ප්‍රකට වාමාංශික ස්ට්‍රීමර්වරයෙකු (Streamer) වන හසන් පයිකර් (Hasan Piker), ඇමෙරිකානු රිපබ්ලිකන් පක්ෂය සම්බන්ධයෙන් සිදුකළ දැඩි විවේචනාත්මක ප්‍රකාශයක් හේතුවෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. මෑතකදී සහභාගී වූ පොඩ්කාස්ට් (Podcast) වැඩසටහනකදී ඔහු රිපබ්ලිකන් පක්ෂය අමෙරිකාව තුළ සිටින “විශාලතම දේශීය ත්‍රස්තවාදීන්” ලෙස හංවඩු ගසා ඇත.
මෙම ප්‍රකාශය වඩාත් තීරණාත්මක වන්නේ, මිචිගන් ප්‍රාන්තයේ එක්සත් ජනපද සෙනෙට් මණ්ඩලය සඳහා තරඟ කරන ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂක අබ්දුල් එල්-සායෙඩ් (Abdul El-Sayed) සමඟ හසන් පයිකර් පසුගියදා මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වීම හේතුවෙනි. මෙලෙස දේශපාලන ක්‍රියාධරයෙකු සෘජුවම එක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට එරෙහිව මෙවැනි බරපතල චෝදනා එල්ල කිරීම ඇමෙරිකානු දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි මතභේදයට තුඩු දී ඇත.
විශේෂයෙන්ම මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඇමෙරිකාව තුළ පවතින දේශපාලන බෙදීම මෙවැනි ප්‍රකාශ හරහා තවදුරටත් තීව්‍ර වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: fox news(x) ඇසුරින්













