හබරාදූව, කතළුව ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටි තරුණයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව හබරාදූව පොලිසිය පවසයි.
කුරුණෑගල ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණි පිරිසක් කතළුව මුහුදු වෙරළේ දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ. දියේ ගිලී ගසාගෙන ගිය අදාළ පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් වහා බේරාගෙන රෝහල් ගත කිරීමට කටයුතු කළද, අතරමගදී ඔහු මියගොස් ඇත.
මියගොස් ඇත්තේ පොතුහැර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තරුණයෙකි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත අතර, හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















