• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මුට්ටිය දාලා බලන්න ඕන

17 July 2018
in දේශීය

ෆැසිස්ට්වාදය කොච්චර දුරට සාර්ථක වෙයිද කියලා මුට්ටියදාලා බලන කාලයක බව ශ‍්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි.  ආචාර්යවරිය මේ බව පැවසුවේ පසුගියදා ජාතික විද්වත් කතිකාව සංවිධානය කළ සම්මන්ත්‍රණයක් අමතමින්.

එහිදි ඇය කියා සිටියේ “අපිව භය කරන, අපිට තර්ජනය කරන හතුරෙක් මවන්න ඕන බව එක සාධකයක්. අපිට වඩා වෙනස් ජාතීන් හතුරන් බව ඒත්තු ගන්වලයි ඒතුළින් ඇතිවෙන භයත් එක්ක මිනිසුන්ගේ ක‍්‍රෑරත්වය අවධි කරන්නේ. දෙවෙනි කාරණය ක‍්‍රෑරත්වයට මිනිස්සු පුරුදු කරවීම. ඇමෙරිකාවේ ට‍්‍රම්ප්ගේ නියෝග යටතේ කුඩා දරුවන් දෙමව්පියන්ගෙන් වෙන්කර තැබීම ලිපියෙන් අරන් තිබුණු උදාහරණයක්. කතුවරයා කියන්නේ ඒක පොඩි ට‍්‍රයල් එකක් කියලයි. මිනිස්සු මේක භාරගන්නවා ද? ප‍්‍රතික්ෂේප කරනවාද කියලා බලන්න කළා කියලයි ඔහු කියන්නේ. මෙහෙත් වෙන්නේ ඒවාගේ දේවල් තමයි. ට‍්‍රයි කරලා බලනවා. මරණ දඩුවම කි‍්‍රයාත්මක කරනවා කියපු එකට මිනිසුන්ගෙන් මොනවගේ ප‍්‍රතිචාරයක්ද එන්නේ කියල බලනවා. ක‍්‍ර‍්‍රෑරත්වය පුරුදු කිරීම මේ වගේ ක‍්‍රමවලිනුත් අත්හදා බලනවා.

ෆැසිස්ට්වාදය ගෙනයන්න ලොකු පිරිසක් අවශ්‍ය නොවන බව. සියයට තිහක් හතළියක් හිටියහම ඇති, මේ ආටිකල් එක ලංකාව ගැන නොවුනාට කියවන කොට මට ලංකාවමයි මතක් වුණේ. මේ සියයට තිහ-හතළිහ ඉතාමත්ම ඝෝෂාකාරී, හයියෙන්ම කෑ ගහන පිරිසක් කියලා ඔහු කියනවා. ඒ තුළින් ෆැසිස්ට්වාදී පණිවුඩය ප‍්‍රබලව ගෙනියන්න පුළුවන් කියලා විස්තර කරනවා. කලකිරුණු, ක‍්‍රෑරත්වය භාරගන්න කැමති සමාජයක් ඉබේම ඇති වෙන්නේ නැහැ. ඒක ක‍්‍රමානුකූලව බිහිවෙන්නේ. ට‍්‍රම්ප් ආවා කියලා ක‍්‍රෑරත්වය එකපාරම එන්නේ නැහැ. මේක කාලයක් තිස්සේ ක‍්‍රමානුකූලව සකස් වෙමින් යන දෙයක්. ඒකෙ ප‍්‍රතිඵලය තමයි, ට‍්‍රම්ප් වගේ අයගේ පැමිණීම. අපේ රටේ ඉදිරියට ඒමට උත්සාහ කරන අයත් ඒ ප‍්‍රතිඵලයක්. මේවගේ සමාජ තත්වයක් පිළිගන්න තැනකට සමාජයක් පත්වෙන්නේ කොහොමද? කියන එක ගැන කල්පනා කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි.

මේ ආර්ථික විද්‍යාවෙන් අපිට වැඩක් වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ වෙනස් විදිහේ ආර්ථිකයක්” කියලා බය නැතිව අභියෝගයට ලක් කල යුතුයි. සියලූ ප‍්‍රශ්නවලට උත්තර ආර්ථික වර්ධනය කියන තර්කයෙන් අපි ඈත්විය යුතුයි. පරිසර හිතකාමී, සමානාත්මතාවය, සහ වෙනස්කම්වලට ගරු කරන, පුද්ගල අනන්‍යතාවයන් ගැන හැඟීමක් තියෙන අතරම සාමූහිකත්වය අගය කරන පොදුදේ ගැන සංවේදී මිනිසුන් අවශ්‍යයි. පොදු යහපත වෙනුවෙන් වැඩක් කරන්න ඕනෑ කියන හැඟීමක් තියෙන මිනිසුන් ආර්ථික වර්ධන වේගයකින් හදන්න බැහැ. ඒනිසා මේ සාකච්ඡාව තුළින් වෙනස් විදිහේ ටිකක් සැර අභියෝගයක් දෙන්න පුළුවන් යැයි කියලා මම බලාපොරොත්තු වෙනවා.

මම මේ කියන දේ සිහිනයක් වෙන්න පුළුවන්. ”දැන් අපි ණය වෙලා. මේව කරන්නේ කොහොමද?” කියල අපිට චෝදනාවක් එන්න පුළුවන්. නමුත් ”අපිට කරන්න පුළුවන්.” කියල හිතා ගත්තොත් කරන්න බැරිදේකුත් නැහැ.” අපේ රටට නැත්තෙත් සිහිනය. ඒ නිසා අපිට සිහිනයක් අවශ්‍යයි. සාමූහිකත්වය ගැන, කාරුණික, පුද්ගලත්වයට එහා ගිය සිහිනයක් ගොඩනඟන්න මේ කතිකාව තුළින් බලාපොරොත්තු වෙයි කියලා මම හිතනවා. යැයි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 36
Previous Post

ඉතිරි කාලයේදීත් උපරීම කල යුතු දේ කරගන්නවා

Next Post

අපනයන බෝග වැඩි කරන්න උපරීම සහාය

editor

editor

Next Post

අපනයන බෝග වැඩි කරන්න උපරීම සහාය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved