• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තෙල් මිල බැසිල්ගේ ඇඟට වැටෙන්නේ නැති විදහට තමා ප්ලෑන් කරලා – ජවිපේ බිමල්

21 December 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා ඉන්ධන මිල වැඩිකිරීමට අදළ තීරණය ගෙන එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔහුගේ ඇඟට නොවැටෙන ආකාරයට සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.

ඒ මහතා මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමින් පවසා සිටියේ තෙල් මිල වැඩිකිරීම පිටුපස දේශපාලන නාට්‍යයක් ඇති බවයි.

රාජපක්‍ෂවරු රටේ ආර්ථිකය හැසිරවීමෙන් සියයට 60-70කට වගකියන ගමන්, පවුලේ අයට අත තබා ගන්නා ගමන් ඒවායෙන් සිද්ධ වෙන්නා වූ මහජන පීඩාව තමන්ගේ ඇඟට නොගෙන ආණ්ඩුව තුළ ඉන්න අන්තේවාසික ඇමතිවරුන් පිටින් යවන බව හෙතෙම පැවසිය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා එහිදී වැඩිදුරටත් මෙසේ අදහස් පල කලේය ” ඊයේ (20) මධ්‍යම රාත්‍රියේ සිට ආණ්ඩුව විසින් රටේ ඉන්ධන මිල ගණන් පෙර නොවූ විරූ ආකාරයෙන් ඉහළ දමා තිබෙනවා. මේ හේතුවෙන් ජනතාව පත්වී තිබෙන පීඩනය දෙගුණ තෙගුණ වී තිබෙනවා. ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කර තිබෙන නිවේදනය අනුව ඔක්ටේන් 92 පෙට්‍රල්වල මිල රු. 20කින්, 95 පෙට්‍රල් රු. 23කින්, සාමාන්‍ය ඩීසල් රු. 10කිනුත්, සුපර් ඩීසල් රු. 15කිනුත් භුමිතෙල් රු. 10කිනුත් වැඩිකර තිබෙනවා. ලංකාවේ ඉතිහාසයේ වැඩිම තෙල් මිල ආණ්ඩුව විසින් ලබාදී තිබෙනවා. නමුත් ලෝක වෙළඳපොළේ තෙල් බැරලයක මිල මීටත් වඩා වැඩි වූ අවස්ථා මීට පෙර තිබුණා. 2013දී එය ඩොලර් 97ක් වී තිබුණා. අවුරුදු ගණනාවක් එය ඩොලර් 100ක පමණ මිලක තිබුණා. එසේ තිබියදී පහුගිය මාසවල යම් ප්‍රමාණයක ඉහළ යාමක් පැවතියත් ඔමික්‍රොන් ප්‍රභේදයේ පැතිරීමත් සමගම යුරෝපයේ රටවල්වල සංචාරක සීමා පැනවීම නිසා ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් යම් අඩුවීමක් සිදුවුණා. ඔමික්‍රොන් සීග්‍රයෙන් පැතිර යන නිසා මෙය ඩොලර් 60ක පමණ සීමාවකට අඩුවිය හැකි යයි උපකල්පනයක් තිබෙනවා. ඒ අනුව ආණ්ඩුව මේ තෙල් මිල වැඩිකිරීම සිදුකර ඇත්තේ ලෝක වෙළඳපොළේ තෙල් මිල අඩු වෙමින් තිබෙන අවස්ථාවකයි.

මිල වැඩි කිරීමේදී පෙට්‍රල් සම්බන්ධව මිත්‍යා අදහසක් කියනවා. ඒ තමයි පෙට්‍රල් සල්ලිකාරයින්ගේ ඉන්ධනය ඩීසල් කියන්නේ දුප්පතුන්ගේ ඉන්ධනය කියලා. 70 ගණන්වලට මේ කතාව හරි ඇති. ඒ කාලේ දුප්පත් මිනිස්සු පාවිච්චි කරන මෝටර් බයිසිකල්, ත්‍රීවිල් පොඩි කාර් තිබුණේ නැහැ. නමුත් දැන් ප්‍රවාහන ප්‍රශ්න නිසා ලංකාවේ යතුරු පැදි ලක්ෂ 36ක් වගේ තියෙනවා. ත්‍රීරෝද රථ තියෙනවා ලක්ෂ 20ක් වගේ. පොඩි කාර් ඒ වගේ ප්‍රමාණයක් තියෙනවා. මේවා පාවිච්චි කරන්නේ පොඩි මිනිස්සු. ඒවට යොදාගන්නේ පෙට්‍රල්. ආණ්ඩුව පරණ මිත්‍යාව උඩට ගන්නවා පෙට්‍රල් මිල වැඩි කරන්න. නමුත් බයිසිකලේට ත්‍රීවිල් එකට ගහන්නේ පෙට්‍රල්. පෙට්‍රල්වලට දැනටමත් රුපියල් 40ක වගේ බද්දක් තියෙනවා. ආණ්ඩුව ඒ වගේ දේවල් යොදා ගනිමින් වාසි ගන්නවා.

අද ඛනිජ තෙල් ඇමතිවරයා හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව රූකඩ බවට පත්කර තිබෙනවා. තෙල් මිල වැඩිකිරීමට අදාළ සාකච්ඡා ආණ්ඩුව තුළ සිදුවුණේ දෙසැම්බර් 13වැනිදා අයවැය අවසන් වුණාට පසුයි. නමුත් ඒ මොහොතේ කැබිනට් මණ්ඩලය තුළ මේ පිළිබඳව සාකච්ඡා වෙද්දී බැසිල් රාජපක්‍ෂ මුදල් අමාත්‍යවරයා තමන් ලංකාව තුළ සිටියදී මිල වැඩිකිරීමට ඉඩ නොදුන් බව ප්‍රසිද්ධ රහසක්. ඒ අවස්ථාවේ ඛනිජ තෙල් ඇමතිවරයාට මිල වැඩිකිරීමට ඉඩ නොදුන් නමුත් ඊයේ (20) රාත්‍රියේ ඛනිජ තෙල් සංස්ථාව විසින් මිල වැඩි කිරීම කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයේ ඉල්ලීම මතයි. ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා කියනවා, මෙය ඩොලර් සංචිත රැක ගැනීම වෙනුවෙන් කළ දෙයක් කියලා. ලංකාවේ තෙල්වල රුපියල් මිල වැඩි කළාම ඩොලර් සංචිත ඉහළ යන්නේ කොහොමදැයි අප දන්නේ නැහැ. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ මිනිස්සුන්ට ගමන් බිමන් නොගොස් ගෙදරට වී සිටින ලෙස කීමයි. ඒක ආණ්ඩුව විසින් ජනතාවට කෙලින් කිව යුතුව තිබුණා.

නමුත් එවැන්නක් නොකර බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා ලංකාවේ රැකියාව කර එතුමාගේ දරුවන් සමග ගත කිරීමට ඇමරිකාවට ගිය අවස්ථාවේ එය සිදුකරන ලෙසට උපදෙස් ලබාදී තිබුණා. විදෙස් ගත ශ්‍රී ලාංකිකයොත් එම රටවල අවුරුද්දක් පමණ කාලයක් සේවය කිරීමෙන් පස්සේ මුදල් ටිකක් හොයාගෙන තමන්ගේ දරුවන් බැලීමට ලංකාවට එනවා. ඒ වගේ බැසිල් ඇමතිවරයා මේ රටේ තමන්ගේ රැකියාව සහ ව්‍යාපාර කටයුතු කිරීමෙන් පස්සේ නිවාඩුව ගත කිරීමට ඇමරිකාවට ගොස් තිබෙනවා.

එතුමා සිටින මොහොතේ මෙය වැඩි කිරීමට ඉඩ නොදී තිබෙන්නේ එතුමාගේ නිවාඩුවට බාධාවක් වන නිසා විය යුතුයි. දැන් එය සිදුකර ඇත්තේ වැඩ බලන මුදල් ඇමතිවරයාගේ සහ ඛනිජ තෙල් ඇමතිවරයාගේ වගකීමෙනුයි.

ඒ අනුව බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා මේ මිල වැඩිකිරීමට අදළ තීරණය ගෙන එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔහුගේ ඇඟට නොවැටෙන ආකාරයට සිදුකර ඇති ඉතාම පැහැදිලියි. අද මේ තෙල් මිල වැඩිකිරීම පිටුපස දේශපාලන නාට්‍යය මෙබඳුයි. රාජපක්‍ෂවරු රටේ ආර්ථිකය හැසිරවීමෙන් සියයට 60-70කට වගකියන ගමන්, පවුලේ අයට අත තබා ගන්නා ගමන් ඒවායෙන් සිද්ධ වෙන්නා වූ මහජන පීඩාව තමන්ගේ ඇඟට නොගෙන ආණ්ඩුව තුළ ඉන්න අන්තේවාසික ඇමතිවරුන් පිටින් යවනවා.

තෙල් මිල වැඩිකිරීම නිසා සංවිධාන ගණනාවක් තමන්ගේ නිෂ්පාදන වියදම විශාල වශයෙන් වැඩි කරන බව දැනටමත් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ලංකාවේ බේකරි හිමියන්ගේ සංගමය තමන් සම්පූර්ණයෙන්ම මිල පාලනයෙන් ඉවත් වන බව කියා තිබෙනවා. තමන් කැමති මිලකට බඩු විකුණන බව ඔවුන් කියා තිබෙනවා. ත්‍රීරෝද රථ හිමියන්ගේ සංගමය දිවා කාලයේදී පළමු කිලෝ මීටරයට රු. 50ක් වන ගාස්තුව රු. 80ක් දක්වා වැඩි කරන බව කියා තිබෙනවා. බස් හිමියන් ආරම්භක ගාස්තුව රු. 25ක් විය යුතු බව කියා තිබෙනවා. ආණ්ඩුව රටේ තෙල් මිල වැඩි කිරීමත් සමග ජනතාවට අතිශයින්ම බලපාන ආහාරමය නිෂ්පාදනවල සහ ත්‍රීරෝද රථ සහ බස්රථ ප්‍රවාහන වියදම් ඉහළ යාමට නියමිතයි. මේ මිල වැඩි කිරීමත් එක්ක විවිධ පිරිස් තම තමන්ගේ ගාස්තු ඉහළ දැමීමට සූදානම් වනවා. මේ විදිහට කිසිදු වගකීමකින් තොරව අපි මිලට ගන්නා භාණ්ඩ හා සේවාවල මිල නුදුරේදී විශාල ලෙස ඉහළ යාවි.

ඇත්තටම ගත්තොත් දැන් රටේ ආණ්ඩුවක් නැති තරම්. මේ මිල වැඩි කිරීම අතිශය අසාධාරණයි. මේක ජනතාව විශාල පීඩනයක සිටින මොහොතක්. ඇතැම් භාණ්ඩ හිඟයි. ඇතැම් භාණ්ඩවල ප්‍රමිතිය බාලයි. ජනතාව ඒවායෙන් පීඩා විඳිනවා. මේ සියල්ල මැද භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ යනවා. මේ භාණ්ඩ මිල තීරණය කරන්නේ කවුද? මේ භාණ්ඩ මිල සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සොයා බැලීමක් පාලනයක් ආණ්ඩුවෙන් සිදුවන්නේ නැහැ. ආණ්ඩුව ජනතාවගෙන් මුදල් ගසා කනවා වගේම ඒකාධිකාරී ආයතන ජනතාව පිළිබඳ කිසිදු තැකීමකින් තොරව තමන්ගේ ලාභය පමණක්ම සිතා කටයුතු කරන්නේ නම් එය අනුමත කළ නොහැකියි. මේ කිසිසේත්ම ආණ්ඩුවේ වැරැද්ද සමාගම් වෙත හැරවීමක් නෙවෙයි. උදාහරණයක් ලෙස පසුගිය සැප්තැම්බර් මාසයේ පුවත්පතක් වාර්තා කර තිබුණා, තුන්වන කාර්තුව වන විට සමාගම්වල ලාභය ඉහළ ගොස් තිබෙන ආකාරය. එය විමතිය දනවන කාරණයක්. පේන අන්දමට ආණ්ඩුව දුප්පත් වෙමින් තිබෙනවා. මිනිස්සුන් දුප්පත් වෙමින් සිටිනවා. කුඩා ව්‍යාපාරිකයෙක් සොයා ගැනීමටත් නැහැ. ඔවුන් සුනාමියට හසුවෙලා. කෙසේ වුවත් මේ අතරේ දෙගොල්ලක් පොහොසත් වෙනවා. ලංකාවේ දේශීය වෙළඳපොළේ මහා පරිමාණ සමාගම් සියයට තිස් ගණන්වල, පනස් ගණන්වල ලාභ ලබනවා. අනෙක් පිරිස ආණ්ඩුවට සම්බන්ධ දේශපාලකයෝයි. ආණ්ඩුවට සම්බන්ධ ආයතයයක් ගත්තොත් එස්.එල්.ටී. මොබිටෙල් ඔවුන් විසින්ම ඔවුන්ගේ තුන්වන කාර්තුවේ ලාභය අතිවිශාල ලෙස වැඩි වූ ආකාරය කියනවා. ඇතැම් බැංකු තමන්ගේ ලාභය 312%කින් වැඩිවූ බව කියනවා. එසේ කියන්නේ රට කඩා වැටුණු වෙලාවකයි. දැන් ලංකාවේ මිල තීරණය කරන්නේ නිෂ්පාදකයින් පමණක් නෙවෙයි. නිෂ්පාදනය සහ වෙළඳාම දෙකම කරන පිරිසක් ඉන්නවා. ලංකාවේ වෙළඳපොළ විශාල සුපර් මාර්කට් ජාල දෙකකින් පාලනය වෙනවා. ඒ සමාගම් දෙකේ මූල්‍ය වාර්තා පරීක්‍ෂා කරලා බැලුවොත් එක සමාගමමක් කියනවා බදු ගෙවීමේන් පසු කාර්තුවේ ලාභය මිලියන 3500ක් බව. අනෙක් සමාගම කියනවා, මිලියන 1387කක් ලාභ ලැබූ බව. මෙයින් අදහස් වන්නේ සමාගම් ලාභ නොලැබිය යුතු බව නෙවෙයි. නමුත් අපි අහන දෙය තමයි, මෙහෙම ලාභ උපයන ගමන් ඔවුන් හිතු මනාපයට මිල වැඩි කිරීමටත් මැදිහත් වීමයි. මේ මිල වැඩිකිරීම්වලට කිසිදු සොයා බැලීමක් නැහැ. එසේ කිරීමට ඇතැම් වෙලාවට තර්කයකුත් නැහැ. මෙවැනි දේවල් නීත්‍යානුකූලවම පාලනය කළ යුතුයි. අපේ රටේ තිබෙන වෙළඳ නීතිය අනුව ඒකාධිකාර හදන්න බැහැ. අද ප්‍රධාන වෙළඳ සමාගම් භාණ්ඩවල මිල තීරණය කරමින් අධික ලාභ ලබනවා. ආණ්ඩුවේ වෙළඳ ඇමතිවරු කරන්නේ මොකක්ද? සතොසෙන් බඩු මල්ලක් බෙදා මේවා නතර කළ හැකිද? අද ජනතාව ආණ්ඩුවෙනුත් සූරාකෑමට ලක් වෙනවා. මහා පරිමාණ ජාවාරම්කාර සමාගම්වලිනුත් සූරාකෑමට ලක්වෙනවා. මිනිස්සු ආණ්ඩුව පත්කළේ කුමකටද? භාණ්ඩ හා සේවා සාධාරණ මිලකට ලබාගැනීම වෙනුවෙන් ජනතාව ආණ්ඩුවක් පත්කරගත්තා. එසේ නම් දැන් ආණ්ඩුව වග කියන්නේ කාටද? මේ අති විශාල ලාභ ලබන ව්‍යාපාරිකයින් තමන්ට ඒ අධික ලාභ ලබාගන්න උදව් වුණු මැති ඇමතිවරුන්ට, නිලධාරීන්ට අතිවිශාල ලෙස මුදල් දෙනවා. මෙය වැළැක්වීම වෙනුවෙන් තිබෙන වෙළඳ නීති යොදා ගන්න අපි ආණ්ඩුවට යෝජනා කරනවා. ඇතැම් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ ගොස් ඇත්තේ ප්‍රවාහන වියදම් ඉහළ යාමට සාපේක්‍ෂව නෙවෙයි. මේ ආණ්ඩුව හෙට හෝ තව වසරකින් හෝ පෙරළී යා හැකියි. මිනිස්සු ගහල පන්නන්නත් ඉඩ තියෙනවා. නමුත් මිනිසුන් ජීවත් විය යුතුව තිබෙනවා. ඒ නිසා මිනිස්සුන්ගේ බෙල්ල මිරිකලා ලාභ උපයන එක සාධාරණ දෙයක් නෙවෙයි. ඊටට අදාළ වගකීම් පවතින්නේ ආණ්ඩුවටයි.

අද කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා පහුගිය ආණ්ඩුවේ මිල සූත්‍රය අගය කර තිබුණා. මිල සූත්‍රය තිබුණා නම් හොඳ යයි ඔහු කියා තිබුණා. පසුගිය කාලවල පාලකයන් විසින් කරන ලද සමහර සමාගම් විසින් කරන ලද අපරාධ මේ බිඳවැටුණු වටපිටාව තුළ සාධාරණීකරණය කිරීමට උත්සාහ දැරෙනවා. ඛනිජ තෙල් සංස්ථාවට මිල වැඩිකිරීමට අදාලව විද්‍යාත්මක ක්‍රමවේදයක් සැකසීම ගැටලුවක් නෙවෙයි. නමුත් මේ මිල සූත්‍රය ආවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් ලෙස බව අමතක නොකළ යුතුයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන්නේ මිනිස්සුන් කළ යුත්තේ ඡන්දයෙන් පාලකයින් පත් කර ගැනීම පමණක් බවයි. අනික් සියලුම දේවල් වෙළඳපොළට තීන්දු කරන්න දෙන්න. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වෙන විද්‍යාවක් නැහැ. ඒ අනුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවුරුදු 20ක් පමණ තිස්සේ කියන්නේ මිල සූත්‍රයක් ගේන්න කියලා ඛනිජ තෙල් සංස්ථාවට. ලෝක වෙළඳපොළේ මිල අනුව තෙල් මිල තීරණය වෙන්න දෙන්න, මිනිස්සු පිළිබඳ වගකීමක් ආණ්ඩුවට නැහැ කියලා තමයි මූල්‍ය අරමුදල කියන්නේ. ඒවා ජනතා හිතවාදී සූත්‍ර නෙවෙයි. අධිරාජ්‍යවාදීන්ට ඕන විදියට රටවල් පාලනය කරන්න හදපු සූත්‍ර. ලංකාවේ ඛනිජ තෙල් සංස්ථාවට තමන්ට වෙන පාඩු ලාබ බලාගන්න මිල සූත්‍රයක් තිබිය යුතුයි. නමුත් මිල තීරණය කිරීමේ බලය තිබිය යුත්තේ රටක ඡන්දයෙන් පත්වෙන ආණ්ඩුවටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටත් දෙස් දෙවොල් තියලා කියන්න තියෙන බොරු ඔක්කොමත් කියලා බලය ගත්ත ආණ්ඩුවේ රාජපක්ෂලා ඩලස්ලා තෙල් මිල සූත්‍රයේ හොඳ කියනවා. මේ අය නැවතත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පැත්තට යන්න හදනවා වෙන්න පුළුවන්. නමුත් මේ තරම් කාලයක් මූල්‍ය අරමුදල දුන්න ලණු කාලා තමයි රට මේ තත්වයට වැටිල තියෙන්නේ. හොරකම පමණක්ම නෙවෙයි. හොරකම විතරක් නෙවෙයි. අපේ අටේ ඩොලර් උල්පත් විකුණන්න උපදෙස් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. වානේ සංස්ථාව ආණ්ඩුව සතුව තිබුණනම් අද රත්තරං වගේ මිල නගින යඩවල මිල පාලනය කරන්න තිබුණා. ජේආර්ලා ප්‍රේමදාසලා, චන්ද්‍රිකාලා, රාජපක්ෂලා, වික්‍රමසිංහලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලණු කෑවා. කොළඹ වරායේ රැජිණ ජැටිය වික්කේ අයිඑම්එෆ් උපදෙස්වලට අනුවයි. ඒවා තමයි අපිට තිබුණ ඩොලර් උල්පත්. තවමත් ආණ්ඩුව හුස්ම ගනිමින් තිබෙන්නේ මේ රටේ වෘත්තීය සමිති අරගල කරලා රාජ්‍ය බැංකු දෙක විකුණන එක නවත්ත ගත්තු නිසා. මූල්‍ය අරමුදල කිව්වේ ඒවා විකුණන්න කියලා. ඒ වගේ ලණු තමයි මේ පාලක කල්ලි දෙක අවුරුදු 40ක් විතර තිස්සේ කෑවේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලෝකයේ ගොඩනගපු රටවල් නැහැ.

පොහොට්ටුවේ අවස්ථාවාදී නායකයෝ බොරු කියලා බලය ගත්ත නායකයෝ අද තෙල් මිල සූත්‍රය ගැන හොඳ කියනවා. මේ රටේ ජනතාවට කියන්න ඕනෑ ලෝකෙම තෙල් මිල අඩුවෙන වෙලාවක මේ රටේ තෙල් මිල වැඩි කරපු පාලකයින් ජනතාව ගැන නොහිතන පාලක කණ්ඩායමක්. තෙල් මිල වැඩිවීම නිසා අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩිවෙනවා. මේ ඉන්ධන මිල වැඩි කිරීම පාවිච්චි කරලා කොල්ලකාරී සමාගම් තමන්ට හිතුමතේ මිල වැඩි කරලා ජනතාවගේ පොකට්ටුවේ ඉතිරි මුදලටත් වැඬේ දෙනවා. ඒ නිසා මේ ඇමතිවරු කියන්නේ පඹයෝ ටිකක් විතරයි. අපේ රටේ නීති තිබෙනවා ඒත් ඒ ක්‍රියාත්මක කරගන්න බැරි පඹයෝ ටිකක් ඇමතිවරු කියන්නේ.

අපි ජනතාවට කියනවා මේ අසාධාරණ විදියට කරන තෙල් මිල වැඩි කිරීම් බාරගන්න එපා. ඒවට විරුද්ධව ඔබේ හඬනැගීම කරන්න. අපි ජනතා විමුක්ති පෙරමුණ ලෙසත් මේ අසාධාරණ මිල ඉහළ නැංවීම්වලට එරෙහිව රටේ මහජනතාව පෙළගස්වන්න කටයුතු කරනවා. යැයි බිමල් රත්නායක මහතා වැඩිදුරටත් අදහස් පල කලේය.

Post Views: 13
Previous Post

“පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම ජනපති අතින්

Next Post

මාතලේ කුඩා තේ වතු හිමියෝ අපහසුතාවයට

editor

editor

Next Post

මාතලේ කුඩා තේ වතු හිමියෝ අපහසුතාවයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

අනුදි ගැන ෆේස්බුක් හී තරුණයෙක්  පළ කර තිබු සටහනක්

19 May 2025
🔴 Breaking News

BREAKING ! තවත් වෙඩි තැබීමක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved