27 April 2024
#දේශීය

රත්නප්‍රියගේ හැසිරීම හිරිකිතයි – රවි කුමුදේශ්

රටපුරා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් යද්දී වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් සමන් රත්නප්‍රියගේ හැසිරීම හිරිකිත බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි‍.

ඒ මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ වෘත්තීය සමිති අධ්‍යක්ෂක ජනරාල් තනතුරක් තියෙන්නේ වෘත්තීය සමිති වලට තියන ප්‍රශ්ණ හඳුනා ගන්නා තනතුරක් බවයි.

එසේම වර්ජන, උද්ඝෝෂණ ඇතිවෙන්න ඉඩ නොදී ඒවා බේරුම්කරණය කල යුතු නමුත් අවාසනාවකට ලංකාවේ අපේ බදු මුදලින් පඩි ගෙවලා නඩත්තු කරන ජනරාල් කරන්නේ වෘත්තීය සමිති වර්ජන වලට උසි ගන්වන එක බව හෙතෙම පැවසිය.

වෘත්තීය සමිති කියලා කියා ගන්න අහල පහල් යාළුවෝ මාළුවෝ ටිකක් ගෙනල්ලා ජනාධිපතිව රවට්ටන එක සිදු කරන බවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග එක දවසින් ත්‍රීව කරලා අඛණ්ඩ වර්ජනයකට යන්න තරම් අපිට මොලේ අමාරුවක් නොමැති බව කුමුදේශ් මහතා අනාවරණ කලේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *