පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය හා ආශ්රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තාවකාලිකව ඉවත් වන බව දැනුම් දෙයි.
ඒ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට සිදු කර ඇති පහර දීම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවස්ථාව සලසා දෙමින් එය අවසන් වන තෙක් තම මෙසේ ධුරයෙන් ඉවත් වන බවයි.
රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නැයි ජනාධිපතිවරයා විසින්ද අරුන්දික ප්‍රනාන්දු මහතාට දැනුම් දී ඇති බව වාර්තා වේ.