හැටන් නගරයේ ව්‍යාපාරික ස්ථානයක චෙක්පත් ගනුදෙනුවක් මුල් කරගනිමින් අද (24) උණුසුම් තත්ත්වයක් හටගත්තේය. මහරගම ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයන් පිරිසක් බීමත්ව පැමිණ අදාළ ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට බැණ වැදී තර්ජනය කිරීම හේතුවෙන් මෙම කලහකාරී තත්ත්වය උද්ගත වී තිබේ. එහිදී ප්‍රදේශවාසීන් සහ මෙම පිරිස අතර ද දැඩි නොසන්සුන්කාරී බවක් නිර්මාණය වූ අතර, වහාම ක්‍රියාත්මක වූ හැටන් පොලිසිය මැදිහත් වී කලහකාරී ලෙස හැසිරුණු මහරගම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ සඳහා හැටන් පොලිස් ස්ථානයේ රඳවා සිටී.
















