ලිංගික අපරාධකරුවෙකු වූ ජෙෆ්රි එප්ස්ටයින් සම්බන්ධයෙන් ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අධීක්ෂණ කමිටුව හමුවේ රහසිගතව සාක්ෂි ලබා දෙමින් සිටි හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය, එම අවස්ථාවේ ලබාගත් ඡායාරූපයක් පිටතට නිකුත් වී ඇති බව දැන ගැනීමෙන් පසු දැඩි ලෙස කෝපයට පත්ව තිබේ. ඇය මේසයට පහර දෙමින් විමර්ශනයෙන් ඉවත් වන බවට තර්ජනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇත.
හිලරි ක්ලින්ටන් මහත්මියගේ නීතිඥයන් පෙන්වා දී ඇත්තේ, රහසිගතව සිදු කරන මෙම සාක්ෂි ලබාදීමේ ක්‍රියාවලිය අතරතුර ඡායාරූප ලබාගෙන ඒවා ප්‍රසිද්ධ කිරීම ස්ථාපිත නීති රීති උල්ලංඝනය කිරීමක් බවයි.
“ඔයාලා මේ වගේ දේවල් කරනවා නම් මම මේක නවත්තනවා. මම ආයෙත් මේකට එන්නේ නැහැ. ඕන නම් මට අධිකරණයට අපහාස කළා කියලා චෝදනා කරන්න. මේක ඔයාලගේ සාමාන්‍ය හැසිරීමක්,” යනුවෙන් ඇය අතිශය කෝපයෙන් ප්‍රකාශ කර තිබේ. මෙම උණුසුම්කාරී තත්ත්වය හමුවේ සාක්ෂි විමසීමේ කටයුතු තාවකාලිකව නතර කිරීමට ද සිදුව ඇත.
පසුගිය පෙබරවාරි 26 වැනිදා නිව්යෝර්ක්හි චප්පාක්වා (Chappaqua) ප්‍රදේශයේදී මෙම රහසිගත සාක්ෂි විමසීම ආරම්භ විය. එප්ස්ටයින් සමඟ ඇය පැවැත්වූවා යැයි කියන සබඳතා පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර ඇති අතර, ඇය එම චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කර තිබේ.














