• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ සුදුස්සන් හඳුනා ගැනීම මාර්තු 31න් අවසන් – සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය

2 March 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කරනු ලැබේ.

නියමිත දිනට පෙර දත්ත ලබා දීමට අපොහොසත් වන අයදුම්කරුවන්ට ප්‍රතිලාභ අහිමි වීමේ අවදානමක් ඇති විය හැකි බව ද සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරයි.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු සඳහා යොදවා සිටින ක්ෂේත්‍ර නිලධාරීන් වෙත කඩිනමින් නිවැරදි දත්ත ලබා දීමට කටයුතු කරන ලෙස සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සියලු අයදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටියි.

2002 අංක 24 දරණ සුබසාධක ප්‍රතිලාභ පනතේ විධි විධාන යටතේ 2022 ඔක්තෝබර් මස 20 දිනැතිව අංක 2302/23 දරණ අති විශේෂ ගැසට් පත්‍රය මඟින් පළ කරනු ලැබූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද 2022 අංක 1 දරණ සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ නියෝග සංශෝධනය කරමින් පැනවූ 2022 දෙසැම්බර් 15 දිනැති අංක 2310/30 දරණ අති විශේෂ ගැසට් පත්‍රය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් තෝරා ගැනීමට අයදුම් පත් කැඳවීමේ ක්‍රියාවලිය දැනටමත් අවසන් කර ඇත. ඒ අනුව ‍ලැබී ඇති අයදුම්පත් සංඛ්‍යාව 37,28139කි.

මේ අතරින් ඊයේ (01) දින වන විට නිවැරදි දත්ත ලබා දී තිබෙන්නේ අයදුම්කරුවන් 102,143 ක් පමණි.

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් සඳහා සුදුස්සන් හඳුනා ගැනීමේ වැඩසටහනෙහි තොරතුරු සමීක්ෂණය සඳහා දත්ත රැස් කිරීමේ ක්‍රියාවලියට දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය වන ආකාරයට නිලධාරීන් 6728 ක් යොදවා ඇත. සංවර්ධන නිලධාරීන් 3190, ආර්ථික සංවර්ධන නිලධාරීන් 494ක්, ග්‍රාම නිලධාරීන් 205ක්, වෙනත් නිලධාරීන් 1127ක් සහ තාවකාලිකව බඳවා ගත් 1712 දෙනකු ඊට ඇතුළත්ය.

අදාළ නිලධාරීන් වෙත නිවැරදි තොරතුරු ලබා දීමට අයදුම්කරුවන් කටයුතු කළ යුතු අතර එහිදී අනන්‍යතාව තහවුරු කිරීම සඳහා ජාතික හැඳුනුම්පත හෝ මැතිවරණ ලේඛනයේ ලියාපදිංචි අංකය හෝ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නිකුත් කරනු ලබන ලිපිය ඉදිරිපත් කළ යුතුය.

එසේම වකුගඩු රෝගී සහ ආබාධිත පුද්ගලයින්ගේ සායන සහ වෛද්‍ය වාර්තා, ජල හා විදුලි බිල්පත් ද ඉදිරිපත් කිරීමට හැකියාව පවතී.

“ඇත්තම කියමු- ඇත්තම අයට ප්‍රතිලාභ ලබා දෙමු” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන දත්ත ලබා ගැනීමේ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසු නිවැරදි දත්ත ලබා දුන් බවට වූ ප්‍රකාශයට අත්සන් තැබිය යුතු අතර සෑම නිවසකටම QR කේතයක් ලබා දීම ද සිදු කෙරේ. මෙම QR කේතය භාවිතා කර තමා ලබා දුන් දත්තවල සාරාංශය නිරීක්ෂණයට ද අවස්ථාව සලසා ඇත.

 

Post Views: 12
Previous Post

රත්නප්‍රියගේ හැසිරීම හිරිකිතයි – රවි කුමුදේශ්

Next Post

පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට වැඩදායී පුරවැසියන් කල යුතුයි – ඇමැති සුසිල්

editor

editor

Next Post

පාසල් අධ්‍යාපනයෙන් අතරමග නතර වන දරුවන් රටට වැඩදායී පුරවැසියන් කල යුතුයි - ඇමැති සුසිල්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
හදිසියේම  ගණන් ගිය දේ

හදිසියේම ගණන් ගිය දේ

8 June 2025
අදත් දයාසිරි CID යට

අදත් දයාසිරි CID යට

6 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

ප්‍රශ්න ගත බහාලුම්වල තිබූ දේවල් ගැන හෙළිවෙයි

8 June 2025
රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

රට තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 1200ක්

8 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved