• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුමන්ත්‍රණවලට හසුනොවි සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීමට සහාය වන්න – අමාත්‍ය ප්‍රසන්න කියයි

28 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මෙරට සංචාරක ව්‍යාපාරය බිඳ හෙලීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට හසුනොවී සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීම සඳහා සහාය වන්නැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක දීය.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ සංචාරක කර්මාන්තය තුලින් කොවිඩ් වසංගතය ව්‍යාප්ත වන බවට ජනතාව තුළ අනිසි බියක් ඇති කිරීමට ඇතැමුන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.

එවන් කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළට සහය දැක්වීම වෙනුවට සංචාරක ව්‍යාපාරය දෙස වපර ඇසින් නොබලා සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම තුළින් මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට එක්වන්නැයි අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා. “පසුගිය වසර දෙකක කාලය තුළ මෙරට වඩාත් අභියෝගයන්ට ලක් වූ ක්ෂේත්‍ර දෙක වන්නේ සංචාරක හා ගුවන් ක්ෂේත්‍ර යයි. ගෝලීය කොවිඩ් වසංගතය මෙරට සංචාරක කර්මාන්තයට යම් බලපෑමක් ඇති කලත් රජය විසින් ක්‍රියාත්මක කරන වේගවත් එන්නත් කරන වැඩසටහන සහ සංචාරක සේවා සැපයුම්කරුවන්ගේ ආරක්ෂිත සහ සුරක්ෂිත භාවය සහතික කිරීමේ වැඩපිළිවෙළ නිසා ශ්‍රී ලංකාව සංචාරකයන් සඳහා සුරක්ෂිත රටක් ලෙස ලෝකයට තහවුරු කිරීමට අපට හැකි වී තිබෙනවා. මේ වන විට මෙරට සමස්ත ජනගහනයෙන් සියයට හැටකට (60%) කට වැඩි පිරිසකට එන්නත් කරනය කර ඇති අතර ජනාධිපතිතුමාගේ සහ වත්මන් ආණ්ඩුවේ කැපවීම මත අපට ඒ කටයුත්ත සිදු කිරීමට හැකි වුණා.කොවිඩ් වසංගතය නිසා බිඳ වැටුණු සංචාරක කර්මාන්තය යලි නගා සිටුවීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවෙයි. මේ වන විට ලෝකය නැවත සංචාරක ව්‍යාපාරය සඳහා විවෘත කෙරෙමින් පවතිනවා. ඒ අනුව ශ්‍රී ලංකාවත් කොවිඩ් වසංගතය සමඟ සංචාරක ව්‍යාපාරය යළි නංවාලීමේ අසීරු අභියෝගාත්මක ඉලක්කය වෙත යාමට වෙහෙස මහන්සි වෙනවා. පසුගිය දෙසැම්බර් 26 වෙනිදා අපි සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියාමන ව්‍යාපෘතිය ආරම්භ කළා. පසුගිය ජනවාරි 21 වෙනිදා අපි රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කළා. ලක්ෂ තිහක පමණ යැපෙන මේ සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීම දෙස ඇතැමුන් බලන්නේ වපර ඇහෙන්. ඔවුන් සංචාරකයන්ට රට යළි විවෘත කිරීමට එරෙහිව විවිධ දුර්මත ජනතාව තුළ මතු කරනවා. සංචාරකයන් නිසා රටේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වූ බවට තිබෙන චෝදනාව ඉන් ප්‍රධානයි. පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා සංචාරකයින් පනස් දහසකට වැඩි පිරිසක් මෙරටට පැමිණ තිබෙනවා. එයින් කොවිඩ් ආසාදිතයින් ලෙස වාර්තා වන්නේ 270ක් පමණයි. සංචාරක ව්‍යාපාරය සාර්ථක මට්ටමකට පැමිණිය හොත් රට ආර්ථික වශයෙන් ශක්තිමත් වන බවත් මෙම කුමන්ත්‍රණ කරුවන් දන්නවා. ඔවුනට අවශ්‍ය වන්නේ සංචාරකයන්ට හැමදාම රට වහල තියන්නයි. කොවිඩ් නිසා හැමදාම රට වහන්න බැහැ. කොවිඩ් නිසා සංචාරකයින්ට රට වහලා තියන්නත් බැහැ.ඒ නිසයි අපි තීරණය කළේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයින්ට රට විවෘත කරන්න. පූර්ණ එන්නත් කරනයට ලක් වූ සංචාරකයකුට ගුවන් තොටුපළේ දී සිදුකෙරෙන පී.සී.ආර් වාර්තාව නෙගිටිව් නම් ඔහුට රටේ ඕනෑම තැනක සංචාරය කිරීම සඳහා අවස්ථාව ලබා දෙනවා. අපි මේ වන විටත් කොවිඩ් පූර්ණ එන්නත් කරනයට ලක් වූ සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කොට තිබෙනවා. අපේ ඉලක්කය ඉදිරි මාස තුන තුළදී 20,000- 30,000 ත් අතර සංචාරකයින් පිරිසක් අපේ රටට ගෙන්වා ගැනීමයි. ලබන වසරේ දී ලක්ෂ පහමාරක් සංචාරකයින් දිවයිනට පැමිණෙනු ඇතැයි අප අපේක්ෂා කරනවා. අපේ ඉලක්කය ඊටත් වඩා වැඩි පිරිසක් රට තුළට ගෙන්වා ගැනීමයි. මේ වන විට සංචාරකයන් ගෙන්වා ගැනීම සඳහා ගුවන්තොටුපල සහ ගුවන් සේවා වර්ධනය කිරීමටත් අප කටයුතු කර තිබෙනවා. මේ වන විට ශ්‍රී ලංකාවට ගුවන් සමාගම් විස්සක් පමණ සෘජු ගුවන් ගමන් ආරම්භ කර මගින් රැගෙන එනවා. තවත් ගුවන් සමාගම් හතක් ඉදිරියේ දී ශ්‍රී ලංකාව සමඟ සමග සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට සූදානමින් සිටිනවා. රුසියානු ප්‍රංශ,ඉතාලි, ඊශ්‍රායල් ගුවන් සමාගම් ඒ අතර වෙනවා. ඒ වගේම කටුනායක මත්තල සහ යාපනය ගුවන් තොටුපළ සංවර්ධනය කිරීමටත් අප දැනටමත් කටයුතු කරගෙන යනවා. එලෙසම සංචාරක කලාප ආශ්‍රිතව යටිතල පහසුකම් සංවර්ධනයට අප කටයුතු කරගෙන යනවා. ඒ සදහා අන්තර් අමාත්‍යංශ කමිටුවක් පත්කළා. ඒ කමිටුව මේ වන විට අදාළ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු ක්ෂේත්‍ර හඳුනා ගනිමින් ඒ සඳහා අවශ්‍ය පියවර ගනිමින් තිබෙනවා.යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. 

 

මෙම අවස්ථාවට සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි, සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ යන මහත්ම මහත්මීහු ද සහභාගී වුහ.

 

 

Post Views: 10
Previous Post

කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකුණුවේ නෑ – මන්ත්‍රී සාගර

Next Post

කර්මාන්ත ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් දෙන්න ඇමති විමල් මහ බැංකු අධිපති අතර සාකච්ඡාවක්

editor

editor

Next Post

කර්මාන්ත ක්ෂේත්‍රයට බලපාන ගැටලුවලට විසඳුම් දෙන්න ඇමති විමල් මහ බැංකු අධිපති අතර සාකච්ඡාවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved