පන්නිපිටිය, මාඹුල්ගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසක අද (20) රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකය විසින් ගිනි නිවන රථ 02ක් වහාම එම ස්ථානයට පිටත් කර යවා ඇත.
ඊට අමතරව සහාය ලබාදීම සඳහා හොරණ ගිනි නිවන ඒකකය මගින් ද තවත් ගිනි නිවන රථයක් අදාළ ස්ථානය වෙත යොමු කර තිබේ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධියෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබඳව වැඩිදුර තොරතුරු අපේක්ෂාවෙන් පවතී.














