27 April 2024
#දේශීය

වැඩබලන පොලිස්පති ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත් කෙරේ

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පත්කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කරයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පැවරී ඇති බලතල අනුව 2023.11.29 වනදා සිට මාස 03ක කාලයක් සඳහා අදාළ පත්කිරීම සිදුකර තිබෙන බවයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරියේදී එම ධුරයේ රාජකාරි භාරගැනීමට නියමිත බව බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *