27 April 2024
#දේශීය

වුහාන් වල සිටි මෙරට සිසුන් 33 දිවයිනය..දින 14 දක්වා දියතලාව හමුදා කඳවුරේ රඳවා තබයි

චීනයේ වුහාන් නගරයේ රැදී සිටි ශ්‍රී ලාංකික සිසුන් හා පවුල්වලට අයත් සමාජිකයන් 33ක් රැගත් ගුවන් යානාව අද පෙරවරුවේ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ අතර එම සිසුන් විශේෂ මඟී පර්යන්තයකින් රැගෙන විශේෂ පරීක්ෂාවකින් අනතුරුව විශේෂ ආරක්ෂිත බස් රථයකින් දියතලාව දක්වා රැගෙන ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය අද (01) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ එම සිසුන් දින 14 ක කාලයක් දියතලාව හමුදා කඳවුරේ රඳවා තබන අතර ඔවුන්ට අවශ්‍ය සියළු පහසුකම් සපයන බවයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *