• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට මේතරම් ආගධයට වගකිව යුත්තේ පස්වතාවක් අගමැති වු රනිල් බව හදුන්නෙත්ති කියයි

3 September 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෑත ඉතිහාසයේ අපේ රට අගාධයට ඇද දැමීම ගැන වගකිව යුතු පස්වතාවක් අගමැතිකම කළ රනිල් වික්‍රමසිංහ බව ජනතා විමුක්ති පෙරමුනේ මධ්‍යම කමිටු සාමාජික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (02) ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදිය.

එහිදි හදුන්නේතිති මහතා මෙසේ අදහස් පල කලේය “අයවැය ඉදිරිපත් කර තිබෙන්නේ අර්බුදයන්ට උත්තර සොයනවාට වඩා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වෙන සොච්චම් මුදල ගන්න ඔවුන්ගේ කොන්දේසිවලට යටත් වෙලා. ඉතා කනගාටු දේ සහ විහිළු සහගත දේ වන්නේ රාජපක්ෂලාගේ වික්‍රමසිංහ ගෙනා අයවැයට පොදුජන පෙරමුණේ බහුතරයකට අත ඔසවන්න සිදුවී තිබීමයි. ඔවුන් මීට ඉස්සර විවේචනය කළ රනිල් වික්‍රමසිංහ ගෙන ආ අයවැයට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙනුවෙන් අත ඔසවන්න සිදුවී තිබෙනවා. ඔහු මේ අයවැය හඳුන්වන්නේම “ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වන එකඟතාවයන් සහ 2023 අයවැය මගින් ආර්ථික ස්ථායීකරණය සහ පුනර්ජීවනය සඳහා නිශ්චිත රාමුවක් සකස් කිරීමක්” බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති වන එකඟතාවයන්ට අනුව යෝජනා ඉදිරිපත් කරන බව පැහැදිලියි. 2023න් ඉදිරියට ආර්ථිකය පවත්වාගෙන යන්නත් අපේක්ෂා කරනවා. අස්ථාවර ආණ්ඩුවක් කොහොමද ස්ථාවර අයවැයක් ඉදිරිපත් කරන්නේ. මහජනතාවගේ වරමින් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව මූල්‍ය අරමුදල පවා අවධාරණය කර තිබුණා. මේ අයවැයෙන් ආර්ථික අර්බුදයට උත්තර නැහැ වගේම දේශපාලනයේ ඇති වී තිබෙන අස්ථාවරත්වයට ප්‍රතිපත්තිමය වශයෙන් ගත්තොත් ප්‍රතිපත්තියක් නැතිකමත් තහවුරු වී තිබෙනවා. අයවැයේ ඡන්ද විමසීමේදී මේ බව දකින්න හැකිවේවි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ක්‍රියාවට නඟන්න ඔහුව විවේචනය කළ අයටම අත ඔසවන්න සිදුවී තිබෙනවා.

මෑත ඉතිහාසයේ අපේ රට මෙතරම් අගාධයකට වැටී නැති බව අයවැය කතාවේදී රනිල් වික්‍රමසිංහ කියනවා. ඒක ජනතාව දන්නවා. මේ වගේ කතා කියන්නේ මේ අගාධයට ඇද දැමීම ගැන වගකිව යුතු පස්වතාවක් අගමැතිකම කළ රනිල් වික්‍රමසිංහයි. රනිල් වික්‍රමසිංහලාගේ ප්‍රතිපත්ති නිසා මේ අගාධයට ඇද වැටුණු බව ජනතාව දන්නවා. “තවමත් අපේ රටේ සමහර අයට මේ අර්බුදයේ බරපතළකම ගැන අවබෝධයක් නැහැ” කියලා හරි අපූරු කතාවක් රනිල් වික්‍රමසිංහ කියනවා. “දුෂ්කරතා ගැන අසීරුතා ගැන පෙන්වා දෙමින් ඔවුන් උපහාසයෙන් බලනවා. ඒ අය ගින්දර රත්වෙන තුරු හැළියේ කකුළුවෝ වගේ හිතන් ඉන්නවා.” කියලත් කියනවා. මේ කියන කකුළුවෝ කවුද? රට ණය කරලා ආර්ථික අර්බුදය ඉදිරියේ දරුවන්ගේ අධ්‍යාපනය නැති කරලා, රැකියා නැති කරලා, මන්දපෝෂණයට ඇද දමලා, මේ රට විනාශයට පත් කළ කකුළුවෝ කවුද? දිය රත්වෙන තුරු හොරකම් කර කර, මහජන ධනය කොල්ලකමින් පිටරට ගිණුම්වල තැන්පත් කළ කකුළුවෝ මේ රටේ ජනතාව නොවෙයි. ඒ හොරු රැළම දැන් කියනවා දිය රත්වෙනකම් හැළියේ සතුටු වෙමින් ඉන්න කකුළුවෝ ගැන. මහ බැංකුව, බැඳුම්කරවලින් කොල්ලකාලා යාළුවොන්ට දීලා මේ අය අවුලවපු ගින්න නිවන්න මහජනතාවට බදු ගෙවන්න සිදුවී තිබෙනවා. ඒ ගින්න නිවන්න දඩගෙවන්න සිදුවී තිබෙනවා. ඒ ගිනි නිවන්න දරුවන්ට බඩගින්නේ ඉන්න සිදුවී තිබෙනවා. හැළිය රත්වෙනකම් සතුටින් දිය කෙළියේ රට පාලනය කළ කකුළුවෝ මිස ජනතාව නොවෙයි. හැදාමත් වන්දි ගෙවන්න සිදුවුණේ ජනතාවටයි.

අයවැය ඡන්ද විමසීමේදී දේශපාලන අස්ථාවරත්වය හෙළිවන තත්වයක් පවතිනවා. මූල්‍ය අරමුදලට අවනතභාවය අයවැය යෝජනාවලත් ඇතුළත් වෙනවා. කලින් අඩුකළ වැට් බදු 15% දක්වා නැවත වැඩිකර තිබෙනවා. ආහාර උද්ධමනය 90% දක්වාත් අනිකුත් භාණ්ඩවල 66%දක්වාත් වැඩිවී තිබෙන පසුබිමකයි වැට් බදු වැඩි කරන්නේ. සැප්තැම්බර් 01දා සිට වැට් බදු ක්‍රියාත්මක කරන විට ඊට පෙර වෙළඳපළට නිකුත් කළ භාණ්ඩවලටත් බදු එකතු කරනවා. මේ නිසා අතිශය විශාල වශයෙන් භාණ්ඩ මිල වැඩිවෙනවා. සිගරට් මිල වැඩිවීම විතරක් ප්‍රකාශ කළාට සාමාන්‍ය ජනතාවගේ ආහාරපාන, දුරකථන බිල්, ඇතුළු සෑම දෙයකම මිල ඉහළ යනවා. වැටුප් වැඩිවීම් නැති, ආදායම් මාර්ග නැති, ජනතාව මේ බද්ද දරාගන්නේ කොහොමද? ඒ වගේම අවුරුදු 18ට වැඩි සෑම පුද්ගලයෙකුගේම ආදායම් බදු ෆයිල් එකක් විවෘත කිරීමෙන් ආණ්ඩුව බලාපොරොත්තු වෙන අරමුණ මොකක්ද? අදතරුණ විරැකියාව ඉහළ ගිහින්. අවුරුදු 24-35 අතර 28%කට රැකියාවක් නැහැ. ඔවුන්ටත් බදු ෆයිල් එකක් ආරම්භ කර, බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? මේකෙන් කරන්නේ මූල්‍ය අරමුදල සතුටු කිරීමයි.

හැබැයි ආණ්ඩුවේ නායකයින්, පාලකයින් එක වරප්‍රසාදයක්වත් අඩුකරගෙන නැහැ. ජනාධිපතිගේත්, අගමැතිගේත්, ඇමති මණ්ඩලයේත්, වියදම්වලින් අඩුකරගෙන නැහැ. තවත් වැඩිකරගෙන විතරයි. අඩුම වශයෙන් තිබෙන මට්ටමින් පවත්වාගෙන ඒ බව ජනතාව මත පටවනවා. එතකොට කකුළුවෝ කවුද? ආර්ථික අර්බුදයේදී පවා කකුළුවෝ ටික සතුටින් සිටිමින් ජනතාව පිට බර පටවා තිබෙනවා. පාඩු ලබන, නම් කරන රාජ්‍ය ව්‍යාපාර විකිණීමටත් කටයුතු කර තිබෙනවා. ඉතිහාසයේ විවිධ නම්වලින් හැඳින්වූ පෞද්ගලීකරණය නැවත පටන් ගන්න සූදානම්. මේ ආයතන බංකොලොත් කළේ පැවති ආණ්ඩුයි. රාජ්‍ය ආයතන බිඳවට්ටලා, දැන් මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටුකරන්න විකුණන්න සූදානම් වෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කියලා නම්කර ජනාධිපතිගේ අයවැය කථාවේදී මාව උපුටාගෙන තිබෙනවා. ආණ්ඩු තමයි සුදුළුෑණු බදු වංචාව, සීනි බදු වංචාව වගේ දේවලින් රාජ්‍ය ආයතනවලට පාඩුකර තිබෙන බව අපි කරුණු දක්වන විට “රජය ව්‍යාපාර කරන්න එපා කියලා හඳුන්නෙත්තිත් කියනවා” කියලා යොදා ගන්නවා. හඳුන්නෙත්තිලා කියන දේවල් අහලා මීට කලින් කටයුතු කළාද? මේවා දියුණු කරන්න කටයුතු කළාද? නැහැ. තමන්ගේ අයට දේශපාලන පත්වීම් ලබාදී මහජන දේපළ පුද්ගලික දේපළ වගේ පරිහරණය කර, ඒ ආයතන බිඳවැට්ටුවා. ලාභ ලැබූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ගුවන් යානා මිලදී ගන්න, මිලදී ගැනීමේ ගිවිසුම් අහෝසි කරන්න වැරදි තීන්දු තීරණ ගත්තේ ජනතාව නොවෙයි. ඒ විනාශයන් කළ අය දැන් විකුණන්න අදාළ මතය හදාගන්න ඒවා බංකොලොත් කළ අතීතය ජනතාවට අමතක කරවනවා. කන්න ඕනෑ වුනාම කබරගොයා තලගොයා කරන න්‍යායෙන් අපිවත් යොදා ගන්නවා.

රාජ්‍ය ආයතන පාඩු ලබන තත්වයට පත්කළේ ආණ්ඩු නම්, දැන් කරන්න ඕනෑ, ඒවා ලාභ ලබන තත්වයකට පත්කරන අයට භාරදී බැහැලා යන්න ඕනෑ. මේ රටේ ඉතිහාසයේ ආණ්ඩු මැදිහත් වෙලා රාජ්‍ය ව්‍යාපාර දේශපාලනයෙන් තොර තත්වයට පත්කර නැහැ. රාජ්‍ය ව්‍යාපාර දේශපාලනීකරණය කිරීම හැමදාමත් කර තිබෙනවා. රජය මහජන උපයෝගීතා සේවාවන් පවත්වාගෙන යන්න ඕනෑ. ඒ සඳහා සුදුසුකම් ඇති අය අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කරන්න ඕනෑ. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, වගේ ආයතන අපේ රටේ ස්වෛරීභාවයට අත්‍යවශ්‍ය වෙනවා. නමුත් මේවා වෙනත් රටක රාජ්‍ය හෝ වෙනත් ආයතනවලින් මේවා ගන්න යනවා. ශ්‍රී ලංකාවේ රජයට කරගෙන යන්න බැරි ආයතන ඉන්දියාවෙන් ඇවිල්ලා ලාභ ලබමින් පවත්වාගෙන යනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය, පාර්ලිමේන්තුවේ බලයට යටත් කිරීම මගින් පෞද්ගලික අංශයට වඩා සුරක්ෂිත ලෙස මේ ආයතන පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් අවුරුදු පහෙන් පහට මාරුවෙන අධ්‍යක්ෂ මණ්ඩල ආයතන බිඳ වැට්ටුවා. මේ වෙනුවෙන් වගකිවයුතු අය දැන් වගකීමෙන් නිදහස් වී අපිවත් පාවිච්චි කරමින් විකුණන්න හදනවා. විකුණන තැනට ගන්න අපේ වචනත් පාවිච්චි කරනවා. මූල්‍ය අරමුදල ඩොලර් බිලියන 2.9ක් දෙන්නේ මේ වෙනුවෙන්.

රිලවා නටවන කෙනා කෙහෙල් ගෙඩියක් දෙන්නේ රිලවා පිම්මක් පැන්නොත් විතරයි. ඒ වගේ මූල්‍ය අරමුදල විකිණිය යුතු ආයතන නම්කර ඩොලර් ටිකක් දෙන බව කියනවා. එකපාර දෙන්නෙත් නැහැ. රිලවාට කෙහෙල් ගෙඩිය පෙන්නනවා වගේ මාස 48ක් පුරා කොටස් වශයෙන් මේ මුදල දෙන බව කියනවා. බදු වැඩිකළ හොත් විතරයි, ජනතාවගේ සහන කැපුවොත් විතරයි, ආයතන විකුණුවොත් විතරයි ණය දෙන්නේ. ලංකාවේ ආර්ථිකය මූල්‍ය අරමුදලෙන් හසුරුවන්නේ මේ විදිහට. අවුරුදු හතරකට ලබාදෙන ණය වෙනුවෙන් ඔවුන්ට ගැලපෙන යෝජනා ක්‍රියාත්මක කරවා ගන්න කොන්දේසි දානවා. මේ ණයවලින් තෙල්, කිරිපිටි, ඖෂධ, ගෙන්වන්න බැහැ. මිනිසුන්ට සහන දෙන්න යොදා ගන්නත් බැහැ. විදේශ සංචිත වැඩිකර පෙන්වන්න විතරයි යොදා ගන්න පුළුවන්. සංචිත ස්ථාවරත්වය පෙන්නුවාම තව ණය දෙන්න කැමති වෙන අය ඉන්නවා නම්, ණය ගන්න පුළුවන්. අවසානයේ රටක් හැටියට ඉතිරි වී තිබෙන ආර්ථික මර්මස්ථාන සහ සම්පත් ටිකත් විකුණා දාන්නයි සිදුවෙන්නේ. ලාභ ලබන ටෙලිකොම්, රක්ෂණ සංස්ථාව, විකුණන්න දාන්නෙත් මේ නිසා. විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව, පාඩු ලබන බව කීවත් ලාභ ලබන ආයතනත් විකුණන්න උත්සාහ කරන්නේ මේ සියල්ලම අරගෙන ලංකාවේ ස්වෛරිත්වය, ආරක්ෂාව, යටපත් කරගෙන ඔවුන්ගේ දේශපාලන සහ ආර්ථික ගමන යන්නයි. රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති අනුව, ඔවුන්ගේ පංතිමය අර්ථයෙන් මේ ක්‍රියාමාර්ග ගෙනයනවා.

මේ අයවැයේ ධීවරයාගේ දැවෙන ප්‍රශ්න ගැන කතාකර නැහැ. බිත්තරයේ මිල අඩුවෙන්නේ නැහැ. ගොවියාට පොහොර ටික ලබාදෙන්නේ නැහැ. ගොවීන්ගේ වගාව සහ අස්වැන්න විනාශ වෙමින් තිබෙනවා. මේ අයවැයෙන් ඒ කිසිවක් කතාකර නැහැ. වැඩකරන ජනතාවගේ පැත්තෙන් සේවය අවසන් කිරීමේ පනත ඉවත් කරන්න සූදානම් වෙනවා. දැන් රැකියා අහිමිවීමේ වේගය වැඩියි. රැකියා අහිමිවෙන අයට සාධාරණ වන්දියක් ලැබීමේ අයිතිය සේවය අවසන් කිරීමේ පනත ඉවත් කිරීමෙන් අහෝසි වී යනවා. පාඩු ලබන ආයතන විකුණනවා නම්, ලංකාවේ වැඩිම පාඩු ලබන ආයතන වන භාණ්ඩාගාරය, පාර්ලිමේන්තුව විකුණන්නේ නැහැ. ආණ්ඩුවේ දේශපාලනය අයින්කර දියුණු කරන්න පුළුවන් රාජ්‍ය ආයතන විකුණන්න කටයුතු කරනවා. මේ අයවැයේ අස්ථාවර වූ ජන කොටස්වලට උදව් කරන බව කියන යෝජනා රැසක් තිබෙනවා. ඔවුන් වෙනුවෙන් මහජන මුදල් ඉතාම සොච්චම් මුදලක් වෙන්කර තිබෙනවා. පීඩාවට පත්වුණු ජනතාවට ලබාදෙන බව කියන ඉතා සොච්චම් මුදල ගැන මාධ්‍යයෙන් වැඩිපුරම කතා කරනවා. ඒ අයට දෙන එක ප්‍රශ්නයක් නොවෙයි. නමුත් සමස්ත සමාජයටම තිබෙන අසහනය දුරුකිරීමේ ක්‍රමයක් සකස් කිරීම කළ යුතුයි. වැට් බද්දේ පීඩාව සමස්ත ජනතාවටම පටවනවා. දෙනවා කියන සහන දේශපාලන න්‍යාය පත්‍රයක් අනුව සුළු පිරිසකට ලබාදෙන්න යනවා.

විශ්‍රාම වයස අවුරුදු 60ක් කිරීමෙන් විශ්‍රාම ගන්නා පිරිස වැඩිවෙනවා. ඒ අනුව අලුත් පිරිසකට අවස්ථා නිර්මානය වෙන රැකියා වෙනුවෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ග ගැන සඳහනක් නැහැ. විශේෂයෙන්ම බැංකු පොලිය වැඩිවීම නිසා විශ්‍රාමිකයන්ගේ නිවාස ණය ගෙවාගත නොහැකිව ඉන්නවා. හමුදා, පොලීසි ඇතුළු විශ්‍රාමිකයන්ගේ මුළු වැටුපම ණය වාරිකයට ගෙවා දැමීමට සිදුවී තිබෙනවා. මේ අයවැය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කිරීම වෙනුවෙන් ඉදිරිපත් කර, අයවැය කතාව අවසානයේ “අප පමණද එකතැන කැරකෙන්නේ – අප තනිකර ලෝකය දිව යන්නේ” යනුවෙන් කියනවා. නමුත් මේක “අප පමණද එකතැන කැරකෙව්වේ -” කියලා වෙනස් වෙන්න ඕනෑ. ලංකාවේ අලුත් පරම්පරාව එකතැන කැරකෙන්න කැමති නැහැ. ලෝකයත් එක්ක ඉස්සරහට යන්නයි අවශ්‍ය. ඒ ගමනට සුදුසු පාලකයන් පත්වුණේ නැහැ. රනිල් වික්‍රමසිංහ අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ ඉඳලා වාර පහක් අගමැතිකම කරලා ලංකාව එකතැන කැරකෙව්වා. රනිල්ලා, රාජපක්ෂලා කවුරුත් අපේ සාරය උරාබීලා ඔවුන් ලෝකයට ගියා. අපේ රටේ සල්ලි වෙන රටවල්වල බැංකු ගිණුම්වලට දැම්මා. අවසානයේ ලෝකයට ඒගොල්ලොත්, ඒගොල්ලොන්ගේ යහළුවොත් ගියා. ජනතාව එකතැන කැරකෙනවා වෙනුවට එය වෙනස් කළ හැකි ශක්තිමත්, ස්ථාවර, ජනතාවට ආදරය කරන පාලනයක් හදාගන්න ඕනෑ. එහෙම නැතිව මේ අර්බුදවලට විසඳුම් ලබාගන්න බැහැ.යැයි සුනිල් හදුන්නෙත්ති මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

 

Post Views: 1
Previous Post

මැලේසියාවේ අත්දැකීම් අපට ආදර්ශයක් – පාඨලි චම්පික රණවක

Next Post

පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකිය – ජනපති

editor

editor

Next Post

පොලිසිය සහ ස්වාධීන අධිකරණයක් නොමැතිව නීතියේ ආධිපත්‍ය සුරැකිය නොහැකිය - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved