හංවැල්ල ඇඹුල්ගම මංසන්ධියේ පිහිටි වෙළඳසැලක් තුළ නීතිවිරෝධී ලෙස සඟවා තිබූ ඩීසල් ලීටර් 720කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හංවැල්ල පොලීසිය පියවර ගෙන තිබේ. මෙම ඩීසල් තොගය වැඩි මිලට විකිණීමේ අරමුණින් රැස්කර තිබූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර අදාළ වෙළඳසැල තුළ බූලි, කෑන් සහ බැරල් 40කට ආසන්න ප්‍රමාණයක මෙම ඉන්ධන තොගය ගබඩා කර තිබූ බව පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හෙට (21) හෝමගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














