27 April 2024
#දේශීය

මාතලේ කුඩා තේ වතු හිමියෝ අපහසුතාවයට

මාතලේ දිසාවේ තේ සදහා යොදන පොහොර වර්ග නොමැති කමින් තේ දලු අස්වැන්න පහත වැටිම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ සංගමය පවසයි.

මේ නිසා මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ රත්තොට උකුවෙල අඹන්ගගකොරළය ආදි ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් 2000කට වැඩි පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් අමු තේ දළු සදහා සාධාරණ මිලක් ද නොලැබෙන බවද ඔවහු කියයි.

තේ වගාව සදහා යොදන යුරියා,ටි එස්පි.එම්ඕපි වැනි පොහොර වර්ග නොමැතිකමින් මෙසේ තේවතු හිමියන් අපහසුතාවයට පත්ව සිටින බවද කුඩා තේවතු හිමියෝ කියයි.

පොහොරමේ නිසා වතු හිමියන් මෙන්ම කම්කරුවන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවත් ඔවුන්ද ආදයම් නොලැබිම නිසා දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින බවද ඔවුහු කියයි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *