• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජනපති රනිල්ට සහයෝගය දුන්නොත් මේ රට දියුණු රාජ්‍යයක් වෙනවා – මන්ත්‍රී වජිර

18 December 2023
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළීවෙලට අපි සියලුදෙනාම සහයෝගය ලබාදුන්නොත් මේ රට ලෝකය ඉදිරියේ දියුණු රාජ්‍යයක් බවට පත් වන බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසු‌වේ දකුණු පළාත් සභාවේ රුහුණු සංචාරක මණ්ඩලය විසින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යාංශය, දකුණු පළාත් නගරසභාව හා හික්කඩුව දිස්ත්‍රික් ලේකම් සංවිධානය සමඟ එක්ව හික්කඩුව මුහුදු තීරයේදී සංවිධානය කරනු ලැබූ” හික්කා ෆෙස්ට් – 2023″ සමාරම්භක අවස්ථාව සඳහා පසුගිය 16 වනදා පස්වරුවේ සහභාගි වු අවස්ථාවේදිය.

එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා “ පක්ෂ, පාට භේද නොබලා අපි ඉදිරියට යමු. සියලුදෙනාම රට ලෝකය හමුවේ ඉදිරියට ගෙනියන්න කැප වෙමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළීවෙලට අපි සියලුදෙනාම සහයෝගය ලබාදුන්නොත් මේ රට ලෝකය ඉදිරියේ දියුණු රාජ්‍යයක් බවට පත්වේවී. කරුණු කිහිපයක් උඩ අවුරුදු තුනක් පුරාවට ලංකාවේ සංචාරක ව්‍යාපාරය කඩා වැටිලයි තිබුණේ. එකක් කෝවිඩ් වසංගතය, අනෙක් එක තමයි ලෝකයේ ඇතිවුණු ආර්ථික පෙරලිය නිසා ලංකාවට ඇතිවුණු ආර්ථික පීඩනය. වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමිසංහ මැතිතුමා මේ රට බාර ගත්තේ කවුරුවත් බාර නොගන්නා අවස්ථාවකයි. 1978 සිට අපේ රට විධායක ජනාධිපතිවරුන් විසින් පාලනය කළා. ඒ සෑම ජනාධිපති කෙනෙක්ම අවුරුදු 10 ක් 9ක් එහෙමත් නැතිනම් අවුරුදු 5 ක් ආදී වශයෙන් මේ රට පාලනය කළා. නමුත් වර්තමාන ජනාධිපතිතුමා මේ රටේ වගකීම බාර ගත්තේ වෙනස් ආකාරයකටයි. කිසි කෙනෙක් ඒ වගකීම බාර නොගත් නිසා එතුමා එය බාර ගත්තා. ඒ බාරගෙන මේ දෙසැම්බර් 13 වෙනිදා ලංකාව වැටී තිබුණු බංකොලොත් භාවයෙන් නිදහස් කළා. දැන් අපේ ණයවර ලිපි ලෝකයේ පිළිගන්නවා. ජනාධිපතිතුමා කියලා තිබෙනවා සංචාරකයින් ලක්ෂ 50 ක් එනවනම් අපිට තිබෙන විදේශ ණය ගෙවලා ඉවර කරන්න පුලුවන් කියලා. ඒ නිසා මේ අවස්ථාවේදී අපි ඉතා කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා. අපි සියලුදෙනාම මේ වුණු දේට වගකිව යුතුව තිබෙනවා. කිසිම කෙනෙක්ට මෙයින් පැනලා යන්න බැහැ. ලංකාවේ දේශපාලනය තුළ උද්ඝෝෂණ ව්‍යාපාර සඳහා සහභාගී නොවූ කිසි කෙනෙක් හොයා ගන්න ලැබෙන්නේ නැහැ. එම උද්ඝෝෂණ නිසා රටට වුණු පාඩුව ගණන් හදලා බැලුවොත් ඩොලර් බිලියන ගණනක්. ඒ කියන්නේ මේ සා විශාල මුදල් ප්‍රමාණයක් විනාශ කරලා තිබෙනවා. මේ අද අපි ඉන්න හික්කඩුවේ නම් ස්ටේෂන් දෙකක්ම ගිනි තියලා පුච්චලා දාලා තිබුණා. මම 2001 වර්ශයේදී ඇමතිධූරය බාරගත්තායින් පසුව ඒ ස්ටේෂන් දෙකම හදලා දුන්නා. දැන් මේ දේවල් ලංකාව දියුණු කරන්න බලාපොරොත්තු වෙනවානම් නැවැත්විය යුතුව තිබෙනවා. මෙතන ඉන්නවා ඉන්දීය කොමසාරිස් ජෙනරාල්තුමා, අපේ රට වැටුණු වෙලේ ඔවුන් අපිට ගොඩක් උදව් කළා. අවසානේදී අපි නැව් වලින් ආධාර වශයෙන් කෑම ගෙනත් කන ජාතියක් බවට පත්වුණා. අපි එහෙම සිටිය යුතු ජාතියක් නොවෙයි. ඒ නිසායි මම කියන්නේ අපි තවදුරටත් බෙදුණොත් වැනසෙයි. අපි එකතු වුණොත් දියුණු වෙයි. බොළඳ කතාවලින් මින් ඉදිරියට කාටවත් මේ රට පාලනය කරන්න බැහැ. කවුරුහරි බොළඳ කතා කියලා මොනවා හරි කළොත් නැවත වරක් රට වැටෙයි. එහි වගකීමත් ඒ කණ්ඩායම බාර ගත යුතුයි. අපේ පිට පටවන්න එපා. මේ දිස්ත්‍රික්කයේ විතරක් නෙමෙයි. සමස්ථ රටේම මහජනතාව මේ ගැන කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා. බොහොම අමාරවෙන් අපි මේ රට දැන් යම් තැනකට ගෙනත් තිබෙනවා. තවමත් මහජනයාට තිබෙන ප්‍රශ්න අවසන් වෙලා නැහැ. ඒ ප්‍රශ්න සියල්ල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අවසන් කරනවා. ඒ ගැන මට කිසිම සැකයක් නැහැ. මම දන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලයිට් බිලත් අඩු කරලා, ටැක්ස් එකත් අඩු කරලා, ජනතාවගේ ආදායම් තත්ත්වයත් වැඩි කරලා මේ රට ඉස්සරහට අරන් යනවා. ඒ නිසා තමයි මීට අවුරුදු කිහිපයකට කලින් මම කිව්වේ පාර්ලිමේන්තුව වහලා දාලා තනි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට රට බාරදෙන්න කියලා කිව්වේ. විශාල විශ්වාසයක් ඇතිවයි මම ඒ දේ ප්‍රකාශ කළේ. මෙහෙම කිව්වම සමහර අය මට බැන්නා. ඒකට කමක් නෑ. නමුත් මම කිව්වේ සත්‍ය. අපි ඇති කුළල් කා ගත්තා. අපි දැන් ඇති විනාශ වුණා. නිදහස ලබාගත් දා ඉදන් සිටි සෑම නායකයෙක්ම අකල් මරණවලට ගොදුරු වෙලා තිබෙනවා. දීර්ඝ කාලීනව ආයුශ විඳපු කිසි කෙනෙක් නැහැ. ඩී. එස්. සේනානායක මහත්තයා අශ්වයා පිටින් වැටෙන්නේ. බණ්ඩාරනායක මහත්තයට වස දුන්නා කියනවා. ඒක බලපිටියේ සී.පී. ද සිල්වා මහ්තමයා බිව්වා කියනවා. මම මේ කියන්නේ පොත් පත්වල සඳහන් වෙලා තිබෙන දේවල්. ඩඩ්ලි සේනානායක මහත්මයා අකල් මරණයක්. ජේ. ආර්. ජයවර්ධන මහත්මයා අවුරුදු 6 ක් රට පාලනය කරනකොට එතුමාට බෝම්බයක් ගහනවා පාර්ලිමේන්තුව ඇතුලෙදී. එතුමා කෙසේ හෝ බේරෙනවා. ඇතුලත් මුදලි මහත්මයා තුවාල ලබනවා. දකුණේ හිටපු කීර්තී අබේවික්‍රම මහත්මයා මියැදෙනවා. ඒ තමයි අපේ කුළල් කා ගැනීම්වල ප්‍රතිඵල. මහින්ද මහත්මයටත් බොහෝ අවස්ථාවල මේ තර්ජන තිබුණා. නමුත් ආරක්ෂක අංශ විසින් ඒවා පාලනය කළා. සිරිසේන මහත්මයා නිසා වෙනත් අය මියැදුණා. ඝෝඨාභය මහත්මයටත් පිත්තල හන්දියේදී ප්‍රහාරයක් එල්ල කළා. ෆොන්සේකා මහත්මයටත් දරුණු ප්‍රහාරයක් එල්ල කළා. අශ්රෝෆ් මහත්මයට උඩු ගුවනේදී මියැදුණා. චන්ද්‍රිකා නෝනට ටවුන් හෝල් එකේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළා. ඒ ප්‍රහාරයෙන් එතුමියට ඇහැක් අහිමි වුණා. ප්‍රේමදාස මහත්තයට මහ පාරේදී ප්‍රහාරයක් එල්ල කරලා ඝාතනය කළා. ලලිතුත් මහා පාරේ, ගාමිණි මහත්මයත් මහ පාරේදී ඝාතනය කළා. සිංහල, දෙමළ නායකයෝ සියලුදෙනාම මේ විදියට අකාලායේ මිය ගොස් තිබෙනවා. මම මේක පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ කළා. ඉතින් මේ දේවල් අපේ රටේ මහජනයා තේරුම් ගත යුතුව තිබෙනවා. එසේ නොමැති නම් අපිට දියුණු ජාතියක් බවට පත්වෙන එක අමාරු වෙයි. රට බංකොලොත් වෙනකොට අපේ වාසනාවකට ලෝකය පිළිගත් නායකයෙක් අපේ රටේ ඉතිරි වෙලා හිටියා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතුමා අද ලෝකයේ නායකයින් අතර ඉන්න ප්‍රබල නායකයෙක්. ඒ නිසා එතුමා මුළු ලෝකයම අල්ලගෙන ලංකාව ඉදිරියට ගෙන යමින් තිබෙනවා. ඒ නිසා එතුමාට කවුරුවත් බාධා කරන්න යන්න එපා. තම තමන්ගේ වෙනස් කම් තියාගෙන සියලුදෙනාම එක ජාතික ප්‍රතිපත්තියක ගියොත් අපේ රට දියුණු වෙයි. නමුත් එතුමාගේ වැඩ පිළිවෙලට බාධා කරමින් උද්ඝෝෂණ කලොත් ඒවා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය කළාම අපේ රටට විදේශිකයෝ එන එක නැවත වරක් නතර වේවී. නැවත වරක් රට කඩාගෙන වැටේවී. ඒ නිසා මේ උද්ඝෝෂණ පාලනය කරන්න ඕන පොලීසිය නෙමෙයි. ඔබතුමන්ලා ගිහින් තමයි කියන්නේ ඕනේ මේ දේ කරන්න එපා කියලා. ඔබතුමන්ලා උද්ඝෝෂණ කළොත් අපේ අදායම් තත්ත්වය කඩා වැටේවී. අපේ රැකියා නැති වෙයි. එහෙම උනොත් අපේ දරුවන්ට බඩගින්නේ ඉන්න වේවී කියලා. මොකද අපිට වෙනත් පාරක් නැහැ රට ඉදිරියට ගෙනියන්න. වෙන පාරක් තිබුණා නම් තනි ආසනයේ රනිල් වික්‍රමසිංහ මහත්මයට ජනාධිපති වෙන්න බැහැ. වෙන පාරක් නැහැ. තිබෙන එකම පාරේ තමයි අපි මේ යන්නේ. මින් ඉදිරියට දේශපාලන පක්ෂවලට බොරු කියන්න බැරි කරලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 26, 27, 28 තමයි ඔයගොල්ලන්ට ආදායම් හොයන වගන්ති ලියලා තිබෙන්නේ. ඒ නිසා මහජනයා මේ ගැන තේරුම් ගත යුතුයි. මහජනයා හරියට මෙය තේරුම් නොගෙන අපිට දොස් කියන්න එපා. ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි ගොඩක් ලඟින් තිබෙන්නේ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 37 වෙනි වගන්තිය අනුව තමයි අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තිය ලියලා තිබෙන්නේ. මහජනයාගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරන වගන්තිය. මේ ගැන හොඳ අවබෝධයක් ඇතිව අපි ඉස්සරහට යා යුතුව තිබෙනවා. එහෙම ගියොත් මේ රටේ තරුණ තරුණියන්ට හොඳ අනාගතයක් ලැබේවී. ඉන්දියාව ලෝක බලවතෙක් වුණේ ඉන්දියාව ලොකු නිසා නෙමෙයි. ඉන්දියාව 1952 දී ලෝක සභාව අමතලා නේරු අගමැතිවරයා කියනවා මම අද මගේ අයවැයෙන් සියයට 12.5 ක් අයින් කරනවා රිසරච් ඇන්ඩ් ඩිවලොප්මන්ට් වෙනුවෙන්. මේ නිසා ඉන්දායව මෝටර් සයිකල් හැදුවා, ත්‍රීවිල් හැදුවා, කාර් හැදුවා, බස් හැදුවා, ලොරි හැදුවා, නැව් හැදුවා, ගුවන් යානා හැදුවා, න්‍යශ්ටික අවි හැදුවා දැන් ඔවුන් සඳත් තරණය කළා. අපි සන්තෝස වෙන්න ඕන අපේ අසල්වැසියා බලසම්පන්නයි කියලා. ලෝකේ රටවල් දියුණු වෙන්න ලොකු කුඩා කියලා බේදයක් අවශ්‍ය වෙන්නේ නැහැ. සිංගප්පූරුව බලසම්පන්නයි. ඇයි ඒ ඒ රටවල්වල එකමුතුකම තිබෙනවා. වල්බූරු නිදහස ඒ රටවල්වල නැහැ. විනයක් ඇතිව ඒ රටවල් ඉස්සරහට යනවා. ලංකාවත් ඒ ආකාරයට ඉදිරියට ගෙන ගියොත් ඔබට අනාගතයක් තිබේවී.
එහෙනම් ඇයි අපි බෙදෙන්නේ? ඇයි අපි කුළල් කා ගන්නේ. අපිට මේ ගමන ඉස්සරහට යන්න සියලුදෙනාම ඕන. පොහොට්ටුව වෙන්න පුලුවන්, ජේවීපී වෙන්න පුලුවන්, ශ්‍රී ලංකා වෙන්න පුලුවන්, රටේ සියලු දෙනාම අපිට අවශ්‍යයයි මේ ගමන ඉස්සරහට යන්න නම්. කවුරුවත් අතහැරලා මේ ගමන යන්න බැහැ. අපේ ජනතාවට වැරදි සඨන් පාඨ ඉගැන්නුවා. දුප්පතාගේ හිතවතා දුප්පතා කිව්වා. ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. දුප්පතාගේ හිතවතා විය යුත්තේ පොහොසතා, බුද්ධිමතා, උගතා. දුප්පතාගේ හිතවතා දුප්පතා නම් අපේ රටේ මිනිස්සු අහිකුණ්ඨකයෝ වෙයි.
ඒ නිසායි මම කියන්නේ අපි සියලුදෙනාම එකතු වෙමු. පක්ෂ, පාට භේද නොබලා අපි ඉදිරියට යමු. සියලුදෙනාම රට ලෝකය හමුවේ ඉදිරියට ගෙනියන්න කැප වෙමු. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනයන වැඩපිළීවෙලට අපි සියලුදෙනාම සහයෝගය ලබාදුන්නොත් මේ රට ලෝකය ඉදිරියේ දියුණු රාජ්‍යයක් බවට පත්වේවී යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5
Previous Post

තලාව පෙර පාසල් ගොඩනැගිල්ලක ඉදි කිරීම් අතරතුරදී බිත්තියක් සහ වහලය කඩා වැටේ

Next Post

මේ උත්සව සමයට වෝග් ජුවලර්ස් සුවිශේෂී දීමනා

editor

editor

Next Post

මේ උත්සව සමයට වෝග් ජුවලර්ස් සුවිශේෂී දීමනා

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

නර්ස් කෙනෙක් වෙන්න ආස අයට හොඳ ආරංචියක්

15 July 2025
සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

සියලු කොටස් මිල දර්ශකය ඒකක 19,000 සීමාව ඉක්මවයි

15 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

වෙඩි පිට වෙඩි කා අනේක වේදනා විඳි ආඩම්බරකාර සද්ධන්තයා (video)

15 July 2025
රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

රෝගීවු ඇල්මැරුණු දිවියට ජීවය ගෙනෙන රසවත් ආහාරය ගැන ඔබ දන්නවාද ?

15 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved