හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්නයේ යාත්‍රා කරමින් තිබූ මෝල්ටා ධජය සහිත ‘ප්‍රීමා’ (Prima) නමැති තෙල් හා රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවකට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් අද උදෑසන ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරාන පුවත් සේවා වාර්තා කරන පරිදි, මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමේදී පනවා තිබූ ආරක්ෂක නීතිරීති සහ අනතුරු ඇඟවීම් අදාළ නෞකාව විසින් නොසලකා හැරීම හේතුවෙනි.
මැරීන් ට්‍රැෆික් (Marine Traffic) දත්තවලට අනුව, ප්‍රීමා නෞකාව මෝල්ටා රාජ්‍යයට අයත් ධජය යටතේ ජාත්‍යන්තර මුහුදු සීමාවේ මෙහෙයුම් සිදුකරන ප්‍රබල රසායනික ද්‍රව්‍ය ප්‍රවාහන නෞකාවකි. මෙම ප්‍රහාරයත් සමඟ මැදපෙරදිග කලාපයේ නාවික ගමන් මාර්ගවල ආරක්ෂාව පිළිබඳව යළිත් දැඩි කතාබහක් නිර්මාණය වී ඇති අතර, මෙය කලාපීය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර කිරීමට හේතු වනු ඇතැයි විදේශ විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














