධව විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ය.

“ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළට. එහි වාසිය ජනතාවට නොදෙන්නේ ඇයි ?” යන ශීර්ෂයෙන් යුතුව නිකුත්කල එම නිවේදනය පහත දැක්වෙයි.

ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනවිට ලංකාවේද තෙල් මිල ඉහළ යන බවත්  ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යනවිට ලංකාවේද තෙල් මිල පහළ යන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. තෙල් ආනයනය කළ යුත්තේ ලෝකයේ පවත්නා මිල ගණන් යටතේ බව කී ඔහු  ‘ප්ලග්”එක ගැලවීමකින් එවැන්නක් කළ නොහැකි බවද කීවේය.

එය එසේනම් ආණ්ඩුව වහාම මේ මොහොතේ ලෝක වෙළෙඳපොළේ මේ වනවිට සිදුව තිබෙන පරිවර්තනයට අනුව කටයුතු කළ යුතුය.

ඒ අනුව මේ වනවිට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍ර ලෙස පහළ බැස තිබේ.

 ඉකුත් ජනාධිපතිවරණය අවස්ථාව වනවිට බොරතෙල් බැරලයක මිල වූයේ ඇමරිකන් ඩොලර් 63.30කි. එය කිසියම් ඉහළ යෑමකට ලක්වූයේ ඉකුත් දෙසැම්බර් මාසයේය. ඒ අනුව ඉරාණ අමෙරිකා අර්බුදය හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඇමරිකන් ඩොලර් 69 දක්වා අගයකට ඉහළ ගියේය.

කෙසේ වෙතත් මේ වනවිට නැවත එය ඉතා ශීඝ්‍රයෙන් පහළ ගොස් ඇති අතර වත්මන් ලෝ වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකන් ඩොලර් 57.94  දක්වා පහළ බැස තිබේ. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගයෙහිද කිසිදු වෙනසක් මේ කාර්තුව තුළ සිදුව නැති අතර එය 183ක අගයක පවතී.

අද දිනයේ මිලට ගන්නා තෙල් බැරලයක් වුවද ඉහත මිල ගණන් ඔස්සේ ලබාගත හැකිය. දෙසැම්බර් මාසයේ තෙල් බැරලයක මිල ලෙස සටහන්ව තිබූ ඇමරිකන් ඩොලර් 69 මේ වනවිට ඇමරිකන් ඩොලර් 57.94 දක්වා පහළ බැස තිබීමෙන් පෙන්නුම් කරන්නේ ඒ අතර අඇමරිකන් ඩොලර් 12ක අඩු වීමක් බැලූ බැල්මටම තිබෙන බවය.

මෙය ඉතා බරපතල ලෙස සැලකිල්ලට ගතයුතු තත්ත්වයක් වන අතර  තෙල් මිල පහළ යෑමේ වාසිය නොපමාව ජනතාවට ලබාදීම ආණ්ඩුවේ පැහැර හැරිය නොහැකි වගකීමකි.

වත්මන් ආණ්ඩුව ඉකුත් ජනාධිපතිවරණ සමයේදී නිරන්තරයෙන් ප්‍රකාශ කළේ  ‘මිල සූත්‍රය’ අහෝසි කරන බවය. එහෙත් ආණ්ඩුව එසේ නොකළ අතර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල මෙතරම් පහළ ගොස් ඇතත් ඒ වාසිය ජනතාවගෙන් වසන්කොට ආණ්ඩුව සුපුරුදු මිත්‍යාව සමාජගත කරමින් සිටී. ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ අසාර්ථක බදු ප්‍රතිපත්තියෙන් සිදුවූ බරපතල අත්වැරැද්ද තෙල් මිලෙන් සඟවා ජනතාව වෙත ඒ බරද පැටවීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටීම කණගාටුවට කරුණකි.

අනවශ්‍ය  බදු කප්පාදු කරන බවට යෝජනා ගෙන එමින්ද ජනතාවට සහන සලසන බවට කයිවාරු ගසමින්ද සැබෑ තත්ත්වය වසන් කරමින් ආණ්ඩුව ගෙනයන ජනතාවාදී නොවන ක්‍රියා කලාපය කෙරෙහි අපගේ බලවත් විරෝධය පල කරන අතර ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ යෑමේ වාසිය නොපමාව ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිමු.

යහපාලන ආණ්ඩුවේ ඉන්ධන මිල සූත්‍රය !

යහපාලන ආණ්ඩුව සමයේ එවකට මුදල් අමාත්‍යවරයා වූ මංගල සමරවීර විසින් ඉන්ධන මිල සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දෙනු ලැබිණ.

එහිදී ලෝක වෙළෙඳපොළ ඉන්ධන මිල පදනම් කරගෙන මෙරට වෙළෙඳපොළ මිල උච්චාවචනය කෙරිණ. එහෙත් ඒ සෑම අවස්ථාවකම තෙල් මිල පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ තෙල් මිල ඉක්මවා නොයැවූ බව එම පාර්ශවය සඳහන් කරයි.

තෙල් මිල සූත්‍රය සම්බන්ධව ඇතැම් මාධ්‍ය සහ එවකට විපක්ෂය වූ පොදුජන පෙරමුණ පාර්ශවය විසින් සාවද්‍ය අදහස් ජනතාව වෙත යැවූ නමුත් තමන් ජනතාව පීඩාවට පත්වන ආකාරයට තෙල් මිල ඉහළ නොදැමූ බවත් ඒ පාර්ශවය පවසයි.

වත්මන් ආණ්ඩුව බලය ගැනීමට පෙර  එකී මිල සූත්‍රය අහෝසි කරන බව සදහන් කළත් ආණ්ඩුව පිහිටුවා දින 70ක් ගතවූ නමුත් එවැන්නක් සිදුව නැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

එහිදී වැඩිදුරටත් ඔවුන් පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළ මිල පදනම් කරගෙන සෑම මසකම 10 වෙනිදා සිදුකළ මිල සංශෝධනය ඒ නියමිත ක්‍රමයට සිදුකිරීම ආණ්ඩුවේ යුතුකම බවය. මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එකී ක්‍රියාවලිය ගැන දැනුවත් බවත් ඒ හමුවේ තෙල් මිල සහනය ජනතාවට නොදීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව මේ හරහා යළිත් ඔප්පු කර ඇති බවත් විපක්ෂය පාර්ශවයේ අදහසවී තිබේ.

මධූ විමංසා රොද්‍රිගෝ

Post Views: 1
Previous Post

පැවැති ආණ්ඩුවට චෝදනා කර වගකීමෙන් ගැලවීමට සූදානම් නෑ – රාජ්‍ය අමාත්‍ය සේමසිංහ

Next Post

වුහාන් වල සිටි මෙරට සිසුන් 33 දිවයිනය..දින 14 දක්වා දියතලාව හමුදා කඳවුරේ රඳවා තබයි

editor

editor

Next Post

වුහාන් වල සිටි මෙරට සිසුන් 33 දිවයිනය..දින 14 දක්වා දියතලාව හමුදා කඳවුරේ රඳවා තබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved