ලොව පුරා මිලියන 40කට අධික පිරිසක් HIV වයිරසය සමඟ ජීවත් වන අතර, නවතම පර්යේෂණ දෙකක ප්‍රතිඵල මගින් මෙම වයිරසය සඳහා ‘ක්‍රියාකාරී සුවයක්’ (Functional cure) ලබා දිය හැකි නව ප්‍රතිදේහ ප්‍රතිකාර ක්‍රමයක් පිළිබඳ ඉඟි පළ වී තිබේ. දැනට පවතින ප්‍රතිකාර ක්‍රම යටතේ රෝගීන්ට ජීවිත කාලය පුරා දිනපතා ප්‍රතිවෛරස් ඖෂධ ලබා ගැනීමට සිදු වුවද, විද්‍යාඥයන් විසින් නිපදවා ඇති විශේෂිත ‘ප්‍රතිදේහ’ (Engineered antibodies) එන්නත් කිරීම මගින් අඛණ්ඩව ඖෂධ ලබා නොගෙන දීර්ඝ කාලයක් සිරුර තුළ වයිරසය පාලනය කර ගැනීමට හැකි වන බව පර්යේෂණවලින් හෙළි වී ඇත.
දකුණු අප්‍රිකාව සහ ලන්ඩන් ඇතුළු රටවල් කිහිපයක සිදුකළ පරීක්ෂණවලදී, අදාළ ප්‍රතිකාරය ලබාගත් රෝගීන් කිහිප දෙනකු වසර එකහමාරකට අධික කාලයක් කිසිදු දෛනික ඖෂධයක් ලබා නොගෙන සෞඛ්‍ය සම්පන්නව සිටීමට සමත්ව තිබේ. මෙය HIV මර්දන ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැලකෙන අතර, ඉදිරියේදී ලොව පුරා මිලියන සංඛ්‍යාත රෝගීන්ට ජීවිත කාලය පුරා ඖෂධ මත යැපීමෙන් තොරව නිදහස් ජීවිතයක් ගත කිරීමට මින් මඟ පෑදෙනු ඇතැයි විශ්වාස කෙරේ.














