හික්කඩුව වරාය ආසන්න මුහුදේ දිය නාමින් සිටි විදේශිකයන් තිදෙනෙකු දින දෙකක් තුළ සිදුවූ වෙනම අනතුරු දෙකකදී මුහුදේ ගිලී යාමට ඉඩ නොදී බේරා ගැනීමට පොලිස් ජීවිතාරක්ෂක ඒකකය සමත් වී තිබේ. පළමු සිදුවීම පසුගිය මාර්තු 05 වැනිදා සවස වාර්තා වූ අතර, එහිදී දියේ ගිලෙමින් සිටි 39 හැවිරිදි රුසියානු ජාතිකයෙකු හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීන් විසින් බේරා ගන්නා ලදී.
දෙවන අනතුර ඊයේ (මාර්තු 06) සවස සිදුවූ අතර, එහිදී වයස අවුරුදු 40ක් සහ 52ක් වූ රුසියානු ජාතිකයින් දෙදෙනෙකු ප්‍රබල දියවැල්වලට හසුවී මුහුද දෙසට ගසාගෙන යමින් සිටියදී නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කර ඇත. මේ දිනවල පවතින කාලගුණික තත්ත්වය හමුවේ මුහුද රළු විය හැකි බැවින්, හික්කඩුව ඇතුළු සංචාරක කලාපවල දිය නෑමේදී වඩාත් විමසිලිමත් වන ලෙසත් ජීවිතාරක්ෂක උපදෙස් පිළිපදින ලෙසත් පොලිසිය සංචාරකයන්ගෙන් සහ ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියි.
















