27 April 2024
#දේශීය

ලංකාවේ ප්‍රථම වරට මෙරට ඩ්‍රෝන නියමු පාඨමාලාව ඇරඹෙයි – ඇමැති සුසිල්

ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ඉදිරියේ දී කෘෂි කර්මාන්ත ක්ෂේත්‍රයේ ශීඝ්‍ර දියුණුවක් අපේක්ෂා කරන බව අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මගපෙන්වීම යටතේ කෘෂිකර්මාන්ත ආංශික නිපුණතා සභාවේ හා තෘතීයක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන කෘෂි තාක්ෂණ ව්‍යාප්ති මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

පුහුණු මානව ශ්‍රම සම්පත් හිඟයට විසඳුමක් ලෙස මෙන් ම මානව ශක්‍යතා අභිභවා ගොස් ජයගත යුතු වෘත්තීය ක්ෂේත්‍රයේ දුෂ්කරතා මගහරවා ගනිමින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව ඉහළ නංවා ගැනීමටත් එමගින් අවකාශ සැලසෙන බව අමාත්‍යවරයා පැවසී ය.

ඒ ඔස්සේ වේගවත් තාක්ෂණික දියුණුවක් ඇති කරමින් වත්මන් ලෝකය ගමන් කරන හතර වෙනි කාර්මික විප්ලවය හඹා යාමට, ඊට බොහෝ පිටුපසින් සිටින අප රටට ද අවකාශ විවර වනු ඇති බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *