• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනතාවට සහන දෙන්න කිසිවිටකත් පැකිලෙන්නේ නෑ – අගමැති කියයි

16 July 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

විදුලි බිල් සහනය සඳහා රජයේ දරන පාඩුව රුපියල් බිලියන තුනක් වුවත් ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව කිසිවිටෙකත් නොපැකිලෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා අද (16) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රීක්කයේ රුවන්වැල්ල යටියන්තොට, දැරණියගල ප්‍රදේශ වල පැවති හමුවක් අමතමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ” මේ මැතිවරණය වෙනකොට අපි ජනාධිපතිවරණය හැට නම ලක්ෂයකින් ජයග්‍රහණය කරලා ජනාධිපතිවරයෙක් පත් කරගෙන ඉන්න අවස්ථාවයි. අවුරුදු හතරහමාරක් යනකන් ආණ්ඩුව විසුරුවන්න බැහැ කියලා 19 වෙනි සංශෝධනයේ සඳහන් වුණා. 19 ගැටලු නිසා මැතිවරණය කල් ගියා වගේම කොරෝනා වසන්ගතය නිසාත් මැතිවරණය කල් ගියා. 19 වැනි සංශෝධනයේ වෙනස්කම් කරන්න අවශ්‍යයි.

අවුරුදු තිහක් තිබුණ යුද්ධය අපි අවසන් කළා. රටේ සංවර්ධනයට රජයම යොමු වුණා. අධිවේගී මාර්ගය, කාපට් මාර්ග, කොන්ක්‍රීට් පාරවල්, ගමේ සංවර්ධනය, පාසල් ගොඩනැගිලි, ඉස්පිරිතාල වගේ හැම අංශයක්ම සංවර්ධනයේ පෙරළියක් ඇති කළා. රටම පොදුවේ තමයි අපි සංවර්ධනය කළේ. උතුරු නැගෙනහිර කියලා වෙන් කළේ නැහැ. අලුත් ජලාශ, වාරිමාර්ග ක්‍රම ඇති කළා.

2015 දී අපි පරාජයට පත්වුණා. අවුරුදු පහක් පහුගිය කාලයේ රට ආපස්සට ගමනක් ගියා. ජනාධිපති සිරිසේන එක පක්ෂයක. රනිල් වික්‍රමසිංහ අගමැති එක පක්ෂයක. මේ වගේ වෙලාවට විවිධ මත වාද ඇති වෙන එක ස්වභාවිකයි. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වෙනම දර්ශනයක් සහිතව මතවාදයක් වෙනුවෙන් වැඩකළා. රනිල්ට වෙනම දේශපාලනයක් තිබුණා. ප්‍රේමදාසට වෙනස්ම දේශපාලනයක් තිබුණා. අද අපි එක පෙරමුණකට ඇවිල්ල ජනතාවගේ සම්පත් ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ පොරොන්දු ඉටුකරන්න පුළුවන් අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක්, ආණ්ඩුවක්, පාර්ලිමේන්තුවක් පත් කර ගැනීම මේ වෙලාවේ අත්‍යවශ්‍ය දෙයක්.

කොරෝනා එක්ක රටේම වැඩ නතර වුණා. මිනිස්සුන්ට ගෙවල් වල ඉන්න වුණා. ඒ නිසාම බරපතල විදියට සමාජයේ කටයුතු බිඳ වැටුණා. අද වෙනකොට රුපියල් පන්දහක් ගෙවපු ලයිට් බිල රුපියල් නම දහක් ගෙවන්න සමහර පුද්ගලයින්ට සිද්ධ වෙලා තියෙනවා. දැන් අපි මේ විදුලි බිලට සහනයක් දෙන්න තීරණය කළා. ඒ සහනයට අනුව පෙබරවාරි බිල මේ මාස වලටත් ගෙවන්න කැබිනට් තීන්දුවක් ගත්තා. මුලින් යෝජනා වුණේ සියයට 25 ක සහනයක් දෙන්නයි. නමුත් අපි හිතුවා ඊට වඩා හොඳ සහනයක් පෙබරවාරි බිල ගෙවන එකෙන් ඔබට ලැබෙයි කියලා. මේකෙන් විශාල මුදලක් ජනතාවට ඉතුරු වෙනවා.

ඒ වගේම මේ සහනය සලසන්න අපිට රුපියල් බිලියන තුනකට වඩා පාඩුවක් දරන්න වෙනවා. ඒ වගේම රජයට කොයිතරම් පාඩුවක් දරන්න සිද්ධ වුණත් ජනතාවගේ අවශ්‍යතා ඉටු කරන්න අපි පසුබට වෙන්නෙත් නෑ. නතර වූ වැඩ කොටස් ආරම්භ කරන්න රටේ ප්‍රශ්න විසඳන්න ජනතාව අපිට බලය ලබාදෙයි කියලා අපි හිතනවා.

අධිවේගී මාර්ග තවදුරටත් ඉදි කරන්න අපි කටයුතු කරනවා. නුවර, දඹුල්ල, රත්නපුර අධිවේගී මාර්ග ඉදි කරන්න දැනටමත් පියවර ගනිමින් තිබෙනවා. මේ අධිවේගී මාර්ග වල ඉදිකිරීම් පිටරට සමාගම් වලට දෙන්නෙ නැහැ. ලංකාවේ සමාගම් වලට ලංකාවේ කොන්ත්‍රාත්කරුවන්ට ඉදිකිරීම් භාර දෙන්න ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා. අපේ සල්ලි පිටරට දෙනවට වඩා හොඳයි අපේ ව්‍යාපාර, අපේ කොන්ත්‍රාත්කරුවන්, අපේ ඉදිකිරීම් අංශය ශක්තිමත් කරන එක.

රටක් දියුණු කරන්න නම් මහා මාර්ග, කෘෂිකර්මාන්තය, කර්මාන්ත දියුණු කරන්න අවශ්‍යයි. එහෙම නම් ඒකට යටිතල පහසුකම් ඕනේ. මහා මාර්ග. ජලය, විදුලිය. දුරකථන අතවශ්‍යයි. අපි ගුවන් තොටුපොළක් මත්තල හැදුවා. හම්බන්තොට වරායක් හැදුවා. ඒත් අද ඒක විකුණලා. විකුණන එක ප්‍රතිපත්තියක් වුනහම ඔබේ දරුවාට අනාගතයේදී මොනවත් ඉතුරු වෙන්නේ නැහැ. අනාගත දරු පරපුරට අයිති දේපල අවුරුදු පහකට ආපු ආණ්ඩුවක් විකුණලා දැම්මා කිව්වම කොහොමද? අවුරුදු අනූනවයෙ දෙකකට වරාය වික්කම සදහටම වික්කා වගේ තමයි. අවුරුදු අනූ නවයක් ඉස්සරහට ඉපදෙන්න ඉන්න දරුවාට අයිති දේපල විකුණන එක ප්‍රතිපත්තිය කරගන්නා අයටද ඔබේ ඡන්දෙ දෙන්නේ එහෙම නැත්නම් ඒ සම්පත් රැක ගන්න අයටද ඡන්දෙ දෙන්නේ කියලා ඔබ තීරණය කරන්න.

Post Views: 4
Previous Post

පොදු ප්‍රවාහනය තුළ සිගා කෑම තහනම්

Next Post

Twitter ගිණුමට සයිබර් ප්‍රහාරයක් ලක්විය හැකියි – ITSSL කියයි

editor

editor

Next Post

Twitter ගිණුමට සයිබර් ප්‍රහාරයක් ලක්විය හැකියි - ITSSL කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

ප්‍රවීණ රංගන ශිල්පිණියක් අත්අඩංගුවට

11 May 2025
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

බස්රථ අනතුරින් තුවාල ලැබූවන් කොළඹට ගේන්න හෙලිකොප්ටර් යානා

11 May 2025
ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

ගැරඬිඇල්ල බස් රථ අනතුරෙන් මිය ගිය ගණන තවත් ඉහළ යයි

11 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved