• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහනට ICTA අවස්ථාව හිමිවෙයි

5 September 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) හිමි විය.

ඒ සඳහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට නියෝජනය කරමින් ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීනි චාදිකා යහම්පත් මෙනෙවිය සහභාගි වූවා ය.

සයිබර් අවකාශයේ මෙන් ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු සඳහා ගෝලීය වශයෙන් කාන්තා සහභාගිත්වය වර්ධනය කර ගැනීම මෙහි ප්‍රමුඛ අරමුණක් වේ.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරන සුහුරුලිය වැඩසටහන මඟින් මෙරට කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමට දක්වන ලද දායකත්වය ශ්‍රී ලංකාවට මෙම නියෝජනය ලබා ගැනීමේ දී ඉතා වැදගත් නිර්ණායකයක් විය.

සුහුරුලිය වැඩසටහන යටතේ මේ වන විට මෙරට ග්‍රාමීය කාන්තාවන් 17,000ක් ඍජුව සහ තවත් 175,000ක් වක්‍රව ඩිජිටල් තාක්ෂණයෙන් සවිබල ගැන්වීමට හැකි වී තිබේ. ඔවුන් කාන්තා ව්‍යවසායිකාවන් වශයෙන් මෙරට ජාතික ආර්ථීකයට පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 1.2ක මුදලක් උත්පාදනය කර දී තිබේ. සුහුරුලිය පළමු අදියරේ ලත් ඉතා ඉහළ සාර්ථකත්වය මත මේ වන විට එහි දෙවන අදියර ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.

ගෝලීය වශයෙන් කාන්තා සංවර්ධනය වෙනුවෙන් කටයුතු කරන වැඩසටහන් පිළිබඳව අධ්‍යයනයටත්, ගෝලීය පාර්ශවකරුවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමටත්, ගෝලීය කාන්තා වැඩසටහන් මෙහෙයවන පුද්ගලයින් සමඟ සම්බන්ධ වී ඔවුන්ගේ දැක්ම සහ අදහස් ලබා ගැනීමටත් මෙහි දී හැකි වූ බවත් සුහුරුලිය දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීමට මෙම වැඩසටහන ශක්තියක් වන බවත් චාදිකා යහම්පත් මෙනෙවිය පවසයි.

දෙසතියක් පුරා පැවැති මෙම වැඩසටහනේ දී වෘත්තිකයින් මෙන් ම ඒ ඒ ක්ෂේත්‍රවල විශේෂඥයින් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් සාකච්ඡා, දේශන, වැඩමුළු හා සම්මන්ත්‍රණ පවත්වන ලද අතර සයිබර් අවකාශයේ කටයුතු කිරීමේ දී ස්ත්‍රී පුරුෂ පරතරය අවම කර ගනිමින් ගෝලීය සාකච්ඡාවල දී කාන්තා අදහස්වලට වැඩි අවස්ථාවක් ලබා දීම මෙම වැඩසටහනෙහි තවත් එක් වැදගත් අරමුණක් විය.

රටවල් රැසක් නියෝජනය කරමින් ඒ ඒ රටවල සයිබර් අවකාශය මෙන් ම ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිතව කාන්තා ප්‍රජාව සවිබල ගැන්වීමට ක්‍රියාශීලීව දායකත්වය දක්වන කාන්තාවන් පනහක් පමණ මෙම සහයෝගීතා වැඩසටහනට සහභාගි වී සිටියහ.

Post Views: 1
Previous Post

පුළුල් සන්ධානයකට සජිත්ගෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයට ආරාධනා

Next Post

අලියා වගා ලිදේ පැය 20 ක් … වන ජීවී නිළධාරීන් බැකෝ හොයයි

editor

editor

Next Post
අලියා වගා ලිදේ පැය 20 ක් … වන ජීවී නිළධාරීන් බැකෝ හොයයි

අලියා වගා ලිදේ පැය 20 ක් ... වන ජීවී නිළධාරීන් බැකෝ හොයයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

අනුරාධපුරය සංචාරක පුරවරයක් ලෙස ප්‍රවර්ධනය කර සංවර්ධනය කරන්න තීරණයක්

4 July 2025
නුදුරේදීම නැවත බල හුවමාරුවක්  – රනිල්ගෙන් අනාවැකියක්

නුදුරේදීම නැවත බල හුවමාරුවක් – රනිල්ගෙන් අනාවැකියක්

4 July 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

ගෙදර දොරේ ලී වර්ගය සහ විශ්වාස

4 July 2025
වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

වෘත්තීය අධ්‍යාපනය රටේ තීරණාත්මක විෂයක් බවට පත් කිරීමට පියවර

4 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved