• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් නිසා හැමෝම සුරක්ෂිතයි කියලා මට විශ්වාසයි – මන්ත්‍රී වජිර

22 April 2024
in දේශීය, පුවත්
රනිල් නිසා හැමෝම සුරක්ෂිතයි කියලා මට විශ්වාසයි – මන්ත්‍රී වජිර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිසා ජාතියත් ඔබත් රටත් සුරක්ෂිත බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සහල් බෙදාදීමේ 2024 ජාතික වැඩසටහනට සමගාමීව ඊයේ (21) ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැති සහල් බෙදාදීමේ උත්සවයේදීයි.

ශ්‍රී ලංකාව පාලනය කරන්නේ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා නම් රටත්, ඔබත් සියයට සියයක් සුරක්ෂිත බව හෙතෙම පැවසිය.

එසේම රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට පාලනය කරන අවස්ථාවලදී ශ්‍රී ලංකාවේ ජීවත් වන දෙකේටි විසි ලක්ෂයක් වන ජනතාවගෙන් එක පුද්ගලයෙකු හෝ බඩගින්නේ නොතබන බවද අබේවර්ධන මහතා අවධාරණය කළේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා “ මේ ඉන්න හැම අම්මා තාත්තා කෙනෙක්ම හිතන්නෙපා තමන් කිසිදෙයක් දන්නෙ නෑ කියලා, හිතන්නෙපා තමන්ට කිසිදෙයක් තේරෙන්නෙ නෑ කියලා. හිතන්නෙපා අපි දුප්පත් කියලා. හිතන්නෙපා අපිට ඕවා වැඩක් නෑ කියලා. ඔබ ගැන හිතලා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ක්‍රියාදාමය දියත් කරන්නේ. අද අපි ඉන්න මේ භූමියේ මීට වසර එක හමාරකට පමණ පෙර අරගල භුමියක්. එක පැත්තකින් අරගල භූමිය. එක පැත්තකින් ගෑස් පෝලිම, වම් අත පැත්තේ තෙල් පිරවුම්හලට බවුසරයක් ආවම අත්පොළසන් දෙන සමාජය. දැන් අපේ පුරවැසියන්, අපේ අම්මලා තාත්තලා හිතනවා අපිට ඕවා ඕනත් නෑ. අපිට කන්න තිබුණොත් ඇති. අපේ ළමයට පාසල් යන්න පොත් ටික තිබුණොත් ඇති. අපේ ගේ හදාගන්න අපේ පැළට සල්ලි ටිකක් ලැබුණොත් ඇති කියලා. එහෙම හිතලා තමයි ඔබ හිතෙන් වැටිලා තිබෙන්නෙ. දැන් මෙතනින් එහාට ඒ අයට එහෙම කරන්න බැහැ. මෙතනින් එහාටත් ඔබ ඒ දේම හිතුවොත් ඔබත් ඉවරයි, මමත් ඉවරයි. මේ මාධ්‍යවේදීනුත් ඉවරයි, අපි ඔක්කොම ඉවරයි. අපේ ගරුතර මහා සංඝරත්නය වැඩම කළා. ඔබවහන්සේත් ඉවරයි. මේක තමයි සත්‍යය. ඔබවහන්සේට දානෙ නැතිවෙයි. අපිට කන්න නැතිවෙයි. පන්සල්, ආගමික සිද්ධස්ථාන කඩාගෙන වැටෙයි. ඒ නිසා තවදුරටත් ඒ වැරැද්ද කරන්න එපා. ඔබ මට කිව්වෙ ගෙදර යන්න කියලා. මට ඒක ප්‍රශ්නයක් නැහැ. මම ගෙදර ගියා සතුටින්. අපේ රටේ මහජනතාව රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් ගෙදර යන්න කිව්වා. අපිට ඒක ගැටලුවක් නැහැ. නමුත් මම දැනගෙන හිටියා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගිය පාර වෙනස් කළොත් මේ රට කඩාගෙන වැටෙනවා කියලා. නමුත් ඔබ ඒක දැනගෙන හිටියේ නැහැ. මං දැන් දවස් කිහිපයකට උඩ දී ඉන්දියාවේ හිටියා. බලන්න අපේ අල්ලපු රට. ඉස්සර අපි ගාල්ලෙ ඉස්කෝලෙ යනකොට, මං හිටියෙ සර්කියුලර් පාරේ. ඒ පාරේ අපි සෙල්ලම් කරනකොට අපේ අම්මලා අපිව ගේ ඇතුළට යවන්න කියන්නේ, ඔන්න කල්ලතෝනි එනවා, ගේ ඇතුළට දුවන්න කියලා. ඒ කියන්නේ එදා අපිව පාරට යන එක නවත්වන්න අපිව බය කළේ ඉන්දියාවේ ජීවත් වෙන්න බැරිව මුහුදෙන් පැනලා එන මිනිස්සු පෙන්නලා.

නමුත් අද බලන්න කල්ලතෝනි ඉන්නෙ කොහේද කියලා. අපි එහෙම කිව්ව කල්ලතෝනිලා අද හඳට යනවා, අපි අපායට යනවා. ඉතින් ඒ නිසා අපි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. බලන්න අපේ අල්ලපු රටේ පාලකයා. මේ දවස්වල ඡන්දය. මට මතක විදියට කෝටි 450 ක් කාන්තාවෝ, කෝටි 490 ක් පිරිමි ඡන්දය දෙනවා. දැන් ඒ රට පාලනය කරන්නෙ කවුද ? මෝදි කියන අගමැතිවරයා. බලන්න අල්ලපු රට මාලදිවයින. දැන් ඔබ හිතයි අපිට ඕවා වැඩක් නෑ. අපිට ඕනෙ කන්න. එහෙම හිතුවොත් ජාතියක් හැටියට වරදිනවා. දැන් මෙතැනින් එහාට අපිට බෙදෙන්න බැහැ. අපිට ඔක්කොම ඕන. පක්ෂ සේරම ඕන. කවුරුවත් අත්හැරලා මේ රට දියුණු කරන්න බැහැ. අපිට මේ රටේ තිබෙන සෑම දේශපාලන පක්ෂයක්ම ඕන. ජනතා විමුක්ති පෙරමුණත් ඕන. එයාලත් මේ රට පාලනය කළා. කෘෂිකර්ම ඇමතිකම කළා. කර්මාන්ත ඇමතිකම කළා. ගාල්ලෙ හිටිය ධීවර ඇමතිතුමා චන්ද්‍රසේන මහත්තයා. මගේ මිත්‍රයා. දැන් ඒ කාලේ ඒගොල්ලන් ගත්ත ණයත් මේ රූපෙ ඉන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙවනවා මේ දවස්වල. ඒගොල්ලන් ලෝක බැංකුවෙන් ණය ගත්තා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ගත්තා, ටික කාලයක් පාලනය කළා. ගාල්ලෙ බෙන්තර පාලම ලඟ ඉඳලා ගොවියාපානට කිලෝමීටර 67 යි. ධීවර කර්මාන්තයේ මොනවද වුණේ කියලා හිතන්න ඕන. ඒගොල්ලන්ට පුළුවන් දේ කළා.

දැන් අපි කාටවත් චෝදනා කරලා වැඩක් නැහැ. අරයා හොඳ නැහැ. මෙයා හොඳ නැහැ. අරයා කරපු වැරද්ද නිසා ඕක වුණේ කියලා දැන් වැඩක් නැහැ. බලන්න අපේ වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහත්තයා කාටවත් චෝදනා කරන්නෙ නැහැනේ. හැමෝම කරපු වැරදි එතුමා බාරගන්නවා. බාරගෙන නිවැරදි කරනවා. මට එක සහතිකයක් ඔබට දෙන්න පුලුවන්. ඔබ කැමති නම් බාර ගනී. නැත්තම් අමාරුවේ වැටේවි. ඒ සහතිකය තමයි පාලකයා රනිල් නම් ශ්‍රී ලංකාවේ දෙකෝටි විසි ලක්ෂයෙන් එක පුරවැසියෙක්වත් බඩගින්නෙ ඉන්නෙ නැහැ කියන සහතිකය මට බය නැතුව දෙන්න පුළුවන්. ඒක වරදින්නෙ නැහැ. බලන්න ලෝකෙ යුද්ධ පටන්ගෙන. ලෝකෙ බලවත් වෙලා. ගහගන්නවා. එතකොට අපේ රට පාලනය කරන්න පුළුවන් නායකයෙක් රටට අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මහත්තයට දැන් පක්ෂයක් නැහැ. එතුමා UNP ත් නෙමේ, ශ්‍රී ලංකාත් නෙමේ, පොහොට්ටුවෙත් නෙමේ, JVP ත් නෙමේ. එතුමා නිර්පාක්ෂිකයි. ජාතියට බාරකරුවෙක් ඕන. ඔයගොල්ලො පරිස්සමින් ඒක නොකළොත් දැනට අවුරුදු දෙකකට උඩදී ඔබ ගෑස් ලොරියක් දැක්කම අත්පොළසන් දීපු සමාජයට ඊටත් වඩා භයානක විදියට ඔබට මුහුණ දෙන්න සිදුවෙයි. දැන් මේක වෙනස් කරගන්න ඕන. දැන් පසුගිය කාලයේ සංචාරකයෝ එනවා. මේ බංකොලොත් කියන්නෙ ඉවරයිනේ. එතකොට කවුරුවත් එන්නෙ. ඒක හරියට ගමේ කුසුමවාතී අක්කා කඩෙන් බඩු ගන්නවා වගේ. කඩෙන් බඩු ගත්තම තුණ්ඩුවේ බිල වැඩි වුණාම කුසුමාවතී අක්කා යන්නෙ නෑ ඒ කඩේට. හැබැයි එහෙම කියලා ජීවිතේ නැති කරගන්නෙ නෑ, ඒ පාරෙන් යන්නෙත් නෑ, වෙන පාරක් හොයාගෙන වෙන කඩේකට ගිහින් බඩු ගන්නවා. පොඩි කතාවක් කියලා ණයට බඩු ගන්නවා. දැන් අර කඩේට පොල්ල. ටික දවසක් ගියාට පස්සෙ ආපහු අලුත් කඩේට පොල්ල, පරණ කඩේට එනවා ආපහු. ඇවිත් කියනවා මුදලාලි දන්නෙ නැද්ද, පසුගිය දවස් වල අපේ මහත්තයා ලෙඩ වෙලා හිටියෙ සල්ලි තිබුණෙ නෑ කියලා. ඒ පාර ඒ කඩෙන් බඩු ගන්නවා. ලෝකෙ පාලනයත් එහෙමයි. ලංකාවේ පාලනයත් එහෙමයි. බැංකු වලින් ණය අරන් තියෙනවා, ගෙව්වෙ නැති වුණාම කියනවා දෙන්නෙ නෑ කියලා. දෙන්නෙ නෑ කියලා අපි අන්තිමේ තැනකට වැටුණා රට බංකොලොත්. එතකොට මුළු රටම ඉවරයි. ලෝකෙ කවුරුවත් ණය දෙන්නෙ නෑ.

දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ අවස්ථාවේදී මොකද කළේ? එතුමා ලෝකෙට කතා කළා, ලෝක බැංකුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ආසියානු සංවර්ධන බැංකුවට, ජයිකා ආයතනයට ලෝකෙ ණය දෙන ආයතන වලට කිව්වා, “මේ කලබල නැතුව ඉන්න, මම සල්ලි දෙන්නම් 2028 න් පස්සෙ කියලා.” ඒ විතරක් නෙමෙයි ණය ගෙවන විදිහත් එතුමා කිව්වා. ලංකාවට සංචාරකයෝ ලක්ෂ 50 ක් ගෙන්වනවා කිව්වා. ආදායම මෙච්චරයි, ඒ ආදායමෙන් අපි ණය ගෙවනවා කිව්වා. ලෝකෙ එතුමාව විශ්වාස කළා. ඒකයි මම කියන්නේ එතුමා ආසියාවේ ඉන්න මහා බලසම්පන්න නායකයෙක්. අපේ අල්ලපු රටේ ඉන්න මෝදි අගමැතිතුමාට වැඩිය දේශපාලන වශයෙන් ජේෂ්ටයි. ඒක මම කිව්වම මං දකිනවා ෆේස්බුක් එකෙන් මට ගහනවා. ඒකට කමක් නෑ. අද ශ්‍රී ලංකාව පාලනය කරන නායකයාට ගළපන්න පුළුවන් නායකයෙක් ඇමරිකාවෙවත්, එංඟලන්තයෙවත්, රුසියාවෙවත්, ලෝකයේ කොහේවත් නෑ කියලා මං ඔබට මතක් කරන්න කැමතියි. ඇයි පුටින් ඊට වඩා ඉහළද ? පුටින් පාලනයට එන්නෙ 1999 දී. මෙතුමා ඒ ඔක්කොටම වැඩිය ඉතාම ඉහළ ලෝකයේ ඉන්න මහා බලසම්පන්න කාටවත් යටත් නොවෙන නායකයෙක්. රට වැටෙනකොට අපේ වාසනාවට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතිරි වෙලා හිටියා. හිටපු නායකයෝ ඔක්කොම ඝාතනය කළා. මං පාර්ලිමේන්තුවේ කිව්වා, ඒ ඝාතනවල මූලාශ්‍ර සොයාගෙන නැහැ කියලා. ඩී.එස්. සේනානායක මහත්තයා, අකල් මරණයක්. බලපිටියේ ඉපදුණු සී.පී. ද සිල්වා මහත්තයට වස දුන්නා කියනවා. ටික කාලෙකට පසුව මිය ගියා. බණ්ඩාරනායක මැතිණිය 1971 දී බැලුවා අත්අඩංඟුවට අරන් ඝාතනය කරන්න. ඒක කරන්න ඉඳපු අය දැන් ලංකාවේ ඉහළ පැලන්තියේ ව්‍යාපාරිකයෝ. එතුමිය බේරුනා. පසුව 1977 දී ජේ.ආර්.ජයවර්ධන මහත්තයට බෝම්බ ගැහුවේ මේ ගාල්ලෙ දී නෙමේ. පාර්ලිමේන්තුව ඇතුලේ දී. ගැහුවේ මැරෙන්නෙ, මැරුණේ දෙනියායේ කීර්ති අබේවික්‍රම මහත්තයා. ලලිත් ඇතුලත්මුදලි මහතත්යා මාස 3 ක් ඉස්පිරිතාලේ. බලන්නකො ඔක්කොම ඉවරයි. කවුරුවත් නෑ. දැන් බලන්න ඊට පස්සෙ මහින්ද මහත්තයව මරා ගන්න සෑහෙන උත්සාහ කළා. දැන් සමහර අය කියනවා මහින්ද මහත්තයාට ඇයි බුලට් පෘෆ් දෙන්නෙ කියලා. එකක් නෙමෙයි එතුමාට බුලට් පෘෆ් 2 ක් දෙන්න ඕන. ඇයි ඕන මරලා කනත්තට දාන්නද ? එහෙම කරන්න බෑ රටේ ජාතික නායකයන්ට. මෛත්‍රීපාල සිරිසේන මහත්තයාව තුන් පාරක් ඝාතනය කරන්න බැලුවා. බැරිවුණා. ගෝඨාභය මහත්තයා පිත්තල හංදියේදී යන්තම් වෙඩි නොවැදෙන වාහනයක හිටපු හන්දා බේරුණා. බලන්න ඊට පස්සෙ ප්‍රේමදාස මහත්තයා මහ පාරේ කෑලි කෑලි වලට ගියා. බලන්න ලලිත් ඇතුලත් මුදලි, බලන්න ගාමිණි දිසානායක. මට ලැයිස්තුවක් කියන්න පුලුවන්. 125 ක් මරලා තියෙනවා. එකක වත් ඝාතකයෝ හොයාගෙන නැහැ. හොයන්නත් එපා හසුවෙන්න නෑ. වෙඩික්කරු විදියට කෙනෙක් හසුවෙනවා. නමුත් ඔහු දන්නෙ නෑ කවුද වෙඩි තියන්න කිව්වේ කියලා.

ඒ නිසා බොහොම පරිස්සමින් මේ ගැන හිතලා වැඩ කරන්න ඕන. මේ දිස්ත්‍රික්කයේ ඉපදුණු ෆොන්සේකා මහත්තයා බඩවැල් ටික අතේ අරන් යන්තම් බේරුණා. විජේවීරත් ඉවරයි, විජේකුමාරතුංගත් ඉවරයි, උමා මහේෂ්වරනුත් ඉවරයි, ප්‍රභාකරනුත් ඉවරයි. ජාතිය බෙදිලා කුඩේ කුඩු වෙලා වැනසිලා අවසන් වෙනවා. ඒ මදිවට මනාප ක්‍රමයකුත් අපි හඳුන්වලා දුන්නා. සිංහල අය සිංහල අයට ඡන්දය දුන්නා, මුස්ලිම් අය මුස්ලිම් අයට ඡන්දය දුන්නා, දෙමළ අය දෙමළ අයට ඡන්දය දුන්නා, කුල අනුවත් දුන්නා. ජාතිය සුනේ සුන්. දැන් ජාතියට නායකත්වයක් ඕන. සනාවට මරාගන්න බැරිවුණු රනිල් ජීවතුන් අතර හිටියා. දැන් එතුමාට හොඳ අත්පොළසන් නාදයක් හොඳට අත් දෙක එකතු කරලා ඉහළට ඔසවලා දෙන්න ඕන එතුමා මේ රට බේරාගත්තට. දැන් අපි බෙදුණා ඇති, වෙන්වුණා ඇති. අපිට ඔක්කොම ඕන. අපිට මේ නගරය දියුණු කරගන්න ඕන. අපිට අනාගතයක් ඕන. අපේ නගරාධිපතිතුමා, නියෝජ්‍ය නගරාධිපතිතුමා මේ ඔක්කොම එකතු වෙලා මේ නගරය දියුණු කරගන්න ඕන. නැතිනම් අපිට පසුකාලීනව කණගාටු වෙන්න වෙයි. අපි දේශපාලනය තෝරාගත්තේ මේ ගාලු දිස්ත්‍රික්කයේ ඔබට මොනවා හරි කරන්න. මට මතකයි මං 2001 රාජ්‍ය පරිපාලන ඇමති, මට මතකයි සංඝමිත්තා විද්‍යාලයට ගෙනල්ලා පෞද්ගලික අංශය අල්ලගෙන පවුල් 30,000 ට සහල් බෙදුවා. මට මතකයි නිවේදක මහත්තයා කිව්වා මේ දිස්ත්‍රික්කයේ පාසල් 430 යි, ළමයි 285,000 යි. පොතක් ගන්න අමාරු ළමයි විශාල ප්‍රමාණයක් හිටියා. මම ඇමති වුණාම 2002, 2003, 2004 වර්ෂවල ලියන පොත් නොමිලේ දුන්නා. ඒ ඔබට නැගිට්ටවන්න. මේ ගාල්ල නගරය වෙනස්. නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මහත්තයා මේ ගාල්ල නගරයේ පළවෙනි රාජ්‍ය මන්ත්‍රණසභා මන්ත්‍රීවරයා. එතැනින් පසුව දහනායක මහයත්තයා. දහනායක මහත්තයගෙන් අවුරුදු 50 කට පස්සෙ මම.

මේවා ගැන කල්පනාවෙන් මේ අම්මලා තාත්තලා වැඩ කරන්න ඕන. බෙදෙන්න එපා. සියලු පක්ෂ ඕන. ලංකාවේ දේශපාලන පක්ෂ 86 ක් තියෙනවා. විලි ලජ්ජයි. මේවා හිටගෙන ඉන්නෙ ලෝකයේ විවිධ තැන්වල. හරි පරිස්සම් වෙන්න ඕන. ඉන්දියාවේ බලන්නකෝ ජනගහණය කෝටි 1000 යි පක්ෂ කීයද කියලා. ලෝකයේ කිසිම රටක නැහැ මෙහෙම බෙදීමක්. අපි බැනගන්න හොඳ නෑ,, අපි වෙන්වෙන්න හොඳ නෑ. අපි ඔක්කොමලා එකතු වෙන්න ඕන. අපි සේරගෙම හයිය ආවම ශ්‍රී ලංකාව ආසියාවෙත් ලෝකයෙත් ඔසවලා තබන්න පුලුවන් කියලා මං ඔබට මතක් කරන්න කැමතියි.
විශේෂයෙන් කඩවත්සතර ප්‍රාදේශීය ලේකම් තුමා, සහකාර ප්‍රාදේශීය ලේකම් තුමා ඇතුළු නිළධාරී මණ්ඩලය මේ වැඩේ සංවිධානය කළා. ගාල්ලෙ ව්‍යාපාරික ප්‍රජවාට මම දුරකතන පණිවුඩ කිහිපයයි දුන්නෙ. ඉතින් අපේ රාසික් මන්ත්‍රීතුමා ඇතුළු ව්‍යාපාරික ප්‍රජාවට බොහොම ස්තූතියි. තාමත් මම කිව්වොත් ගාල්ලෙ ව්‍යාපාරික මහත්වරුන්ට මේ වගේ උත්සව 22 ක් තියන්න කියලා එහෙම ඉදිරිපත් වෙන පිරිස් ඉන්නවා. මට මතකයි මං කිව්වා පාර්ලිමේන්තුව වහලා තනි රනිල්ට මේ රට බාරදෙන්න කියලා. මට බැන්නා ඒකට. මං ඇත්තමයි කිව්වෙ. දැනුත් ඇත්තමයි කියන්නෙ. රනිල් නම් ශ්‍රී ලංකාවේ පාලකයා රටත් සුරක්ෂිතයි, ඔබත් සුරක්ෂිතයි කියලා මං ඔබට මතක් කරන්න කැමතියි. ඒ හඬට අපි ඔක්කොම එකතු වෙන්නෙ. මෙපමණයි මං ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නෙ. මං දන්නවා ඔබට ගොඩක් අමාරුයි. ඔබ කඩවල්වලට ණය වෙලා නොමැරී බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ. ඔබේ ගානටම ලංකාවත් වැටුණා. ලංකාව ලෝකයේ කොහේවත් යන්න බැරි විදියට හැංඟුනා. ලෝකයේ කිසිම රටක් උදව් නොකරන තැනට පත්වුණා. ණය ගන්න බය වෙන්න එපා. ලෝකයේ මහා ව්‍යාපරිකයෝ බිහිවෙලා තියෙන්නෙ ණය අරගෙන. ණය ගන්න ඕන, ණය ගෙවන්න ඕන. ගෙවන්න බැරිනම් ඇත්ත කියලා කපා හරින්න ඕන. ඒකට බයවෙන්න හොඳ නෑ. හදිසියේ ගංවතුරක් ආවොත්, කුණාටුවක් ආවොත්, ව්‍යාපාරය කඩන් වැටුණොත් ලෝකෙට ගිහින් කියන්න ඕන, තද වැස්සක් ආවා, වගාව ඔක්කොම ඉවරයි, අපිට දීපු සල්ලි කපා හරින්න කියලා. ඒ මිනිස්සු කපා හරිනවා. බැංකුව කරන්නෙත් ඒක. ගමේ කුසුමාවතී අක්කා, පියදාස අයියා කරන්නෙත් ඒක. ඒකම තමයි ආණ්ඩුව කරන්නෙත්, වෙනස් නෑ. මං ඔබට සුබ පතනවා මේ අලුත් අවුරුද්දේ, නැවත ලබන මාසයේදීත් මේක ක්‍රියාත්මක වෙනවා. මට නම් කිසිම සැකයක් නෑ රනිල් වික්‍රමසිංහ මැතිතුමා නිසා ජාතියත් ඔබත් රටත් සුරක්ෂිත යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,966
Previous Post

පාස්කු ත්‍රස්තයන් එක්ක අපිට ඩීල් නැහැ – විපක්ෂනායක සජිත්

Next Post

ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම් සිදු නොකල ජේෂ්ඨ නිළධාරීන්ට වැඩ වරදි – ඇමැති ටිරාන්

editor ttvnews

editor ttvnews

Next Post
අප ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර කරන්නේ නැහැ – ඇමැති ටිරාන්

ප්‍රජා පොලිස් කමිටු පිහිටුවීම් සිදු නොකල ජේෂ්ඨ නිළධාරීන්ට වැඩ වරදි - ඇමැති ටිරාන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025

Recent News

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

“WhatsApp” අයින් කරන්න – ඉරාන වැසියන්ට නිවේදනයක්

18 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

18 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

ලබන 30 වෙනිදා සිට විශේෂ සතියක් ලෙස ප්‍රකාශයට

19 June 2025
අද වහින ප්‍රදේශ මෙන්න

අද වහින ප්‍රදේශ මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved