27 April 2024
#දේශීය

පුළුල් සන්ධානයකට සජිත්ගෙන් ශ්‍රී ලංකා මහජන පක්ෂයට ආරාධනා

සමගි ජන බලවේගයේ ඉදිරියේදී ඇති කිරීමට නියමිත පුළුල් සන්ධානයකට එක්වීමට ශ්‍රී ලංකා මහජන පක්ෂයට ආරාධනා කර ඇති බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසයි.

මහලේකම්වරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ සමගි ජන බලවේගය ඉදිරියේදී ගොඩනගනු ලබන පුළුල් දේශපාලන සන්ධානය සඳහා සහාය ලබා ගැනීමේ අරමුණෙන් පවත්වනු ලබන විපක්ෂයෙ දේශපාලන පක්ෂ සමග කරනු ලබන සාකච්ඡා මාලාවේ තවත් සාකච්ඡාවක් ඊයෙ (04) සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වු බවයි.

එම සාකච්ඡාවට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා ඇතුළු එම පක්ෂය නියෝජිත පිරිසක් සහභාගී වී තිබේ.

එහිදී රටේ පවතින දේශපාලන තත්වය සහ රට මුහුණ දී ඇති අභියෝග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කළ අතර අනාගතයේ විපක්ෂයේ පුළුල් දේශපාලන සන්ධානයක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති බව මහලේකම්වරයා නිකුත් කල නිවේදනයේ සඳහන් කර ඇත.

පුළුල් සන්ධානයක් ගොඩ නැගීම සඳහා සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණ අනුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සමඟ ඉදිරියටත් සාකච්ඡා කරන බව පෙන්වා දුන් විපක්ෂ නායකවරයා එවැනි පුළුල් සන්ධානයකට එක්වීමට ශ්‍රී ලංකා මහජන පක්ෂයට ආරාධනාවක් කල බව සමගි ජන බලවේගය මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *