• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා – ජපාන අපනයන කර්මාන්ත කොරිඩෝව සඳහා ඉහළ පෙළේ ජපන් නියෝජිත පිරිසකගෙන් ජනපතිට සහාය

17 February 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා – ජපාන අපනයන කර්මාන්ත  කොරිඩෝව සඳහා ඉහළ පෙළේ ජපන් නියෝජිත පිරිසකගෙන් ජනපතිට සහාය
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ජපානයේ ආර්ථික, වෙළඳ සහ කර්මාන්ත අමාත්‍යාංශයේ (METI) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අද (17) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය. මෙම හමුවේදී දෙරට අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකා – ජපාන අපනයන කර්මාන්ත කොරිඩෝව (Export-Industrial Corridor) පිහිටුවීමේ සැලසුම් ඉදිරියට ගෙනයාම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරයා ජපානයේ සිදුකළ නිල සංචාරයේදී අත්සන් තැබූ සහයෝගිතා ගිවිසුමකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මෙම යෝජිත කොරිඩෝව හරහා ඉන්දීය වෙළඳපොළ ඇතුළු ගෝලීය අපනයන වෙළඳපොළ ඉලක්ක කරගත් ජපන් නිෂ්පාදන ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීමට අපේක්ෂිතය. දශකයකට පමණ පසු ජපාන රජය සහ ව්‍යාපාරික ප්‍රජාව ශ්‍රී ලංකාව කෙරෙහි යළිත් දැඩි උනන්දුවක් දක්වා ඇති අතර, මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව කලාපීය නිෂ්පාදන සහ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට හැකි වනු ඇතැයි දෙපාර්ශ්වයම විශ්වාසය පළ කළහ.
මෙම අවස්ථාවට ජපානයේ ආර්ථික, වෙළඳ හා කර්මාන්ත පිළිබඳ උප අමාත්‍ය තකෙහිකෝ මත්සුවෝ (Takehiko Matsuo), ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිඕ ඉසොමතා (Akio Isomata) සහ ජපාන – ශ්‍රී ලංකා ව්‍යාපාරික සහයෝගිතා කමිටුවේ සභාපති ෆුමිහිකෝ කොබයාෂි (Fumihiko Kobayashi) ඇතුළු පිරිසක් සහභාගී වූහ. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ජනාධිපති ජ්‍යේෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව සහ වෙළඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා ඇතුළු නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
Post Views: 6
Previous Post

කොකේන් සහ ගංජා මිශ්‍ර මත්පෙති සමඟ ජනප්‍රිය රංගන ශිල්පියෙකු ඇතුළු තිදෙනෙකු පිළියන්දලදී අත්අඩංගුවට

Next Post

ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් තරුණයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

Editor TTV News

Editor TTV News

Next Post
ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ  මහල් නිවාස සංකීර්ණයක ගින්නක් තරුණයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

ස්පාඤ්ඤයේ කැටලෝනියාවේ මහල් නිවාස සංකීර්ණයක ගින්නක් තරුණයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියානු  යුද හමුදාව මෙහෙයවීමට  ඉතිහාසයේ ප්‍රථම වතාවට  කාන්තාවක් පත් කෙරේ

ඕස්ට්‍රේලියානු යුද හමුදාව මෙහෙයවීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් පත් කෙරේ

13 April 2026
පේරු ජනාධිපතිවරණයේ  අවසන් ප්‍රතිඵල පමාවෙයි

පේරු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල පමාවෙයි

13 April 2026
කැලණි සරසවි සුහද හමුවට  ජනපති සහ විදේශ ඇමති  සහභාගී නොවේ

කැලණි සරසවි සුහද හමුවට ජනපති සහ විදේශ ඇමති සහභාගී නොවේ

13 April 2026
20 න් පහළ සමස්ත ලංකා  පැසිපන්දු ශූරතාව  ජයසිංහ සහෝදර සහෝදරියන්  දිනා ගනී

20 න් පහළ සමස්ත ලංකා පැසිපන්දු ශූරතාව ජයසිංහ සහෝදර සහෝදරියන් දිනා ගනී

13 April 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඕස්ට්‍රේලියානු  යුද හමුදාව මෙහෙයවීමට  ඉතිහාසයේ ප්‍රථම වතාවට  කාන්තාවක් පත් කෙරේ

ඕස්ට්‍රේලියානු යුද හමුදාව මෙහෙයවීමට ඉතිහාසයේ ප්‍රථම වතාවට කාන්තාවක් පත් කෙරේ

13 April 2026
පේරු ජනාධිපතිවරණයේ  අවසන් ප්‍රතිඵල පමාවෙයි

පේරු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵල පමාවෙයි

13 April 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved