අපි සියඹලා ගෙනල්ලම නොමැති බවත් වෙන කෙනෙක් තමයි ගෙනල්ල තියෙන්නේ.මේවා කියන්නේ කාත් එක්කවත් තරහකට නොවන බවත් ඇත්ත දැනගන්න ඕන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කිරි ගොවීන් 20 දෙනෙකු වෙනුවෙන්, කෘෂිකර්ම අමාත්‍යංශයේ, SAPP ව්‍යාපෘතිය හරහා තණ කොළ කැබලි කිරීමේ යන්ත්‍ර 20 ක් ප්‍රදානය කිරීමේ උත්සවයකට සහභාගී වෙමින්ය.මෙහිදී රුපියල් ලක්ෂ 2 කට වැඩි වටිනාකමකින් යුතු තණ කොළ කැබලි කිරීමේ යන්ත්‍රයක් ගොවීන් වෙත ප්‍රදානය කෙරිණි. කිරි ගවයින්ගේ පෝෂණය ඉහළ නංවා, වැඩි කිරි අස්වැන්නක් ලබා ගැනීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.
මෙම යන්ත්‍රයට අමතරව අදියර කීපයක් යටතේ, එක් ගොවි මහතෙකු වෙනුවෙන් කිරි ගව ගාල් ඉදි කිරීමට මූළ්‍ය අධාර ඇතුළු රුපියල් හය ලක්ෂ හැත්තෑ අටදහසක මුල්‍ය ආධාර මෙම ගොවීන් 20 දෙනා වෙත ප්‍රධානය කිරීමටද නියමිතය. එහිදී තණ කොළ කැබලි කිරීමේ යන්ත්‍රයෙහි ක්‍රියාකාරීත්වයද මන්ත්‍රීතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මන්ත්‍රීවරයා “කෘෂිකර්ම අමාත්‍යංශයත්, ආණ්ඩුවත් ණය වෙලා තමයි මේ භාණ්ඩ ඔබතුමන්ලාට ලබා දෙන්නේ, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 380 දෙනෙකුට රුපියල් හය ලක්ෂ හැත්තෑ අට දහසක ආධාරයක් ලැබෙනවා.ඒ අනුව අති විශාල මුදලක් කිරිගොවීන්ට ලැබෙනවා කෘෂිකර්ම අමාත්‍යංශයේ මැදිහත් වීම මත මෙම ව්‍යාපෘතිය හරහා, හැමදාම රෑට රූපවාහිනිය බැලුවාම අහන්න තියෙන දෙයක් නේද ? රට ණය වෙලා ණය වෙලා කියලා.රට ණය වෙලා අවුරුදු 74 ක් රට ණය කරා, අන්න හොරා, මෙන්න හොරා, මුං තමා හොරකම් කළේ, මුං තමා ණය කලේ කියලා කියනවා.දැන් ඔබතුමන්ලත් ඒ ණයේ කොටසක්කාරයෝ නේද?රෑට රූපවාහිනිය බලලා ඔවුන්ට හෙන ගහන්න ඔ්න කියලා කිව්වට.ඒ ණයේ ඔබතුමන්ලාත් පුංචි හරි කොටස්කාරයෙක්, මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිරි ගොවීන් 380 ක් වෙනුවෙන් හය ලක්ෂ හැත්තෑ අටදහස ගානේ, ආධාරයක් විදිහට දුන්නම ඒ වෙනුවෙන් මේ රටේ දොකෝටියක් ජනතාව ණය ගෙවනවා.ඔබතුමන්ලාගේ කර්මාන්තය ශක්තිමත් කර ගන්න කෘෂිකර්ම අමාත්‍යංශය, SAPP ව්‍යාපෘතිය හරහා මිල්කෝ ආයතනයත් එක්ක කරන ව්‍යාපෘතිය වෙනුවෙන් දෙකෝටියක් ජනතාව ණය ගෙවනවා.ඒ නිසා රට ණය වෙච්ච ඒකේ කොටසක ඔබතුමන්ලාත් හවුල්කාරයෝ.ඒ ණය ගෙවන්න බැරි වෙලා තියෙන්නේ ඇයි, මේ සියලු දේවල් වල හරි වැරැද්ද අපි පැත්තකින් තියා ගමු, කවුද ණය වුණේ? කොහොමද ණය වුණේ? මොනවද වුණේ කියන එක, හැබැයි මේ ණය බරේ ඔබතුමන්ලාත් කොටස්කාරයෝ.ඔබතුමන්ලා මේ ගන්න බඩු වලින්, ලැබෙන මුදල් ආධාරයෙන්, අනෙක් කිරි ගොවිතැන කරන අයට වඩා ඔබතුමන්ලා ශක්තිමත් වෙන්න ඔ්න. එහෙම වුණොත් තමයි මේ රට ඔබතුමන්ලා වෙනුවෙන් ණය වෙච්ච එකට සාධාරණයක් මේ ජනතාවට ඉෂ්ඨ වෙන්නේ.එහෙම නැත්නම් ආණ්ඩුව ණයත් වෙලා, දෙකෝටියක් ජනතාව ණයත් වෙලා, ඔබතුමන්ලා මේ බඩු මුට්ටු ටික අරගෙන හරියට මේවා පාවිච්චි කරන්නේ නැත්නම්. කිරි සම්පත වැඩි වුනේ නැත්නම්, ආදායම් වැඩියෙන් උත්පාදනය කර ගත්තේ නැත්නම්, වියදම අඩු වුණේ නැත්නම් අපි රට ණය වුණ එකේ තේරුමක් තියෙනවාද? රෑට රූපවාහිනිය බලලා රට ණය කරපු උන්ට හෙන ඉල්ලුවා නම්, ඒ හෙනේ කොටසක් ඔබතුමන්ලාටත් අනිවාර්යෙන්ම වදිනවා.තමන්ට වදිනවා කියලා නොදැනයි හෙන ඉල්ලුවේ, හැබැයි හරියට මේවා භාවිත කලේ නැත්නම් ඒ හෙනේ කොටසක් ඔබතුමන්ලාටත් වදිනවා.මේ භය කරනවා නෙමෙයෙි. අපි අපෙන් වෙච්ච වැරදි ටික හදාගන්න ඔ්න.අපි මේ රට නැගිට්ටවන්න නම් අපි අලුත් ගමනක් අලුත් විදිහට යා යුතු වෙනවා. මේ රටේ ව්‍යාපෘති පරක්කු වෙන කොට, හැම දේම කර ගන්න බැරි වෙන කොට අපි බොහෝම ලේසියෙන් දේශපාලන අධිකාරියට දොස් කියනවා.මම මේ දේශපාලන අධිකාරිය සුද්ධ කරන්න හදනවා නෙමෙයි.නමුත් මේ රටේ අපි හදන්න ඔ්න තැන් ටික තේරුම් ගන්න ඔ්නකම තියෙනවා.රටේ ඩොලර් ප්‍රශ්නය නිසා මේ යන්ත්‍ර සූත්‍ර හදන්න බැරි වෙන්න ඇති, අමතර කොටස් ගේන්න බැරි වෙන්න ඇති, ඒ නිසා මේ ව්‍යාපෘති කල් යන්න ඇති. ටෙන්ඩර් එක හරි වෙලාවට දා ගන්න බැරි වෙන්න ඇති. හැබැයි මොන යම් හේතුවක් නිසා හෝ මේ නිළධාරීන්, දේශපාලන අධිකාරිය කියන සියලු දෙනාගේ හෝ කාගේ හරි අඩුපාඩුවකින් අවසානයේ මේ ව්‍යාපෘතිය අවුරුදු ගණනක් පහු වෙලා තියෙනවා.මේ ඉතිහාසය ගැන අපි කතා කරලා තේරුමක් වෙන්නේ නෑ, අපිට වැරදුනේ කොතනද? අපි වරද්ද ගත්තේ කොතනද? හැබැයි දැන් අපිට වැරදුන තැන නෙමෙයි අවශ්‍යය කරන්නේ.හරියට මේ වැඩේ ඉස්සරහට කරන්නේ කොහොමද කියන චේතනාව තමන්ගේ හිතේ ඇති කර ගන්න එක තමයි අපි කරන්න ඔ්නකම තියෙන්නේ. අපි අපේ රාජකාරිය හරියට කළා නම් පහුගිය අවුරුදු 74 ක් අපිට දුක් විඳින්න වෙන්නේ නෑ.අරගලයේ මතයේ අපි තාමත් ඉන්නවා, අරගලයේ අපි කතා කලේ, අරගලයෙන් අපිට ඉගැන්නුවේ, අරගලයේදී කිව්වේ ජනාධිපතිතුමා ගෙදර පලයන් කියලා විතරක් නෙමෙයි, අගමැතිතුමා ගෙදර පලයන් කියලා විතරක් නෙමෙයි.පාර්ලිමේන්තුවේ 225 ම එලියට ගිහින්, අරගලයේ 225 ක් පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න කියලා නෙමෙයි.අරගලයේ අපි ඉල්ලුවේ සිස්ටම් චේන්ජ් එකක් ගැන.අපි ඉල්ලුවේ සැබෑ වෙනසක්.ඒ වෙනස කියන්නේ ඔලුගෙඩි මාරුවේ වෙනසක් නෙමෙයි.මෙන්න මේ වගේ ව්‍යාපෘති කල් යන්නේ නැතිව නිසි වෙලාවට ක්‍රියාත්මක වෙන්න ඔ්න.ආරම්භ වන වෙලාවට ආරම්භ වෙලා නියමිත කාළයට අවසන් විය යුතු වෙනවා.අධ්‍යාපනයේ ඉඳන්, කෘෂිකර්මයේ ඉඳන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඳන් මේ සියලු කාර්යාලයකට අපේ හිතවතෙක් නැතිව ගියත් රාජකාරියක් කර ගන්න ක්‍රමවේදයන් ටික අපි ඉල්ලුවේ.
පාසල් අධ්‍යාපනය ගැන ගත්තොත් ශිෂ්‍යත්ව විභාගයට 05 ශ්‍රේණියට ඇතුළත් වෙන ළමයා, පන්ති භාර ගුරුවරයාගේ අතිරේක පන්තියට ගියේ නැත්නම් මොකද වෙන්නේ, මේවා ඔබතුමන්ලා අත්විඳලා තියෙන දේවල්, 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පන්තියේ ළමයා පන්ති භාර ගුරුවරයා අතිරේක පන්තියක් කරනවා නම් ඒ පන්තියට අනිවාර්යෙන් දාන්න වෙනවා.හැබැයි අපි මහා ලොකුවට නිදහස් අධ්‍යාපනය කියලා කියනවා.ළමයෙක් පාසලකට දාගන්න කාගේ හරි පස්සෙන් යන්න ඔ්න, නැත්නම් කාට හරි සල්ලි දෙන්න ඔ්න.මේවා තමයි වෙනස් වෙන්න ඔ්න කියලා අපි ඉල්ලපු වෙනස්කම් ටික.මේ හැම ක්ෂ්‍රේත්‍රයක්ම වෙනස් වෙන්න ඔ්නකම තියෙනවා.අපිට රටම හදන්න බැරි වෙයි.හැබැයි අපිට තනි තනිවම වෙනස් වෙන්න පුලුවන්කම තියෙනවා.
අපේ රට පුරුදු වෙලා තියෙනවා ලෝක බැංකු ව්‍යාපෘති, ආසියානු සංවර්ධන ව්‍යාපෘති කියනවා.අපි හරි දක්ෂයි අපි ණය වෙලා එක එකාගේ නම කියන්න.ණය වෙන්නේ වෙන කෙනෙක්, ව්‍යාපෘතියේ නම කියන්නේ වෙන කෙනෙක්ගේ,අපි බැංකුවෙන් ණයක් අරගෙන හරක් ගාලක් හැදුවොත්, ඒ හරක් ගාලේ ගහනවාද අහවල් බැංකුවෙන් ණය වී සකස් කළ හරක් ගාලක් කියලා.උන්ට බම්බු ගහගන්න කියලා අපි පොලියයි, මුදලයි ගෙවනවා අපි අපේ වැඩේ කර ගන්නවා.හැබැයි මේ ව්‍යාපෘති වලදී පටන් අරන් තියෙනවා කෘෂිකර්ම අමාත්‍යංශයත් නෑ, අපි සියඹලා ගෙනල්ලම නෑ, වෙන කෙනෙක් තමයි ගෙනල්ල තියෙන්නේ.මේවා කියන්නේ කාත් එක්කවත් තරහකට නෙමෙයි.අපි ඇත්ත දැනගන්න ඔ්න, අපි ඇත්ත දැන ගෙන අපි සහෝදරත්වයෙන්, හිතවත්කමින් තම තමන්ගේ කොටස තම තමන් කරලා හරි ව්‍යාපෘතියක් බවට මේ ව්‍යාපෘතිය පත් කරන්න ඔ්න.මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ණය වෙලා තියෙන්නේ කෘෂිකර්ම අමාත්‍යංශය.
දැන් අපිට උදව් කරන්න කවුරුත් නෑ, පඩි ගෙවන්නත් බෑ, අරකත් නෑලු- මේකත් නෑලු, විදුලි බිල වැඩියි, තෙල් මිළ වැඩියි, බඩු මිළ වැඩියි හැම දේම වැඩියි.ඒ හැම ප්‍රශ්න මැද්දේම තමයි ඔබතුමන්ලාට මේ භාණ්ඩ නොමිලේ දෙන්නේ.අනෙක් අයට කිසි දෙයක් නැති කොට තමයි ඔබතුමාලට මේ අමාරු කාළයේ යමක් නොමිලේ දෙන්නේ.
වැටිච්ච අපි දැන් නැගිටින්න ඔ්න, හැමදාම බැන්නට, හැමදාම කාට හරි ඇඟිල්ල දිගු කළාට අපිට නැගිටින්න පුලුවන්ද? අපේ හරක් ටිකට කන්න ලැබෙනවාද? අපිට කන්න හම්බෙනවාද? නෑ.. වැටිච්ච අපි නැගිටින්න ඔ්න අපේ ස්වඋත්සහයෙන්, ඒ සඳහා අපි හැමෝම අත්වැල් බැඳගන්න ඔ්න.අපි වෙන වෙනම එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරලා මේ ගමන යන්න පුලුවන්කමක් නෑ,අපි හැමෝම අපේ අඩුපාඩු තේරම් අරගෙන අපි ශක්තිමත් ගමනක් යන්න ඔ්න කියලා හිතුවොත්.මේ වැටිච්ච වෙලාව තමයි හොඳම වෙලාව නැගිටින්න.මොකද වැටිච්ච වෙලාවේ අපිට උදව් කරන්න කවුරුත් නැති නිසා අපි අපිම නැගිටින ක්‍රම ටික හදාගත්තම අපිට ඉතාම වේගයෙන් නැගිටින්න පුලුවන්කම තියෙනවා.අපි හොඳ හිතින් මේකත් එක්ක ඉන්නවා නම්.එහෙම නැත්නම් රෑට රූපවාහිනිය බලන කොට ඇහෙන්න තියෙනවා මුං හොඳ නෑ, අපිට දීලා බලන්න, අපි කරලා පෙන්වන්නම් කියන අය.ඒ කරලා පෙන්වනකම් ඉන්න පුලුවන් කාළයක් නෙමෙයි අද අපිට තියෙන්නේ.අද අපිට තියෙන්නේ වැටිච්ච තැන ඉඳන් ස්වඋත්සහයෙන් නැගිටින තැනක අද අපි ඉන්නේ යැයි මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
මෙම අවස්ථාවට රාජ්‍යය නිළධාරීන්, ගොවි ගෙවිලියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.