• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි ..හැමදාම වැඩ කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි – ඇමැති ප්‍රසන්න

5 February 2024
in දේශීය, පුවත්
“කඳුකර දශකය” දිස්ත්‍රික්ක 10 ක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා – ඇමති ප්‍රසන්න
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට තමන් කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) කටාන සහ දිවුලපිටිය හිටපු පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡාවකට එක්වෙමිණි. ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙය කැඳවා තිබූ අතර ඇමතිවරයාගේ උඩුගම්පල කාර්යාලයේදී එය පැවැත්විණි.

තමන් පක්ෂය කැඩීමට සූදානම් වන බවටත්, රාජපක්ෂලාට විරුද්ධ බවටත් ඇතැමුන් කරන චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව හෙතෙම පැවසයි.

එහිදී වැඩිදුරටත් අදහස් පල කල අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා “මම දන්න තරමින් අපේ පක්ෂය ජනාධිපතිවරණ අපේක්ෂකයක් ඉදිරිපත් කරන්න තවම තීරණය කරලා නෑ. ධම්මික පෙරේරා ජනාධිපතිවරණ අපේ අපේක්ෂකයෙක් විදියට තවම නම් කරලා නෑ. ඒ බව බැසිල් රාජපක්ෂ හා පක්ෂ මහලේකම්වරයා මට පැවසුවා. මම විශ්වාස කරන විදියට ඉස්සෙල්ලා එන්නේ ජනාධිපතිවරණයක්. ඒ ව⁣ගේම මම පුද්ගලිකව විශ්වාස කරනවා මේ වෙලාවේ ජාතික අපේක්ෂකයා විදියට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතුයි කියලා. අවුරුදු දෙකකට කලින් රට තිබුණ තැනයි අද රට තියෙන තැනයි සංසන්ඳනය කරලා බලන්න. අපි අද රටක් විදියට ඉතාම හොඳ තැනක ඉන්නවා. මේ අර්බුද ටික සම්පූර්ණයෙන්ම විසඳන්න වත්මන් ජනාධිපතිවරයාට යම් කාලයක් දිය යුතු බව රටේ ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙනවා. 2015දි මෛත්‍රීපාල සිරිසේන මහතාට මිනිස්සු ඡන්දය දුන්නේ යහපාලනය ගේන්න. 2019 මිනිස්සු ගෝඨාභය රාජපක්ෂ දිනෙව්වේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න. මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ගන්න ඕන ආර්ථික අර්බුදය ජයගන්නයි. මම ජනාධිපතිතුමා ගැන කතා කරන කොට සමහරු කියනවා මම පොහොට්ටුව කඩාගෙන යන්න හදනවා කියලා. රාජපක්ෂලට විරැද්ධ වෙනවා කියලා. තව සමහරු කියනවා ප්‍රසන්න රනිල්ගේ ගොට්ටෙක් වෙලා කියලා. මොකද මම හැමදාම දේශපාලනය කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි. අනිත් අය කයිවාරු ගැහුව්වා. නමුත් අභියෝගය භාර අරගෙන වැඩක් කරලා පෙන්නුවේ වත්මන් ජනාධිපතිවරයා විතරයි. ඒ නිසා ජනාධිපතිවරයා නැවත ඉදිරිපත් වෙනවා නම් අපි පක්ෂයක් ලෙස එතුමාට උදවු කරන්න ඕන. මොකද මේ වෙලාවේ වෙන විකල්පයක් නෑ. මම පක්ෂයට මේ යෝජනාව කරන්නේ රට ගැන හිතලයි. රට ගැන හිතනවා නම් අපි මේ වෙලාවේ ගන්න ඕනේ හොඳම තීන්දුව රනිල් වික්‍රමසිංහ මහතා ජාතික අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමයි. ඒක පක්ෂය දෙකඩ කිරීමක්වත් රනිල්ට ගොට්ට ඇල්ලීමක්වත් නොවෙයි. රාජපක්ෂලාට විරුද්ධ වීමකුත් නෙමෙයි. ඒ වගේම රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දෙනකොට අපි පක්ෂයක් ලෙස ශක්තිමත් වෙන්න ඕනේ. එතකොටයි අපිට පක්ෂයේ තැන රැක ගන්න පුළුවන්. ඒ සඳහා පක්ෂය ගම් මට්ටමින් ශක්තිමත් කරන්න ඕනේ. මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණේ රාජපක්ෂලා නිසා නෙවෙයි. නමුත් එහෙම මතයක් රටේ හදනවා. මේ කඩා වැටීමට රට පාලනය කළ සියදෙනා අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. ජනතා විමුක්ති පෙරමුණත් වගකිව යුතුයි. ඔවුනුත් අඩුවැඩි වශයෙන් මේ රටේ පාලනයට විවිධ අවස්ථාවලදී සම්බන්ධ වෙලා තියෙනවා. අරගලකරුවන්ට බයේ රටක් පාලනය කරන්න බැහැ. ජනතා විමුක්ති පෙරමුණට ගමේ බලයක් නැහැ. ඇත්ත ඒකයි. ජනතා විමුක්ති පෙරමුණ පහුගිය ජනාධිපතිවරණයේදී ගත්තේ ඡන්ද ලක්ෂ පහයි. ඒක සියයට සියයෙන් වැඩි කළත් දිනන්න බැහැ යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 719
Previous Post

බොරු සෝබනකාරයින්ට තවදුරටත් ඇන්දවෙන්න නම් එපා – විපක්ෂ නායක සජිත්

Next Post

මේ පාලකයෝ පරද්දලා අපේ ආණ්ඩුවක් හදනවා – ටිල්වින් සිල්වා

editor ttvnews

editor ttvnews

Next Post
මේ පාලකයෝ පරද්දලා අපේ ආණ්ඩුවක් හදනවා – ටිල්වින් සිල්වා

මේ පාලකයෝ පරද්දලා අපේ ආණ්ඩුවක් හදනවා - ටිල්වින් සිල්වා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved