• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

රැකියා මිලියන 300ක් අතුගා දමන AI

අපේ ජීවිත බිලිගන්නා අලුත් විප්ලවය

28 February 2026
in පුවත්, විශේෂාංග
රැකියා මිලියන 300ක් අතුගා දමන AI
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අද ලෝකය වෙනස් වෙන්නේ අපිට හිතාගන්න බැරි තරම් වේගයකින්.
මේ වෙනකොට Ai නැත්නම් කෘතිම බුද්ධිය අපේ ජීවිතවල තීරණාත්මක සාධකයක් බවට පත්වෙලා තියෙනවා.
ChatGPT, Midjourney වගේ මෙවලම් දැන් සෙල්ලම් බඩු නෙවෙයි.
මේවා ලෝකය හොල්ලන්න පුළුවන් සාධක බවට පත් වෙලා තියෙන්නේ.
අපිත් මේ දේවල්වලට හුරු වුනේ නැත්නම් අපේ ජිවිත වුනත් මේ සුළඟේ ගහගෙන යන්න පුළුවන්.
අද අපි කතා කරන්නේ වෙනස් වෙමින් දියුණු වෙන ලෝකයත් එක්ක කොහොමද අපි ගනුදෙනු කරන්නේ කියන එක ගැන.
AI කියලා කියන්නේ Artificial intelligence කියන වචනයේ කෙටි යෙදුම.මෙකේ සිංහල තීරුම වෙන්නේ කෘතිම බුද්ධිය කියන එක.
සරලවම කිව්වොත් Ai කියලා කියන්නේ මිනිසුන් සතු ස්වභාවික බුද්ධියට සමාන බුද්ධියක් පරිගණක මෘදුකාංග හෝ යන්ත්‍ර මගින් ක්‍රියාත්මක කරවීමේ තාක්ෂණය.
සාමාන්‍ය මෘදුකාංගයකට කළ හැක්කේ එයට කලින් ලබාදුන් විධානයන් ක්‍රියාත්මක කිරීම පමණයි.
නමුත් මිනිසෙක් ලෙසම දත්ත විශ්ලේෂණය කර ගබඩා කර ගැනීමට වගේම අලුත් දේවල් ඉගෙන ගැනීමට සහ ගැටළු විසඳන්නත් AI වලට පුළුවන්.
Ai පද්ධතියකට විශාල දත්ත ප්‍රමාණයක් ලබාදුන් විට එම තත්ත්වය ඇසුරෙන් තනිවම ඉගෙන ගැනීමම සිදුකරනවා.
උදාහරණයක් විදිහට ජයාරූප දහස් ගණනක් බැලීමෙන් පසුව එම ඡායාරූප වෙන්කර හඳුනා ගැනීමට Ai පුරුදුවනවා.
අපි කතා කරන භාෂාව තේරුම් ගැනීමට සහ අපට පිළිතුරු ලබාදීමටද විශේෂ හැකියාවක් Ai සතු වෙනවා.
Ai කියලා කියන්නේ සිතීමට සහ තීරණ ගැනීමට ලබාදී ඇති හැකියාවටයි.
ඇත්තෙන්ම මෙම තාක්ෂණය හුදෙක් පරිගණක වැඩසටහනකට වඩා එහා ගිය අපේ සමාජයේ පැවැත්ම වෙනස් කරන හැරවුම් ලක්ෂයක්.
මීට පෙරදීම වර්තාවක් සකස් කිරීමට හෝ ඡායාරූපයක් සකස් කිරීමට පැය ගණනාවක් ගත වුණා.
නමුත් මෙම මෙවලම භාවිත කරමින් එම කටයුත්ත තත්පර කිහිපයකින් සිදුකර ගැනීමේ හැකියාව පවතිනවා.
මානව වර්ගයා තවදුරටත් මහන්සි වී වැඩ කරන සත්ව කොට්ඨාශයක් බවට පත්වන්නේ නැහැ.
ඔවුන් Ai මෙවලම භාවිත කරමින් බුද්ධිමත්ව වැඩ කරන කළමනාකරුවන් පිරිසක් බවට පත්වනවා.
මීට පෙර උසස් තත්වයේ චිත්‍රයක් ඇඳීමට හෝ මෘදුකාංගයක් නිර්මාණයණය කිරීමට විශේෂිත හැදෑරීමක් අවශ්‍ය වුණා.
නමුත් මෙම මෙවලම් මගින් ඕනෑම අයෙකුට තමන්ගේ හිතේ ඇති අදහස තාත්වික රූපයක් බවට පහසුවෙන්ම පත්කරගන්න පුළුවන්.
මෙහිදී කුසලතාවයට වඩා අදහසට ඇති වටිනාකම වැඩිවෙනවා.
ඕනෑම අයෙකුට තමන්ගේ ක්‍ෂේත්‍රයේ නිර්මාණකරුවකු වීමේ අවස්ථාව හිමිවනවා.
ඒ වගේම තමයි විශේෂම කාරණයවෙන්නේ මෙවලම් නිසා ගුරුවරයෙක් නොමැතිව වුවත් ඕනෑම සංකීර්ණ විෂයක් සරලව ඉගෙන ගැනීමේ හැකියාව හිමිව තිබෙනවා.
මතක තබා ගැනීමේ අධ්‍යාපන ක්‍රමය වෙනුවට ප්‍රශ්න සීමය සහ ගැටලු විසඳීමේ හැකියාව වර්ධනය කර ගැනීම අනාගතයට අත්‍යවශ්‍ය සාධකයක්.
මේ දේවල් අපේ වෘත්තීය ජීවිතයේ සුපිරි බලවතුන් කරගන්නත් මේ වෙද්දී අවකාශය ලැබිලා තියෙනවා.
කෙසේ වෙතත් මේ හේතුවෙන් රැකියා නැතිවීමේ යම්කිසි අවදානමක් ඇතිව තිබෙනවා.
නමුත් ඊට සාපේක්ෂව නව රැකියා අවස්ථා දහස් ගණනක් මේ ඔස්සේ බිහිවෙමින් පවතිනවා.
අභියෝගය බවට පත්වන්නේ තාක්ෂණය සමඟ වේගයෙන් වෙනස් නොවන පුද්ගලයන්ට රැකියා වෙළඳපළේ ඇති ඉඩකඩ ඇහිරි යාමයි.
මෙහි හේතුවෙන් අනාගතයේදී මිනිස් ශ්‍රමය වඩාත් ගුණාත්මක සහ මානුෂ්‍යය අංශ වෙත යොමුවීම සිදුවෙන්න පුළුවන්.
විවිධ ජාත්‍යන්තර මූල්‍ය ආයතන සහ පර්යේෂණ කණ්ඩායම් පෙන්වා දෙන පරිදි ඉදිරි දශකය ඇතුළත ලෝකය පුරා විසිරී පවතින පූර්ණ කාලීන රැකියා මිලියන තුන්සියයකට අධික ප්‍රමාණයක් ස්වයංක්‍රීයකරණයට ලක් වීමේ අවදානමක් පවතිනවා.
විශේෂයෙන්ම දත්ත ඇතුළත් කිරීම පාරිභෝගික සේවා සැපයීම සහ සරල මෘදුකාංග නිර්මාණය වැනි ක්ෂේත්‍රවල නියැලී සිටින ලක්ෂ සංඛ්‍යාත පිරිසකට දැනටමත් තම රැකියා අහිමි වී ඇති බව වාර්තා වනවා.
තවත් බොහෝ පිරිසකගේ ආදායම් මාර්ග සීමා වී තිබෙනවා.
ලෝකයේ ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් පසුගිය වසර කිහිපය තුළ දහස් ගණනින් සේවකයන් ඉවත් කිරීමට පියවර ගත් අතර ඉන් සැලකිය යුතු ප්‍රමාණයක් ඒ අයි තාක්ෂණයට වැඩි අවධානයක් යොමු කිරීම නිසා සිදු වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
කෙසේ වෙතත් අවසාන වශයෙන් පෙනී යන්නේ ලෝකය පුරා රැකියා සම්පූර්ණයෙන්ම නැති වී යාමට වඩා රැකියා කරන ආකාරයේ පැහැදිලි වෙනසක් සිදුවෙමින් පවතින බවයි.
තාක්ෂණය දියුණු වන වේගයට සාපේක්ෂව මානව සම්පතද යාවත්කාලීන වීම තුළින් රැකියා අහිමි වීමේ අර්බුදයට සාර්ථකව මුහුණ දීමට හැකි වනු ඇති.
දත්ත ඇතුළත්ත් කරන්නන්, සරල පරිවර්තකයන් වගේම පාරිභෝගික සේවා සම්බන්ධයෙන් කටයුතු කරන පුද්ගලයන්ගේ රැකියා මේ හේතුවෙන් අභියෝගයට ලක්වන්නට පුළුවන්.
නමුත් ප්‍රොම්ප්ට් ඉන්ජිනියර්ස් , දත විශ්ලේෂණයණය කරන්නන් වගේම මෙම මෙවලම් ඔස්සේ අලුත් දේවල් හිතන,අලුතෙවල් කරන කලාකරුවන් සහ සහ සැලසුම්කරුවන්ට නව රැකියා අවස්ථා බිහිවන්නටත් අවකාශය සැලසී තිබෙනවා.
කෘතිම බුද්ධිය ඔබේ රැකියා අවස්ථාවන් උදුරා ගන්නේ නැහැ.
නමුත් Ai භාවිත කරනන පුද්ගලයන් Ai භාවිත නොකරන ඔබව පරාජයට පත් කරන්නට පුළුවන්.
එම නිසා මෙම තාක්ෂණය ඉගෙන ගැනීම ඔබේ වෘත්තියේ ජීවිතය ජයැනීමට මහඟු පිටුවහලක් වනු නියතයි.
කෘතිම බුද්ධිය කියන්නේ මොළයේ දිගුවක් වගේ දෙයක්.
අපිට අභිබවා යාමට වඩා අපේ හැකියාවන් සිය ගුණයකින් වැඩි කර ගැනීමට උදව් කරගන්නටට පුළුවන්.
අනාගතයේදී වැදගත් වෙන්නේ ඔබ කොපමණ දේවල් දන්නවාද කියන කාරණය නෙමෙයි.
Ai උපකාර කරගෙන ඔබ කොපමණ දේවල් කරනවද යන්නයි.
දෛනික ජීවිතයේදී කෘතිම බුද්ධියක් උපකාර වන අවස්ථාවන් රැසක් පවතිනවා.
Youtube,facebook වගේ සමාජ මාධ්‍යවලින් ඔබ කැමැති වීඩියෝ මොනවාදැයි තේරුම්ගෙන ඒවා ඔබට යෝජනා කරන්නේ Ai මගින්.
ගූගල් සිතියමේ වාහන තදබදය ගණනය කර ඉක්මනින් යා හැකි මාර්ග පෙන්වන්නේත් Ai මගින්.
ඔබේ දුරකථනයට මුහුණ පෙන්වූ සැණින් එහි අගුල විවෘත වන්නේත් Ai තාක්ෂණය නිසා බව ඔබ දන්නවාද?
මේව කී එදිනෙදා ජීවිතයේදී භාවිත කරන බොහෝ දේවල් වලට Ai තාක්ෂණය අපිරිමිත දායකත්වයක් ලබා දෙනවා.
කෘත්‍රිම බුද්ධිය වර්තමාන ලෝකයේ සිදුවෙමින් පවතින සුවිශේෂී තාක්ෂණික විප්ලවයක්.
එය හුදෙක් පරිගණක වැඩසටහනකට වඩා එහා ගිය, මානව ජීවිතයට බලපාන නොපෙනෙන බලවේගයක් බඳුයි.
මිනිසා සතු ස්වාභාවික බුද්ධියට සමාන හැකියාවක් යන්ත්‍ර වෙත ලබාදීම මෙහි මූලික අරමුණයි.
එය අද වන විට ක්ෂේත්‍ර ගණනාවක පෙරළියක් සිදු කරමින් පවතිනවා.
AI තාක්ෂණයේ ඇති සුවිශේෂීම ලක්ෂණය වන්නේ එය කිසිවිටෙකත් විවේකයක් නොගන්නා සහායකයෙකු ලෙස ක්‍රියා කිරීම.
සාමාන්‍ය මනුෂ්‍යයෙකුට පැය කිහිපයකට වඩා එක දිගට උපරිම අවධානයෙන් වැඩ කිරීම අපහසුයි.
නමුත් කෘත්‍රිම බුද්ධියට දවසේ පැය විසිහතර පුරාම එකම වේගයකින් සහ ගුණාත්මකභාවයකින් යුතුව වැඩ කළ හැකි මෙවලමක්.
මෙම හැකියාව නිසා වෛද්‍ය ක්ෂේත්‍රයේදී රෝගීන් නිරීක්ෂණය කිරීමටත්, මූල්‍ය ක්ෂේත්‍රයේදී සිදුවන වංචා ක්ෂණිකව හඳුනා ගැනීමටත් කෘතීම බුද්ධිය විශේෂ සහයෝගයක් ලබා දී තිබෙනවා.
එමෙන්ම පුද්ගලීකරණය හෙවත් එක් එක් පුද්ගලයාට ගැලපෙන ලෙස සේවා සැපයීමේ හැකියාව AI සතු තවත් විශේෂත්වයක්.
අධ්‍යාපන ක්ෂේත්‍රයේදී සෑම ශිෂ්‍යයෙකුගේම දුර්වලතා හඳුනාගෙන ඔවුන්ට ගැලපෙන ඉගැන්වීමේ ක්‍රම සකස් කිරීමටත්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී පාරිභෝගිකයාගේ රුචිකත්වය හඳුනාගෙන ඔවුන්ට අවශ්‍ය දීමනා ලබාදීමටත් මෙම මෙවලමට හැකියාව පවතිනවා.
අතීත දත්ත විශ්ලේෂණය කරමින් අනාගත කාලගුණය, වෙළඳපොළ මිල ගණන් සහ යන්ත්‍රෝපකරණවල දෝෂ පිළිබඳව අනාවැකි කීමේ පුදුමාකාර හැකියාවක් ද කෘත්‍රිම බුද්ධිය සතුයි.
අපේ රට තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක්.
ඉතින් ඒ වගේ රටකට කෘතිම බුද්ධිය එහෙමත් නැත්නම් ඒ අයි තාක්ෂණය වගේ වර්තමාන ලෝකයේ සිදුවන දැවැන්තම තාක්ෂණික විප්ලවයකට මැදි වීමට සිදු වීම ප්‍රබල බලපෑමක් එල්ල කරනවා.
මෙමගින් මෙරට ආර්ථිකයේ සහ රැකියා වෙළඳපොළේ සුවිශේෂී වෙනස්කම් රැසක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
විශේෂයෙන්ම මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සහ දත්ත විශ්ලේෂණය වැනි ක්ෂේත්‍රවල නව රැකියා අවස්ථා බිහිවනවා.
නමුත් සාම්ප්‍රදායික ලිපිකරු සහ පාරිභෝගික සේවා වැනි රැකියා අහිමි වීමේ අවදානමක්ද පවතිනවා.
අධ්‍යාපන ක්ෂේත්‍රය දෙස බැලීමේදී සිසුන්ට තමන්ට ගැලපෙන වේගයකින් ඉගෙන ගැනීමටත් ගුරුවරුන්ට තම ඉගැන්වීම් කටයුතු වඩාත් ක්‍රමවත් කර ගැනීමටත් මෙමගින් හැකියාව ලැබෙනු ඇති විස්වාස කෙරෙනවා.
එමෙන්ම කෘෂිකර්මාන්තය වැනි ලංකාවට වැදගත් අංශවලදී අස්වැන්න වැඩි කර ගැනීමටත් වගා ලෙඩ රෝග කලින් හඳුනා ගැනීමටත් ඒ අයි තාක්ෂණය භාවිත කිරීමට හැකි වනු ඇති.
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රෝග විනිශ්චය කටයුතු වඩාත් නිවැරදිව සිදු කිරීමට වෛද්‍යවරුන්ට මෙමගින් සහාය ලබා ගත හැකියි.
කෙසේ වෙතත් ලංකාව තුළ මෙම තාක්ෂණය ක්‍රියාත්මක කිරීමේදී අභියෝග කිහිපයකට මුහුණ දීමට සිදු වනවා.
නගරය සහ ගම අතර පවතින තාක්ෂණික පහසුකම්වල පරතරය මෙන්ම දත්ත රහස්‍යභාවය සම්බන්ධයෙන් පවතින නීතිමය ගැටලු ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා.
එමෙන්ම සිංහල සහ දෙමළ වැනි දේශීය භාෂාවලින් මෙම තාක්ෂණය තවදුරටත් දියුණු වීමත් අත්‍යවශ්‍ය සාධකයක්.
කෙසේ වෙතත් ලංකාව මෙම නවීන තාක්ෂණය නිවැරදිව වැළඳගෙන රටේ මානව සම්පත ඒ සඳහා පුහුණු කළහොත් අනාගත ලෝකය ජය ගැනීම අපට අපහසු කාර්යයක් නොවනු ඇති.
AI කොතරම් දක්ෂ වුවද එයට ද සීමාවන් පවතිනවා.
මනුෂ්‍යයන් සතු සහකම්පනය, සදාචාරාත්මක තීරණ ගැනීමේ හැකියාව සහ කිසිදු දත්තයක් නොමැති අවස්ථාවකදී සහජ බුද්ධියෙන් තීරණ ගැනීම වැනි මානුෂීය ගුණාංග ආදේශ කිරීමට තාක්ෂණයට නොහැකියි.
එබැවින් අනාගතයේදී වැදගත් වන්නේ AI මඟින් මිනිසා ප්‍රතිස්ථාපනය කිරීම නොව, මිනිසා සහ AI එක්ව කටයුතු කිරීමයි.
අතීතයේදී විදුලිය සොයාගත් අවස්ථාවේ මිනිසුන් බියට පත් වුණා.
නමුත් මේ වන විට විදුලිය අපට නැතුවම බැරි දෙයක් වෙලා ඉවරයි.
ඉතින් ඒ වගේම අනාගතයේදී AI තාක්ෂණය ද අපගේ ජීවිතයේ සාමාන්‍ය අංගයක් වනු ඇති.
අනාගත ලෝකය ජය ගැනීම සඳහා AI සාක්ෂරතාවය හෙවත් මෙම තාක්ෂණය සමඟ වැඩ කිරීමේ හැකියාව ප්‍රගුණ කිරීම සෑම පුද්ගලයෙකුටම අත්‍යවශ්‍ය කාරණයක් වෙන්න පුළුවන්.
Post Views: 2
Previous Post

රජය හරි පීල්ලේ යන නිසා හැමෝටම සිද්ධ වෙනවා හරි පීල්ලට එන්න

Next Post

පේදුරුතුඩුවෙන් විශේෂ නීතියක්

Editor TTV News

Editor TTV News

Next Post
පේදුරුතුඩුවෙන් විශේෂ නීතියක්

පේදුරුතුඩුවෙන් විශේෂ නීතියක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ  ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

24 March 2026
දශක පහකට පසු මිනිසා  යළිත් සඳ බලා Artemis II ඓතිහාසික  මෙහෙයුම ඇරඹේ

දශක පහකට පසු මිනිසා යළිත් සඳ බලා Artemis II ඓතිහාසික මෙහෙයුම ඇරඹේ

24 March 2026

Recent News

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ  ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

ඇමෙරිකා-ඉරාන යුද අර්බුදයේ ප්‍රධාන මැදිහත්කරු ලෙස පාකිස්ථානය කරළියට

24 March 2026
දශක පහකට පසු මිනිසා  යළිත් සඳ බලා Artemis II ඓතිහාසික  මෙහෙයුම ඇරඹේ

දශක පහකට පසු මිනිසා යළිත් සඳ බලා Artemis II ඓතිහාසික මෙහෙයුම ඇරඹේ

24 March 2026
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

හෙට දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි

24 March 2026
මහියංගනය මූලික රෝහල  සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

මහියංගනය මූලික රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශය යටතට පහසුකම් සංවර්ධනයට මග විවෘත වෙයි

24 March 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved