27 April 2024
#ව්‍යාපාර

මේ උත්සව සමයට වෝග් ජුවලර්ස් සුවිශේෂී දීමනා

මේ එළැඹෙන්නේ ප්‍රීතියෙන් සමරන උත්සව සමයකි. වසර අවසානයේ නෑ හිත මිතුරන් සමඟ ප්‍රීති වන, එකිනෙකාට තෑගි භෝග පිරිනමන සමයකි.

අත මිට සරුවන, තමන්ටම යමක් මිලදී ගන්නා සමයකි. එවන් අවස්ථාවන් හීදී රත්තරනින් තෑගි දීමෙන්, තමන්ට ම වටිනා යමක් ලබා ගැනීමෙන් උත්සව සමය බබලවන්න ජාත්‍යන්තර තලයේ නවීනතම පන්නයේ, අනර්ඝතම ස්වර්ණාභරණ සමුදායක් ඔබට වෝග් ජුවලර්ස් පිරිනමයි.

අසමසම සේවාවක් සහ ස්වර්ණාභරණ සඳහා ජීවිත කාලය පුරා වලංගු lifetime warranty (වගකීම් සහතිකයක්) සමඟ, මුදලේ අගයට අති විශිෂ්ඨ නිර්මාණයක් ඕනෑම වෝග් ජුවලර්ස් ප්‍රදර්ශනාගාරයකින් විශ්වාසයෙන් යුතුව තෝරාගන්න. එළැඹෙන උත්සව සමය පුරා ඔබ වෙනුවෙන් ම වෝග් ජුවලර්ස් විවෘතව පවතී.

වෝග් ජුවලර්ස් වෙතින් හඳුන්වා දී ඇති නවතම වර්ණවත් ස්පෙක්ට්‍රම් කලෙක්ෂන් (Spectrum Collection) ස්වර්ණාභරණ පෙළේ මන පිනවන ආභරණ කට්ටල රැසකි. උසස් ඝනයේ විවිධ වර්ණයන්ගෙන් යුතු සෆායර් සහ දියමන්ති ඇල්ලූ ඉතා ආකර්ෂණීය රන් ආභරණ සදාකාලික වටිනාකමක් ඇති අනර්ඝ ත්‍යාගයන්‍ ය.

දෙසැම්බර් 4 වැනිදා සිට 31 වැනිදා දක්වා ඔබේ භාවිතා කරන ලද රත්තරං, නවීන පන්නයට නිමවූ රන් ආභරණ සමඟ හුවමාරු කර ගත හැක. මෙම දීමනාව අතිශයින් ම සුවිශේෂී වන්නේ ගැනුම් මිලත්, මිලදී ගන්නා මිලත් සමාන වීමයි. මෙම දීමනාව ඕනෑම වෝග් ජුවලර්ස් ප්‍රදර්ශනාගාරයකින් නවතම මෝස්තරයන්ගෙන් නිර්මාණය වූ කැරට් 22 ස්වර්ණාභරණ, රෝස් ගෝල්ඩ්, දියමන්ති ඇල්ලූ ස්වර්ණාභරණ , විවිධ වූ වටිනා මැණික් ඇල්ලූ ස්වර්ණාභරණ ඔබට ලබා ගත හැකි අනගි අවස්ථාවකි.

ඊට අමතරව තෝරා ගත් බැංකු කිහිපයක ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ් ඔස්සේ මිල දී ගන්නා ස්වර්ණාභරණ සඳහා 50% දක්වා විශේෂ වට්ටම් ද ලබා ගත හැක. මෙවර උත්සව සමයේ දී වඩාත් ආකර්ෂණය දිනාගන්නටත්, සදාතනික අගයක් ඇති තෑගි වශයෙනුත් වෝග් ජුවලර්ස් ප්‍රදර්ශනාගාරයකින් ඔබට රිසිසේ ආභරණ ලබා ගන්න.

දෙසැම්බර් 4 වැනිදා සිට 31 වැනිදා දක්වා 7 Days of Christmas with Vogue නත්තල් සතියේ ඔබ මිලදී ගන්නා ස්වර්ණාභරණ සමඟ දවස් හතට විශේෂ වූ වටිනා ත්‍යාග අවස්ථා ලබා දෙන අතර, එදිනෙදා ට අදාළ ත්‍යාග නිවේදනය කරනු ලැබේ!

සාම්ප්‍රදායානුකූල දෙසැම්බර් 31 වැනිදා සහ එළැඹෙන නව වසර සමරන ඔබට හෝ විශේෂ ත්‍යාගයක් පිරිනැමීමට දෙසැම්බර් 26 වැනිදා සිට 31 වැනිදා දක්වා ඔබ මිල දී ගන්නා සුවිශේෂී ස්වර්ණාභරණ සමඟ නොමිලේ කැරට් 22 රන් කාසියක් පිරිනැමේ!

වෝග් ජුවලර්ස් ඔබ වෙත ගෙන එන්නේ අසමසම ස්වර්ණාභරණ රැසක එකතුවකි. කැරට් 22 ටස්කර් කලෙක්ෂන්, රෝයල් මැජස්ටික් කලෙක්ෂන්, ලේස් කලෙක්ෂන් වැනි අති විශිෂ්ඨ නිර්මාණ මෙන් ම, දියමන්ති සහ මැණික් ඇල්ලූ විවිධ ආභරණත්, එදිනෙදා භාවිතයටත්, කාර්යාලයට පැළඳීමටත්, මහත්වරුන්ට සහ කුඩා ළමුන්ට සුදුසු ආභරණත්, සිහිවටන, විශිෂ්ඨතම රන් පවුම් කාසි ආදිය විශේෂ වට්ටම් සහිතව මෙම දෙසැම්බර් මාසයේ ලබා ගන්න. කොල්ලුපිටිය ප්‍රධාන ප්‍රදර්ශනාගාරයට හෝ, නුගේගොඩ, කිරිබත්ගොඩ, මහනුවර, මීගමුව හෝ කුරුණාගල පිහිටා ඇති ප්‍රදර්ශනාගාරයක් වෙත එන්න.

PR

Leave a comment

Your email address will not be published. Required fields are marked *