• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දවසක තියන්න – මන්ත්‍රී හර්ෂණ

29 November 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනක පවත්වන ලෙසත් එයින් විශාල මුදල් ප්‍රමාණයක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද(29) දින කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

රටට අවශ්‍ය කර තිබෙන්නේ ජන මතයක් තිබෙන නායකයෙක් සහ ආණ්ඩුවක් බවත් ජනමතයක් නැති ජනාධිපතිවරයා සහ ආණ්ඩුව එකම දවසේ පන්නා දමන්න තිබෙන හොදම අවස්ථාව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දවසක පැවැත්වීම බව හෙතෙම පැවසිය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා ‘‘පනත් වෙනස් කරනවා , හොරු අල්ලන්න වැඩපිළිවෙලට ප්‍රමුඛත්වය ලබාදෙනවා , රට දියුණු කරන්න ජාත්‍යන්තර සහය ලබාගන්නවා කියලා පාර්ලිමේන්තුවේදී සහ ජාතිය අමතා ජනාධිපතිවරයා ජනාධිපතිධූරය ලබාගත් පසු ප්‍රකාශ සිදුකරලා තිබෙනවා. නමුත් අද ජනාධිපතිවරයා ඒ සියලු දේවල් අමතක කර තිබෙනවා. රටේ මුදල් සොරකම් කළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඒ මුදල් රටට ගෙන ඒමට ජනාධිපතිවරයාට කිසිඳු උවමනාවක් නෑ. හොරු සමඟ හෙලුවෙන් ගත කරන අවස්ථාවක් තමයි රනිල් රාජපක්ෂ ආණ්ඩුවෙන් පෙනෙන්නට තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රටේ ධනය මංකොල්ලකාපු හොරු ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලක නිරත වෙනවා. රටේ ධනය මංකොල්ලකාපු හොරු ජනාධිපතිව ආරක්ෂා කරනවා. ජනාධිපති රටේ ධනය මංකොල්ලකාපු හොරු ටික ආරක්ෂා කරනවා. රනිල් රාජපක්ෂ ආණ්ඩුව රටේ ධනය මංකොල්ලකාපු හොරුන්ව කවදාවත් නීතියේ ඉදිරියට ගේන්නේ නෑ. ඒ හොරුන්ට නිසි දඩුවම් දෙන්නනම් රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි.

පිරිසක් කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නෑ කියලා. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉල්ලුවත් නැතැත් ඉක්මනින් ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් ලබාදෙන්න. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට රාජපක්ෂවරු උදව් කරත් පරද්දවනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තනියෙන් ඉල්ලුවත් පරාජය කරනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉල්ලන්නේ නැති නිසා ජනාධිපතිවරණයක් තියයිද කියන එක ගැන අපිට සැකයක් තිබෙනවා. ජනාධිපතිවරණයක් සහ පාර්ලිමේන්තු මැතිවරණයක් හැකි ඉක්මනින් ලබන වසරේදී පවත්වන්න කටයුතු කළ යුතුයි. රටේ ජනතාවට ඕන දේ කරයි කියලා ජනමතයක් නැති ආණ්ඩුවකින් ජන මතයක් නැති ජනාධිපතිවරයෙකුගෙන් කොහොමද බලාපොරොත්තු වෙන්න බෑ. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට කොහොම ඉල්ලුවත් අපිට අදාල වෙන්නේ නෑ. අපිට අදාල වෙන්නේ හැකි ඉක්මනින් ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් පැවැත්වීම පමණයි. පුලුවන්නම් ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එක දිනක තියන්න. එහෙම අදහසකට අපි එකඟයි. රටට අවශ්‍ය වන්නේ ජන මතයක් තිබෙන නායකයෙක් සහ ආණ්ඩුවක්.

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා හදුන්වා දුන්න විධායක ජනාධිපතිධූර අහෝසි කළ යුතුයි කියලා එක්සත් ජාතික පක්ෂය යෝජනාවක් සම්මත කර ගත්තා. ඔවුන් තාමත් ඒ මතයේ ඉන්නවා. නමුත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති වුණාට පසුව ඒ ගැන කතාවක්වත් නෑ. විධායක ජනාධිපතිධූර අහෝසි කළ යුතුයි කියලා ගෙනාපු සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට ඡන්දය දුන්න පිරිස් පාර්ලිමේන්තුවේ ඉන්නවා. සමගි ජනබලවේගය ප්‍රතිපත්තියක ඉදලා තමයි ඡන්දය ලබාදුන්නේ. ව්‍යවස්ථා සංශෝධය සමඟ විධායක ජනාධිපතිධූරයේ බලතල අඩු කරන්න ව්‍යවස්ථාධායක සභාවක් ගෙනාවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන අභියෝගය බවට ව්‍යවස්ථාදායක සභාව පත්වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා හිතනවා ව්‍යවස්ථාදායක සභාව කියන්නේ විධායකයේ කොටසක් කියලා. පාර්ලිමේන්තුව මේ තරම් හෑල්ලු කරන්න ඉඩදෙන්න බෑ. කතානායකවරයා මේ සම්බන්ධයෙන් පිළිතුරක් ලබාදිය යුතුයි. ව්‍යවස්ථාදායක සභාව ශක්තිමත් කරනවා වෙනුවට ජනාධිපතිවරයාට අවශ්‍යව ඇත්තේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් ව්‍යවස්ථාදායක සභාවේ වැඩකටයුතු අඩාල කරන්න. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට අපහාස කරනවා. ඒ වගේම අධිකරණයට චෝදනා කරනවා. ජනාධිපතිවරයාට අද අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒකාධිපති පාලනයක් රට තුළ ගෙනියන්න. රට බංකොලොත් කිරීමට දායකත්වය ලබාදුන්න පිරිස පිළිබද පරීක්ෂණයක් සිදුකරන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරලා තිබෙනවා. ඒ තේරීම් කාරක සභාවේ සභාපති ලෙස පත්කරලා තිබෙන්නේ රට බංකොලොත් කිරීමට දායක වුණ පිරිස නියෝජනය කරන පක්ෂයේ මහ ලේකම්වරයාව. මේ දෙයම තමයි අනෙකුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවල සිදුවෙන්නේ. රට මුහුණ දී තිබෙන ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයෙන් රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සමගි ජනබලවෙගය. රටේ මේ තිබෙන තත්ත්වය වෙනස් කරන්න සමගි ජනබලවේගය නායකත්වය ගන්න සූදානම් යැයි මන්ත්‍රී හර්ෂණ රාජකරුණා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 8
Previous Post

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කෙරේ

Next Post

මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය පටන් ගත්තා – මන්ත්‍රී විමල්

editor

editor

Next Post

මේ ආණ්ඩුවේ අවසානයේ ආරම්භය පටන් ගත්තා - මන්ත්‍රී විමල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
තාත්තටයි පුතාටයි ඇප

තාත්තටයි පුතාටයි ඇප

3 June 2025
පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

පොදු ප්‍රවාහනයට අලුත් වැඩක්

3 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තවත් නවක වධ සිද්ධියක්

තවත් නවක වධ සිද්ධියක්

3 June 2025
බඩඉරිඟු ආනයනයට පියවර

බඩඉරිඟු ආනයනයට පියවර

3 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved