ලොව පුරා ගේමර්ස්ලා නොඉවසිල්ලෙන් බලා සිටින Grand Theft Auto VI (GTA 6) ක්‍රීඩාවේ Pre-orders (පෙර ඇණවුම්) කිරීමේ පහසුකම ළඟදීම ආරම්භ වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තා වේ. PlayStation Store හි දත්ත සමුදායට (Database) GTA 6 ට අදාළ අලුත් Title IDs එකතු වී ඇති බව “PlayStation Game Size” පවසයි.
මෙයින් අදහස් කරන්නේ ක්‍රීඩාවේ මිල ගණන් සහ විවිධ සංස්කරණ (Editions) පිළිබඳ විස්තර ඉතා ඉක්මනින් එළිදැක්වෙනු ඇති බවයි. Rockstar Games සමාගම මෙම ක්‍රීඩාව 2026 නොවැම්බර් 19 දින නිකුත් කිරීමට සැලසුම් කර ඇත.
















