රසායනික පොහොර ගෙන්වීමට අවසර දිය යුතුද නැද්ද යන්න ගැන ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම අතර රහස් ඡන්දයක් පවත්වන්නැයි සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර ආණ්ඩුවට අභියෝග කළේය.
රහස් ඡන්දයක් තිබුවහොත් රසායනික පොහොර ගෙන්වීමට තුනෙන් දෙකක කැමැත්තක් හිමිවන බවද මන්ත්‍රීවරයා සදහන් කළේය.
පොහොර ප්‍රශ්ණය නිසා ගොවියා අසරණ වී ඇති බවත් කන්න බොන්න බැරි තත්වයකට ඔවුන් ඇදගෙන වැටී ඇති බවත් රටේ ආර්ථිකය කඩාගෙන වැටෙන බව ද ඒහි ඵලදායිතාවය වැටෙන බව හෙතෙම පැවසිය.
පොහොර අවශ්‍යද නැද්ද කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු අතරේ රහස් ඡන්දයක් පවත්වන්න කියා තමා ආණ්ඩුවට අභියෝග කරන බව හෙතෙම පැවසිය.
පොහොර අවශ්‍ය යැයි කියලා තුනෙන් දෙකකින් දිනන බව මනුෂ මන්ත්‍රීවරයා පැවසිය.