• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කුහක විප්ලවවාදීන් අධ්‍යාපනය නවීකරණය කරන්න දෙන්නේ නෑ – විපක්ෂනායක සජිත්

4 March 2024
in දේශීය, පුවත්
ජනපතිගේ වහලුන් මාර්ගගත ආරක්ෂාව සම්බන්ධ පනත් කෙටුම්පත විනාශ කරලා – විපක්ෂ නායක සජිත්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

පාසල් ගිනිතියපු විප්ලවවාදීන් තමන්ගේ දූදරුවන්ට වඩා රටේ දරුවන් ඉදිරියට පැමිණේය කියන බිය නිසා අධ්‍යාපනයේ නවීකරණයක් සිදු කිරීමට ඉඩ නොදෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 118 වැනි අදියර යටතේ අද මොණරාගල බුත්තල ගෝණගංආර කනිටු විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමරයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ රටේ පාසල් ගිනිතියපු යුගයක් තිබූ බවත් ඒ සඳහා භීෂණය නිර්මාණය කළ කණ්ඩායම් පාසල් දරුවන්ගේ දෙමාපියන් පවා උපයෝගී කර ගෙන පාසල් ගිනිතියපු නිසා පාසල්වල ‘මේ මගේ දරුවාගේ පාසලයි මෙය සුරැකීම අපේ යුතුකමයි’ යනුවෙන් ලියා තැබීමට සිදුවූ බවත් මේ දේවල් අමතක නොකළ යුතු බවත් පාසල් ගොඩනගනවා වෙනුවට පාසල් ගිනිතියපු, විනාශ කළ කාලයක් තිබූ බවත් හෙතෙම පැවසීය.

එදා පාසල් ගිනිතියන්න බැරි වූ නිසා වර්තමානයේ පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරිමට ඉඩ නොදෙන බවත් මේ ආකාරයෙන් ගියොත් 41 ලක්ෂයක් පාසල් දූදරුවන් පවා විනාශ වන බවත් පාසල් ගිනිතියපු විප්ලවවාදීන් තමන්ගේ දූදරුවන්ට වඩා රටේ දරුවන් ඉදිරියට පැමිණේය කියන බිය නිසා අධ්‍යාපනයේ නවීකරණයක් සිදු කිරීමට ඉඩ නොදෙන බවත් එදා පාසල් ගිනි තියපු පුද්ගලයන් සහ අද අධ්‍යාපනය නවීකරණය කරන්න විරුද්ධවන කණ්ඩායම දෙකක් නොව එකක් බවත් ඔවුන්ගේ දරුවන් ඉගෙනුම ලබන්නේ පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල්, පෞද්ගලික විශ්වවිද්‍යාවල බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සයිටම් එකට විරුද්ධ වූ විප්ලවවාදියකුගේ දරුවකු පසුගිය දිනක පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් ගෙන ඇති අයුරු දැකගත හැකි වූ බවත් එය සතුටට කරුණක් මෙන්ම එක්තරා අතකින් දුකට කරුණක් බවත් රටේ සෑම පුරවැසියකුගේම දරුවන්ට එවැනි පෞද්ගලික අධ්‍යාපනයක් ලැබිය හැකි ද කියා ගැටලුවක් පවතින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පවතින නිදහස් අධ්‍යාපනයට හානි නොවන ආකාරයට වෙනත් අධ්‍යාපන පද්ධතියක් නිර්මාණය වනවාට මෙම කුහක විප්ලවවාදීන් විරුද්ධ බවත් තමා කිසිදු ආකාරයකට පෞද්ගලික අධ්‍යාපනය ශක්තිමත් නොකරන නමුත් නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරමින් අපේ රටේ දූදරුවන් වෙනුවෙන් අනෙකුත් අධ්‍යාපන අවස්ථාද ශක්තිමත් කළ යුතු බවත් මේ අතර බෙදීමක් නොතිබිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රජය රටේ ඩිජිටල් පරිවර්තනාත්මක යුගයක් බිහි කරනවා කිව්වත් රටේ පාසල්වල 40000ක ගුරු හිඟයක් පවතින බවත් රටේ සමහර පාසල්වල එකදු පරිගණකයක් හෝ නොමැති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටේ පාසල්වලට පරිගණක ලබා දෙන්න රජයට බැරි වුවත් මැතිඇමතිවරුන්ට හොරා කන්න ඉඩ ලබා දී ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවූ හොරකම් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අවස්ථාවේ එම හොරුන් වෙනුවෙන් 113 දෙනකු පෙනී සිටි බවත් 225ම එකයි යනු සම්පූර්න බොරුවක් බවත් දූෂණය රකින්න නම් 113ක් පෙනී සිටි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 83ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4042ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 118ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 1180ක් වැය කර තිබේ.

Post Views: 11,439
Previous Post

බැසිල් කවුද? … එදා රටින් පනින්න බැරිව හිටියා.. හෙට එනවාලු පාර්ලිමේන්තුව විසුරුවන්න ..- අනුර දිසානායක

Next Post

වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව බිමල් කියයි

editor ttvnews

editor ttvnews

Next Post
වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව බිමල් කියයි

වත්මන් ආණ්ඩුව රටේ අලුත් දුෂ්ඨ දේශපාලන කලාවක් ක්‍රියාත්මක කරමින් සිටින බව බිමල් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

20 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

අදත් තද වැසි

20 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025

Recent News

දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

20 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

අදත් තද වැසි

20 May 2025
ළමුන් 30ක් රැගත් බස් රථයක් අනතුරකට ලක් වෙයි

මාරක රිය අනතුරු වලින් ජීවිතක්ෂයට පත් වුණු පුද්ගලයන් 1007 ක්

19 May 2025
රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

රනිල්ට දෙහි කැපූ ටිල්වින්ට හෙනයක්

19 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

දරුවන් ආරක්ෂා කර ගන්න – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

20 May 2025
ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

අදත් තද වැසි

20 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved